ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ඉඩම් ඇමැති එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගෙන් අභාවයෙන් පුරප්පාඩුවූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළේය.
ඒ අනුව අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ සරත් ෆොන්සේකා මහතා නව මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රි වේවා! මෛත්‍රි වේවා! ජයවේවා! (රේ)
තනියෙම ඉල්ලලා ඉල්ලන් කාපු එකට හොද වැඩේ ..... (රේ)
ඇයි මෙතුමාට මිනිසුන්න් චඦදය දුන්නේ නැත්තේ? ටෝක්ස් හොඳ නැති නිසාද (රේ)
මාගේ උණුසුම් සුබපැතුම්.! (ර)
ලැබූ ජයග්‍රහණය ගැන අපේ සතුට සහ සුභපැතුම්.! මෙය ඇරබුම පමණි යාමට දුර බොහෝය. (ර)
මෙයාට චන්ද්‍රිකා නොනාවත් හමුදා පතිකම දුන්නේ නෑ. නමුත් ගෝඨගේ කීමට මහින්ද මහතා ඒක දුන්නා. අන්තිමට මහින්ද එක්ක ඡන්දෙ ඉල්ලුවා.දැන් පේනවනේ . හෙට මොනවා කරාවිද? (අ)
සංජය ඕකට කියන්නේ පැහැදිලි ඉරිසියාව කියලා. (ර)
මොන විකාරද මේ. නීතියට අනුකූලව සබාවට ආ උන්ට ස්වාධීනව සිටින්න නොහැකි මහජනයා එලවපු එකාලට පොරපිටියක්. (බ)
පාර්ලිමෙන්ත්තුව අන්ත පරජිතයින්ගේ පාරාදීසියක් වෙලා. (ර)
මෙය වැරදි කර් අය කරපු හොර ගනුදෙනු ඔප්පු කරාල නිකන් නෙමේ එත කොට අර සුදු කොඩි කතා කියල මුළු හමුදාවක්ම පවල දීපුවා (අ)
ජනමතයට සුහද කොකා පෙනීම (කෞ)
මෙයා කොච්චරකල් ඔතන ඉඳීවිද කියල දන්නේ දෙවියෝ තමයි(කෞ)
හිටපු හමුදාපති තුමා .... ඔබ තුමාට විශ්‍රාම යන්න තිබුන කාලයේ ... මහින්ද රහ්ජපක්ෂ ජනාධිපති තුමා ...ආරක්ෂක ලේකම් ධූරයට තමන්ට විශ්වාසම කෙනා තමන්ගේ මල්ලි. ගෝඨාබය පත්කර ගත්ත ....ඒ අැයි ...එතුමාට යුද්දය ඉවර කරන්න හැගීමක් තිබුන ...... (බ)
හැමෝටම අමතක වුණා ගුවන් හමුදා පති, නාවික හමුදා පති දේශපාලනයට එතුමන්ලා ආපු නැති නිසා වෙන්න ඇති අමතක වුණේ (බ)
දැන් මෙයා කියන්නේ යුද්දේ ඉවර කළේ මෙයා කියල .මහින්ද කරපු දෙයක් නෑලු. ජේ.ආර් බලේ දුන්නනම් කොබ්බෑකඩුව මහතා යුද්දේ ඉවර කරලා ඉවරයි.රට බලවතා,ජනාධිපති මිස හමුදාපති නෙමේ. ලංකාවේ මින්නිසු එකේ තේරුම් ගත්තනම් හොදයි (බ)
රෝසි මහත්මියට අහිමි වුණා පිටස්තරයෙක් දා ගත්තා (බ)
රටේ විසදීමට අනන්තවත් ප්‍රශ්න තියෙද්දී මේ දේවල් වලට මුල් තැනදී ක්‍රියාකරන්නේ ඉදිරියේදී තමන්ගේ පැවැත්ම සහතික කරගන්නයි. ඒකනිසා ඊලග පළාත්සභා මැතිවරණයේදී මොවුන් දුන් පොරොන්දු ඉෂ්ට නොවීම ගැන කණගාටු නොවී පෙර පරිදි මිහි මත නැවත අලුතින් ඉපදුනසේ නැවත ඡන්දය දී බැන බැන සිටිමු. (ර)
