එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතා මිය යෑමෙන් හිස් වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩලය අද අනුමැතිය ලබා දුන්නේය.
එම යෝජනාවට කිසිම විරෝධතාවත් මතු නොවූ බව වැඩ බලන මහ ලේකම් ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා එසැණට කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හරිම සතුටුයි. ඔබතුමාට ජයවේවා! (නි)
දෙවියනේ කියලා අපේ ජාතික වීරයෙක් වන ජෙරල් ෆොන්සේකා හෙට අනිද්දා මන්ත්‍රී කෙනෙක් වෙලා, ඉන්පස්සේ ඇමති කෙනෙක් වුණ දවසට මගේ සිහිනය සාර්ථකව නිමාවෙනවා. එ්ත් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කාපු කම්බා හොරුන්ට නම් සැප පහසු නින්දක් ලැබෙන්නේ නැහැ. මට ඒ ගැන නම් හරිම සතුටුයි. (නි)
මටනම් මෙතන සත්‍යක් සාධාරණයක් හොදක් පෙනෙන්නේ නෑ පලිගැනීම අවස්ථාවාදීකම බලතන්හාව හා බලය රැකගැනීමයි මේකෙන් පෙනෙන්නේ.(අ)
එදා මෙතුමාව නිකරුණේ හිරගෙදරට යවපු අය අද රණවිරුවන් සුරැකීමේ පෙත්සම් වලට අත්සන් තැබීම ලැජ්ජාවට කරුණකි. අද ඇත්තේ හොරා සහ පොලිස් ගැටුමකි. රටේ පැවැත්ම සඳහා නීතිය වෙනුවෙන් පෙනීසිටින කවරකුට වුණත් බුධිමත් ජනතාවගේ සුබ පැතුම හිමිවෙනවා ඇත. (අ)
මට මතක් වෙන්නේ තමන්ට හීලෑ නැති ආණ්ඩු වට්ටන්න ත්‍රස්තවාදීන් පෝෂණය කරලා, ඔවුන්ට අවිආයුධ පුහුණුව දීලා අවසානයේ උන්ගෙන්ම ඉල්ලන් කාපු අදටත් ඉල්ලන් කන ඇමෙරිකාව. මිනිස්සු ප්‍රතිෂේප කළ අවම වශයෙන් මන්ත්‍රීධූරයක්වත් නොදීපු මේ චරිතය සම්මතයට පිටින් පාර්ලිමේන්තුවට ගෙනවිත් මේ කරන්න හදන්නේ බළල්ලු ලවා කොස් ඇට බෑවිමක් වුණත් අන්තිමට යු අන් පි එකටත් අර ඇමෙරිකාවට වෙච්ච සන්තෑසියම වෙයිද කියලයි මට සැක. (නි)
බද්‍රානිගේ කියමන හරියටම හරි(කෞ)
මෙතුමා දේශපාලනයේදී පරාජය වෙච්ච පුද්ගලයෙක් . පරාජිත පුද්ගලයන් පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට යැවීම ජනමතයට කරන නිග්‍රහයක්. හමුදාමය පැත්තෙන් බලන කල මෙතුමාගේ වීරත්වයට සම කළ හැකි පුද්ගලයෙක් නැත. (බ)
සිරිමාලි ඔබ හරි.කම්බා හොරු ටික හොදටම බය වෙලයි තියෙන්නේ.බයටම හෙට අනිද්දා වෙනකොට පපුවේ අමාරුව හැදිලම එකෙක් දෙන්නෙක් "සෙත්ත පෝච්චි" වෙලා යනවා. බලන්න බොරුද කියල? (බ)
ශ්‍රී ලංකාවට අබ සරණයි,3000 වසෙර ඉපදෙන එකත් ලෝකෙට ණයකාරයෙක්? (බ)
