‘‘මම වැඩ කළ රෙජිමේන්තුවේ අයමයි මෙතනත් ගොඩක් වැඩ කරන්නේ. මට ගෙදර ආවා වගේ හැඟීමක් ඇතිවුණා.” යැයි හිටපු යුද හමුදාපති හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා කොස්ලන්ද මීරියබැද්දේදී පැවසීය.
මීරියබැද්ද නාය ගිය ස්ථානය බැලීමටත් මියගිය අය වෙනුවෙන් ශෝකය පළ කිරීමටත් බේරුණු අයගේ සුවදුක් විමසීමටත් ඔහු අද දහවල් එහි පැමිණියේය.
හමුදාව කැනීම් කරන ස්ථාන කිහිපයකටම ගොස් ඔවුන්ගේ සේවය අගය කළ ෆොන්සේකා මහතා තමන්ට අතීතය සිහිපත් වූ බවද කීවේය.
හමුදාව හා සුහද කථා බහකද යෙදුණු ෆොන්සේකා මහතා අවතැන් කඳවුරුවලට ගොස් සහනාධාරද බෙදා දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කොහොම කිවුවත් ඔබයි රට බේරාගත් යුධවිරුවා (නි)
ඒත් මේ ආධාර ටික අරගෙන ඒ අසරණයින්ට දුන්නා නම් මොකද?(හේ)
අපි සැමදා ඔබ සමඟයි! (නි)
ඒ ක්‍රියාව අනුමත කරන්න බෑ.(හේ)
ඔබ තුමා රට රැක ගන්න ඉදිරිපත් වුන අබිත සෙන්පතියෙක්. නමුත් ඔබ තුමාගේ දේසපාලන සහ යම් යම් ප්‍රකාස වලට මගේ කැමැත්තක් නෑ. නමුත් වීරයෙක් විදිහට ඔබ තුමාට මගේ ලොකු ගෞරවයක් තියනවා ! (බ)
රටේ ජාතික වීරයෙක්. ජාතිය ගළවාගත් අපේ සෙන්පති ඔබයි. අපි හැමදාමත් ඔබ සමඟයි (නි)
ඔබ තුමත් ආරක්ෂක ලේකම් තුමාටත් එකතු වෙලා රට ගොඩ නගන්න දායක වෙන්න .හිත් අමනාප කම් අත් හැරලා . වෛරයෙන් වෛරය නොසන්සෛදේ අවෛරයෙන් වයිරය සන්සිදේ !(බ)
මඩ ගෑවෙයි කියල බය ඇති මෙහෙමත් නායකයෝ තමන්ගේ මිනිස්සු එ්මඩට බැහැල ඉන්න කොට මෙයා ඒකෙන් බේරෙන්න හදනවා හමුදාවෙ ඉදගෙනත් මෙයා මෙහෙම තමයි ඉන්න ඇත්තේ (බ)
ඔබ වැනි හමුදා නායකයෙක් අපේ රටේ අපිට සිටීම මහත් ආඩම්බරයක්. ඔබේ යුධ නායකත්වය අපේ රට රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමට මහත් පිටුවලක් විය.එහෙත් මුල අමතක සමහරු අද ඔබතුමාට අපහාස කරන්නේ ඔබ වැනි වීර සිංහලයෙක් මොනවද කළේ යැයි අසන්නාක් මෙනි. (නි)
මෙතුමා සම්බන්ධ කරගෙන ඉදිරියට යාමෙන් බොහෝ සාර්ථක ගමනක් යාහැකි බව මට සිතේ (නි)
ඔන්න සුනිල් ජයතිස්ස ගොබ්බම ගොබ්බ ගොං කතාවක් කිව්ව... .. යකෝ බූට් දාගෙන ආවෙ නෑ මඩේ නගින්න සහ මඩ අදින්න ආවෙ නෑ මෙතුම. අනිවා මෙයා නම් ITN බලනකෙනෙක්100% ක් ශුවර් (අ)
ජනපතිතුමා ඔතෙන්ට ආවද? (අ)
ඇත්තෙන්ම ඔබ ශ්‍රේෂ්ට නායකයෙක් අපේ යුධ හමුදාවට (අ)
ඇත්තෙන්ම ඔබ ශ්‍රේෂ්ඨ නායකයෙක් (නි)
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ හැටියට මෙවන් ගමනක් ආ එකත් බොහොම වටිනා අගය කළයුතු දෙයක් (නි)