ජය වේවා.! (ර)
සංජය, ලජ්ජා නැතිකම මහමුදලිකමට නොවේ, වෙල් විදානේ කමටත් වඩා ලොකුයි. (ර)
ආයුබෝවේවා.(හේ)
ඔබ තුමාගේ වැඩ කටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා.(හේ)
මේ වගේ දෙශපාලකයෙක් වෙන බව දන්නවානම් .ජෙනරාල් සරත් ෆොන්සේකා ජනපති වරණයෙන් පැරදුනු සතුටට රතිඥ්ඥ පතු කරපු මගේ නිවසේ කුලියට සිටි පවල පන්න ගන්නේ නැහැ.එකත් හරියයට මම හෙළ උරුමය පස්සෙන් ගියා වගේ වැඩක්.(කෞ)
ජය වේවා ...ජය වේවා ...ජය වේවා... (ම)
අපේ රටේ නිතිය දෙසපාලනයට යට වෙලා (ම)
යහපතක් ම වේවා ඔබට , (ම)
හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මැතිඳුනි, ඔබට අපගේ හෘදයාංගම සුබ පැතුම්. හමුදා නිලතල ලබාදීම පිළිබඳ කිසිවක් නොදන්නා අය පාට කණ්ණාඩි දාගෙන මත පළකරනවා. කණගාටුයි ඔවුන් ගැන. දේශපාලනයට යට වී වල් වැදී තිබෙන නීතිය යළිත් රටේ නංවා සිටීමට ඔබතුමන්ගේ ආත්ම ශක්තිය හා පෞරුෂත්වය රටට ආශිර්වාදයක් වේවා! (නි)
සරත් ෆොන්සේකා මහතාට විශාල වැඩ කොටසක් නීතිය සහ සාමය වෙනුවෙන් කළ හැක. සොරුන්ට දඬුවම් දීම ප්‍රමාද නොකළ යුතුයි. (ම)
මෙයාට ජනවරමක් නැහැනේ. (ර)
ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කියල තියෙන්නේ කට කහනවට නෙමේ කියල දැනෙන්නේ මේවගේ වෙලාවට තමයි. (ර)
"දෙවියනේ කියල අපේ ජාතික වීරයෙක් වන ජෙනේරල් ෆොන්සේකා හෙට අනිද්දා මන්ත්‍රී කෙනෙක් වෙලා,ඉන් පස්සේ ඇමති කෙනෙක් වුන දවසට මගේ සිහිනය සාර්ථකව නිම වෙනවා. (ර)
අනේ රටට ගිය කලක්.මහජනයා එපා කිව එකෙක් .යහපාලනය මේකද?ඔක්කොම ගෙදර යන්න ලෑස්ති උනොත් හොඳයි . (රේ)
අමිත්, වලිගෙ පාගාගෙන කියවන්න එපා. චන්ද්‍රිකාගේ කාලේදී මීලගට හමුදපති වෙන්න හිටියේ ජෙනේරල් සරත් ෆොන්සේකයි. හිටපු හමුදාපතිගේ ඒ කාලය නිම වෙන්න තිබුනේ මහින්දගේ බලය තිබුන කාලෙදියි. (ර)
ජනතාව ප්‍රතික්ෂේප කරන දෙය ඉටුකිරීම යහ පලනයි (ම)
හොඳ තීරණයක්..... (ම)
නීතිය, විනය, සාමය, ගෞරවය රැකගෙන එදා වගේම අදත් මතුත් රට ගැන සිතා කටුතු කරන්න ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිට ලැබේවා! (ර)
මහා පරිමාන වංචා සහ දුෂණ විමර්ශනය විධිමත්ව සහ කාර්යක්ෂමව කිරීමට නම් මෙතුමා යටතට පවරන්න.(රේ)
එදා වීරෝදාර යුද හමුදාව මෙහෙයවූ ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මෙන් ක්‍රියා කිරීමට හැකිවේවිද, ඉඩ තියාවිද නැතිනම් සිග්නල් කණුවක් වේවිද?(රේ)
දැන්නම් මම මැරුණත් කමක් නෑ කියල එතුමට හිතෙනවත් ඇති.(රේ)