දැන් නම් ඉතින් අයියා මලෝ කට්ටියටම වැරදිලාවත් නින්ද යන එකක් නැහැ. ඒ කාලේ වින්ද අසීමිත බලයේ විදියට කවුද හිතුවේ මෙහෙම දෙයක්. සමාජය බෙහෙවින් කැමති ගෞරවනීය චරිතයක් වූ සරත් ෆොන්සේකා මහතාව බිම දිගේ ඇදගෙන ගොස් ජම්පරය ඇන්දවීමෙන් පසු ඔහුට ඉන්දියානු චිත්‍රපටවල දකින අකාරයේ වීරත්වයක් සමාජගත වන අතර හිටපු පාලක සහෝදරයන් දුෂ්ඨ චරිත ලෙස සමාජගත වනවා. මට මෙහිදී මතක් වෙන්නේ හාවගෙයි ඉබ්බගෙයි රේස් එක. ඉබ්බා හාවාට ටොක්කක් ඇනගෙනම පහුකරන දවස වැඩි ඈතක නැහැ වගේ. (බ)
යුද්දය දිනන්න ඔබතුමා නායකත්ව දුන්න වගේ අමාත්‍යංශයක් භාර ගෙන හරියට කරන හැටි පෙන්නවන්න. එතකොට ඔබ තුමාගේ වටිනා කම මිනිසුන් දැන ගනී. මෙම රට භාරගෙන ආරක්ෂා කරන්න .(කෞ)
සුමිත්‍ර බස්නායක, ඒකාබද්ධ විපක්ෂය හොරෙන් කඩා ගෙනවිත් සීනිගම දේවාලයේ ගහපු පොල් එහෙම ඔබ අනුභව කළාද?(කෞ)
මිනිස්සු මෙයා ප්‍රතික්ෂේප කළා නේ (බ)
ආශීර්වාද වේවා ඔබට ජයශ්‍රී, දුශිතයන්ට සොරිම තමයි උව වෙල්ලස්ස ජනතාව ! (බ)
දැන් ඒකාබද්ද විනාශයේ කට්ටිය රණ විරුවන්ව පැත්තකින් තියල වෙන සටන් පාටයක් හොයාගන්න . වාචාල කතා කියමින් මිනිස්සු කුලප්පු කරන්නේ නැතිව මොලය පාවිච්චි කරන්න අගමැතිතුමගේන්වත් ඉගෙන ගන්න . (අ)
සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට එනවා කිව්වම කීදෙනෙක් බුමිතෙල් ගැවිච්චි ගැරඩි වගේ දඟලනවද . මේ දඟලන හැමෝම හොරුන් වෙනුවෙන් පෙනී සිටින අයයි.(අ)
ඒ කාලෙ සමහරු කිව්වෙ නම් ෆොන්සේකා හමුදා නායකයට තියා සැල්වේෂන් ආමි ගැලවීමේ හමුදාව එකටවත් සුදුසු නැහැ කියලයි එහෙම කීව අය අද ඇල්ශේෂන් වෙලා.(රේ)
හැබැයි දෙසපලනයට නම් සුදුසු නැත. (රේ)
හොඳ තීරණයක් (නි)
ගරු සරත් ෆොන්සේකා මහතාණෙනි, දිනෙක ඔබ රටේ ප්‍රධාන සෙන්පතියාය. එහි අරුත අකුරටම ඉටුකළ ඔබ, පසුව බලයෙන් වල්මත්වූවන්ගේ උදහසට ලක්වී කූඩුවක සිට නැවත යහපාලනය තුළින් ඔබට හිමි ඒ සෙන්පතිකම නැවත ලබාගෙන ඇත. අද රටේ ඇතිවි තිබෙන කුඩු ත්‍රස්තවාදය නැතිකර, රටේ ශක්තිමත් තරුණ පරපුරක් ඇතිකර, යහපාලනයක් ඇතිකිරීමට වෙරදරන ජනපතිතුමාට ශක්තියක් වී රටට ආදරය කරන සැබෑ සෙන්පතියා බව පෙන්වන්න. ඒ රටේ ජනයාගේ ලොකුම බලාපොරොත්තුවකි. (නි)
හැබැයි චන්දයක් දිනලා ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තුවට ආවා නම් තමයි ලස්සන.(ම)