මෙවන් මොහොතක ඔබ වැනි විරුවෙකුගේ පැමිණීම ඔවුන්ට ඉතා වටිනවා (නි)
බය නැතුව ඉදිරි පෙළ ආරක්ෂක වළල්ලේ පයින් ඇවිදගෙන ගිය ජෙනරාල්ලා කීපදෙනාගෙන් එක්කෙනෙක් තමයි මෙතුමා. මමත් එහෙ හිටි නිසා ඔය බොරුවට කෑගහන අයට වැඩිය ටිකක් විතර දන්නවා (නි)
මොනවා වුණත් හිත හොඳ මනුස්සයෙක් (නි)
මේ වෙද්දී මීරියබැද්දට දේශපාලන නායකත්ව කීයක් ආවාද? නමුත් ඒ මිනිසුන්ගේ ප්‍රශ්නයට ලැබුණු සහනය මොකක්ද? (නි)
ඔබ වගේ නායකයෙක් රටට ඕනෑ. ඔබතුමා ළඟම සිටි නිසා අපි ඔබ ගැන දන්නවා. ඔබට ජයවේවා! (නි)
රට බේරාදුන් වීර සෙන්පතිතුමාට ජයවේවා! (නි)
අනෙක් අයත් සමඟ බලද්දී මොහු ඇත්තෙන්ම ආදර්ශවත් (නි)
ඔබතුමාගේ පැමිණීම මේ ජනතාවට ලොකු අස්වැසිල්ලක් වේවි (නි)
සමහර නිලධාරීන් පක්ෂ පාට අනුව වැඩකරනවා. විපතේදී පිහිටට පාට ගාවන එක වැරදියි. (නි)
රට බේරාදුන් වීර සෙන්පතිතුමාට ජයවේවා! කුහක දේශපාලනය මෙතුමාව ජනතාවගෙන් දුරස් කිරීමට උත්සාහ දරුවත් අපි ඔබ සමගයි ජෙනරාල් සරත් පොන්සේකා. ඔබ කවදා හෝ යලිත් රට තුල අභිමානවත් වෙනු ඇත. (නදී)
මේ රට තුල ගසා කෑම් දුෂනය වංචාව හොරකම් ජඩකම් නැති කිරීමට ඔබ තුමා වැනි නායකයෙක් රට පාලනය කල යුතුය. (නදී)
සරත් ෆොන්සේකා මහතා හොඳ හමුදා නායකයෙක්. එහෙත් හමුදාවක් පාලනය කරන එක හා රටක් පාලනය කරන එක කියන්නේ දෙකක්. ඒක අපේ රටේ ජනතාව තේරුම්‍ගන්න ඕනෑ. මොකද දේශපාලකයා ඉන්නේ රටේ ආණ්ඩුව මෙහෙයවන්න. නමුත් හමුදා නායකයෝ ඉන්නේ ඒ රට ආරක්ෂා කරන්න. මෙතුමාට හැකියාවක් නැහැ හොඳ දේශපාලන නායකයෙක් වෙන්න. වීරයෙක් විදියට මෙතුමාව අගය කරන්න ඕනෑ. මේක නොතේරෙන අය ගොඩක් ඉන්නවා (නි)
ඔබ සැබවින්ම වීරයෙක් (නි)
ඔබ ඇති දක්ෂ රණකාමියක්. එහි කිසුදු සැකයක් නැත. රටට සාමය ගෙන ඒමේදී ඔබගේ දායකත්වය ඇති අතිමහත්ය. එහිද කිසිදු සැකයක් නොමැත. ඔබ ජාතික වීරයක් ලෙස සැලකීම, ඔබ මාතෘ භූමියට කළ සේවයට අනිවාර්යන් කල යුත්තකි. නමුත්, ඔබ ඉතාමත් දුර්වල දේශපාලක්නයකි.(හේ)
තම මවුරට වෙනුවෙන් සේවය කළ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
සමහරු තේරුමක් නැතුව අදහස් දැම්මාට ,බඩවැල් අතින් අරගෙන නැගිටලා රට බේරාගත් වීරයා මෙතුමායි. (නි)
ඔබතුමා ජාතියට යුතුකම ඉටුකළ විර නායකයෙකු වන නිසා එම ගරුත්වය තියාගෙන දේශපාලනය නොකරනවානම් මුලු ජාතියේ පිළිගැනිම ඔබතුමාට මිට වඩා ලැබේ යැයි මා විශ්වාස කරනවා (අ)
රටේ ජාතික වීරයෙක්. ජාතිය ගළවාගත් අපේ සෙන්පති ඔබයි. අපි හැමදාමත් ඔබ සමඟයි (බ)