හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ක්‍රියාකාරිහු දෙදෙනක් බලපත්‍ර නොමැතිව බුලත්සිංහල නගරයේදී අඟහරුවාදා (15) රාත්‍රියේදී ශබ්ධ විකාශන යන්ත්‍ර මගින් ප්‍රචාරක කටයුතු කළැයි මතුගම වැඩ බලන මහේස්ත්‍රාත් චන්න බී මුණසිංහ මහතා විසින් රුපියල් පනස්දහසක් බැගින් වු ශරීර ඇප මත අද (16) මුදා හරිනු ලැබුහ.
අද පැවැත්වීමට නියමිත රැස්වීමක ප්‍රචාරක කටයුතු කළැයි ආර් එම් චමින්ද කුමාර හා ඩබ්ලිව් ජයසංඛ යන දෙදෙනා මෙසේ ඇප මත මුදා හරිනු ලැබුහ.
අත්අඩංගුවට ගත් ශබ්ද විකාශන යන්ත්‍රය හා ත්‍රිරෝද රථය ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ හොර වැඩ කරන්න යනවට... (දී)
ෆොන්සේකාගේ වැඩම තමා තියෙන්නේ ගෝලයන්ටත්..... (ස)
එතකොට චූං පාං වෑන් වලටත් දඩ ගහන්නකො..... (ස)
ඒ.පි . ඔබ රටේ නීතිය දන්නේ නැද්ද? නීතිය කඩා රැස්වීම් පවත්වන්නත් නීතියක් නැහැ (නි)
මෙම සිද්ධිය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් නොවේ.මෙම සිදුවීම් මගින් පක්ෂය මහජනයා වෙත තවදුරටත් ජනප්‍රිය කිරීමක් කර ඇත.රටේ වර්තමාන තත්ත්වය අනුව ෆොන්සේකා මහතා මීළඟට ජයග්‍රහණය කරන බව ස්ථීරයි (නි)
ඇප ලබා සිටීම සුදුසුකමක් පළාත් සභාවකට යන්න කවදාහරි, අපිට කැත වුණාට.. (නි)
සෙනවි මහත්මයා, අපේ අය පාන් වලට චුං උනාට, සමහරක්ට ෆොන්සේකා මහත්මයාගේ නම ඇහෙද්දීත් චු යනවා. ප්‍රශ්නය තියෙන්නේ එතනයි! (ස)
ඒ.පී., නැතුව නැතුව. ඔබ කියන විදිහට අනුන්ගේ ගෙවල් වලට මහා රෑ රිංගන්න වුණත් නිදහස තියෙන්න ඕනෑ, නැද්ද මං කියන්නේ? (නි)
මේ පක්ෂයට සුබ අනාගතයක් වෙවා. (අ)
රටේ ඕනෑම කෙනෙක්ට නිදහසේ ප්‍රචාරක කටයුතු කරන්න නිදහස දීලා තිබෙනවා කියන්න තව මොන සාක්කිද? (නි)
ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කිරීමට නම් එයට අදාළ පොලිස් බල ප්‍රදේශයෙන් අනුමැතිය ගත යුතුයි.මේක සාමාන්‍ය නීතියක්. මේක අද ඊයේ පනවපු නීතියක් නොවේ.ඒවා පාවිච්චි නොකළ යුතු ස්ථානත් තමන් දැනගෙන සිටිය යුතුයි. (නි)