වින්සන්ට්, සීනිගම පොල් ගහන්න මම ලංකාවේ නැහැ. මම කියන්නේ ඇත්ත. ඔයාට අමතකද ඒ කාලය? යුධ ජයග්‍රහණයෙන් ලබාගත් නාමය දේශපාලනය නිසා විනාශවෙලා යන එක ගැන? ඔය මිනිස්සු ආදරේටද මන්ත්‍රීකම් දෙන්නේ? අපි බලමුකෝ. (නි)
දඬුවම් කරන්න බැරි වුණත් ඔය හොරු ටිකයි, මත්කුඩුකාරයෝ ටිකයි එළවලාවත් දමන්න. කවුරු වුණත් වැරැද්දක් කළොත් ඒක වැරැද්දක්මයි. අදාළ අය දඬුවම් ලැබිය යුතුමයි. ඒ ටික කරන්න හැකි වුණොත් ඉතාමත් විශාල සේවයක් වේවි. ඔබට ලැබෙන බලතල කවරේදැයි නොදනිමු. හැකි පමණින් සේවයක් කරන්න ඔබට ශක්තිය ලැබේවා. (නි)
ජාතික ලැයිස්තුවෙන් දෙන්න ඕනෑතරම් ක්‍රියාකාරී එජාප සාමාජිකයන් සිටියදී, ෆොන්සේකාට මෙය දීම අසාධාරනයක් (නි)
නියමයි. හරිම සතුටුයි
ෆොන්සේකා මැතිඳුනි, පොලීසිය බාරගෙන දෙවන මෙහෙයුම අරඹන්න. නුඹට ජය! (නි)
මොන එහෙකටද එහෙනම් ඡන්ද තියන්නේ? කවුද මහජනතාව කියන දේ ගණන් ගන්නේ? (නි)
ජයවේවා ඔබතුමාට! (නි)
සරත් ෆොන්සේකා මහතාට ඇමතිකමක් අවශ්‍ය වන්නේ රටට යම්කිසි සේවයක් කිරීමටය. යුද්ධය අවසන් කළ අවස්ථවේ ඔහුට පිරිනැමූ ඇමති ධුරය ප්‍රතික්ෂේප කළ බව අමතක නොකරන්න. අද ඔය තැන්වල ඉන්න මිනිස්සු දිහා බැලුහවම මේ මනුස්සයා කොච්චර හොඳද? (නි)
ජයවේවා! (නි)
බොහොම හොඳ තීරණයක් (නි)
සුදුස්සාට සුදුසු තැන! (නි)
ජනතාව මොහු ජාතික වීරයෙක් ලෙස සැළකුවත් ඒ ගරුත්වය නැතිකර ගත්තේ ඔහුමයි (නි)
රට වෙනුවෙන් ලේ හලලා රටට බරක් වුන නැති කෙනෙක්ට කවදාවත් වරදින්නේ නම් නැහැ. (ර)
ජයවේව .හරිම සතුටුයි . (අ)
සතුටුදායක පුවතක්.ජය වේවා. (අ)
ජය වේවා ... ජය වේවා ..ජය වේවා .. (අ)
ජයවේවා! (නි)
අපි කලින් කට්ටිය පත්වෙද්දිත් මෙහෙම තමයි හිතුවේ. ඒත් මොකද වුණේ? (නි)
පොලිසිය බාර ඇමති කම දිල රට සුද්ද කරමු . තරාතිරම නොබලා හුරුන්ට දඬුවම් දෙමු .හොරු වෙනුවෙන් කඩේ යන අයවත් එක්මනින් නීතිය හමුවට ගේන්න ඔබට ශක්තිය ලැබේවා (අ)
ඉතාම අගය කළයුතු තීරණයක්. එතුමාට පොලිසිය බාර ඇමතිකම දියයුතුයි, රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක කළයුතු නම් (නි)
යුද්දය ගැන තම නමින් පොත් ලියව ගත කාඩ්බෝඩ් විරුවන් අතර, කොබ්බැකඩුව,විමලරත්න,ජනක පෙරේරා ගනයේ සබැ විරුවෙකු වුණ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට මගේ උණුසුම් සුබ පැතුම් (අ)
අතීත කතා දැන් වැඩක් නැහැ. ඔබට ජය! (නි)
වීරෝදාර රණවිරුවකුට දේශපාලනය නිසා වෙනස් වූ හැටි.(අ)
ඉතාම හොඳ තීරණයක්! මෙතුමාව පොලිසිය බාර ඇමති කල යුතුයි. (අ)
ෆීල්ඩ් මාෂල් තණතුරට කළ අවමාණයක් (අ)
මහා පරිමාන මුල්‍ය අපරාධ සහ වංචා සෙවීමේ ආයතනය අමාත්‍යාංශයක් ලෙස ව්‍යවස්ථාගත කර එය සරත් ෆොන්සේකා මහතාට බාර දෙන්න. ඔහු සියල්ල කඩිනමින් කරයි. (අ)
නීතිය, සාමය සහ සාදාරනය රජයන සමාජයක් මගේ මේ පුංචි රටට උදා කරන්නට ඔබට හැකිවේවා යි හදපත්ලෙන්ම ආශිර්වාද කරමි.. (අ)
මෙන්න සත්‍ය රජ කරනවා කියන්නේ මේක තම ජය වේවා යහ පාලනයට (අ)
මහින්දට ගහන්න විදියක් හොයා හොයා හිටිය, ඔන්න හරි ගියා . ඉතිරි අවුරුද්දත් ඔකෙන්ම ගොඩ යයි .......! (අ)
ලංකාව ගොන් වැඩ පරදිත්ච අය පාර්ලිමන්ට් (අ)
ඔබයි අපේ බලාපොරොත්තුව! (නි)
හෙට අනිද්දා බලන්න බැරිය මෙය රණ්ඩු වෙන හැටි බලන්න. ඔහොම යං, ඕක තම එක්සත් ජාතික පක්ෂයේ අවසානය (අ)
විමලරත්න, එතකොට මහජන ඡන්දෙදි මොකද වුණේ?
මෙයාගෙත් කට විතරයි. අනුන්ට කියනවා බලයට පෙරේතයි කියල. නමුත් මෙයට තමයි බල ලොබි කම හිස්මුදුනට කාහල තියෙන්නේ. (අ)
මමත් රෙක්ස්ගේ අදහස අත් දෙකම උස්සා අනුමත කරමි (නි)
මොලයක් කියල එකක් තිබුනානම් මෙහෙම තීරණයක් ගන්නේ නැහැ. බලන්නකෝ ඉදිරියේදී මොකක්ද වෙන්නේ කියල. සත පහකට විශ්වාස කරන්න බැරි චරිතයක්. (බ)
ඒ කාලෙ සමහරු කිව්වෙ නම් ෆොන්සේකා හමුදා නායකයට තියා සැල්වේෂන් ආමි එකටවත් සුදුසු නැහැ කියලයි (නි)
ජනමතය වල පල්ලටද (බ)
හරිම සතුටුයි . ඔබතුමාට ජයෙන් ජයම පතමි .(බ)
මහජනතාව ප්‍රතික්ෂේප කළ අය නේද මේ? (නි)
පළි ගන්න විදිහක් හොය හොයා උන්නේ ..දැන් හම්බ වුනා,, ඔබ තුමාට මීට අවරුදු ගානකට කලින් තිබුණු ජනතා කැමැත්ත අද නෑ. ඒ තියා තිබුන ගෞරවය වත් අද තියනවාද ? නොදන්නා දේශපාලනයට ඇවිත් කර ගත්ත විනාශයක් ... ඔහොම යමු ....(බ)
විරුවාණනි, යුද හමුදා නිලධාරියෙක් ලෙස ඔබතුමා තැබූ ලෝක වාර්තාව අතිවිශිෂ්ටයි. ඔබතුමාගේ ඒ ශක්තියේ, ධෛර්යයේ සහ අධිෂ්ඨානයේ ප්‍රතිලාභ අද මේ රටේ සෑම ජනකොටසක්ම නොඅඩුව භුක්ති විඳිනවා. ඔබතුමා යුගපුරුෂයෙක් ලෙසද ඉතිහාසයේ රන්වන් අකුරින් සනිටුහන් වී හමාරයි. එසේවුවද මේ රටේ වර්තමානයේ පවත්නා සංකීර්ණ දේශපාලන රටාව සහ භාවිතාව තුළ ඉහතින් සඳහන් කර ඇති ආකාරයේ කාර්යභාරයක් ඔබතුමාට ඉෂ්ට සිද්ධ කරන්නට ඉඩහසර සහ අවස්ථාව ලැබේද යන්න පිළිබඳව මා තුළ නම් පවත්නේ බලවත් සැකයකි. කෙසේවෙතත් ඔබතුමාගේ අනාගත දැක්ම සහ අරමුණු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරමි (නි)
ජයවේවා .හරිම සතුටුයි (බ)
සිරිමාලි දැක්කද හොරකම් කරනවා? සුමිත්‍ර බස්නායක කියනවා වගේ මේ සැරේ අනාගන්නවා. පුදුම වෛරයකින් ඉන්නේ. (නි)
ජයෙන් ජය ඔබතුමා හොඳ තීරණයක් ගත්තා හොඳ දේශපාලන ගමනක් යන්න වරම් ලැබේවා (බ)
රනිල්ගේ පදේට නටන්න ගිහින් එදත් ඇන ගත්තා. බලමු මේ සැරේ මොකද වෙන්නේ කියල. (බ)
ඇත්තටම අපි සතුටු වෙමු. .මෙතුමාගෙන් අවංක සේවයක් බලාපොරොත්තු විය හැක. බුදු දහමේ දේසනා කොතරම් යථාර්ථවාදීද. කළකම් පලදේ. පිදිය යුත්තන් පිදීම වෙනි යෙදුම් මංගල සුත්‍රය ට .අනුව හෙට පිදිය යුත්තෙක් පිදේ. (බ)
ජයවේවා !!!තුමනි, යුද හමුදාපති තනතුර භාරගෙන එදා මේ රටේ පැවති යුද්ධය තවත් යුද හමුදාපති කෙනෙකුට බරක් වෙන්න තබන්නේ නැහැ කියලා ඔබතුමා කිව්වා. ඒ හැටියටම එය ඉටු කළා. තවමත් රටේ පරිහානියට පත්ව තිබෙන නීතිය සුරැකීම හා සාමය පවත්වාගෙන යාම යන කටයුතු පිලිබඳ වගකිවයුතු තනතුරක් භාරගෙන එයද ඉටුකරදෙන මෙන් ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිමි, තුමනි. (බ)
සරත් ෆොන්සේකා මහත්මයාගේ ජීවිතයෙන් ශ්‍රී ලාංකික සමාජය ඉගෙන ගත යුතු පාඩම් බොහොමයි. මුළු ලංකාවම ආදරය කළ සමහරු මෙතුමා ගෙන් මහා දරුණු විදිහට පළි ගත්තා. රණ විරුවෙකුගේ විශ්‍රාම වැටුපත් අහිමි කළාටත් වැඩිය තව පළි ගැනීමක් තියනවද? ඒ පළිගැනීම් හමුවේ ජනතාව ඔවුනට ආදරය කරනවා වෙනුවට ශාප කරන්න පටන් ගත්තා. මෙතුමා වෙනුවෙන් ගරුතර මහා සංඝරත්නය කොතරම් නම් ඉල්ලීම් කළාද? බලයෙන් වල්මත් වූවන්ට ඒ කිසිවක් වැටහුනේ නැහැ. අද යම් කෙනෙකුට කිසියම් ව්‍යසනයක් සිදුවී ඇත්නම් ඒ කිසිවක් නිසා නොව මේ ෆොන්සේකා මහත්මයාට කළ අපරාධයේ ප්‍රතිපලයි. එදා ඒ පළිගැනීම් අසීරුවෙන් විද දරාගත් ලාංකික සමාජය අද එයට හුරුවී හමාරයි. දේශපාලනය මොකක් වුවත් ලෝක යථාර්ථය හා ධර්මතාව මෙයයි. දේශපාලනය පසෙක තබා ධර්මය තේරුම් ගැනීමට උත්සහ කරමු. (බ)
මන්ත්‍රීලා 10ක රාජකාරිය මෙතුමා කරයි. රාවණා රජු මතක් කර ගන්න (බ)
ඔක්කොටම පිස්සු බලමු එකට වැඩ කරන්නේ කොහොමද කියල එජාපේ ඊළඟට ඉන්න කෙනාට මොනවද හිතෙන්නේ මේ වගේ වෙන පක්ෂෙක පැරදුන කෙනෙක් දානකොට පව් නේද (බ)