තම සැමියා සියලු චෝදනාවලින් නිදහස් කර කොන්දේසි විරහිතව නිදහස් කරන බව මහින්ද රාජපක්ෂ ජනපති තමාට පොරොන්දුවීයැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බිරිය අනෝමා ෆෝන්සේකා ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත. සිරගතවී සිටින තම සැමියා හැකි ඉක්මණින් මුදා හරින බව ජනපති පැවසීයැයි ඇය කියන්නීය. බදාදා රාත්‍රියේ තමා ජනපති හමුවූ බව ද ඇය සඳහන් කරන්නීය. මේ සම්බන්ධයෙන් ජනපති කාර්යාලයය කිසිත් කියා නැතත් ඔහු ‘දින කිහිපයක්‘ ඇතුළත නිදහස් කරනු ඇතැයි එහි නිලධරයෙක් ස්ථිර වශයෙන් ප්‍රකාශ කළ බව ද ප්‍රංශ පුවත් සේවය කියයි. අනෝමා ෆොන්සේකා මහත්මිය ජනපති හමුවීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අරලිය ගහ මැදුරේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැයක පමණ සාකච්ඡාවක් පැවැත්වීය. ඉන් පසුව අලස් මහතා පැවසූවේ ෆොන්සේකා ඉක්මනින් නිදහස් කරන බව තමන්ට විශ්වාස බවයි. සුළු ගැටලු කිහිපයක් විසඳා ගැනීම සඳහා සාකච්ඡා කළ වත්, දවසකින් දෙකකින් පමණ එම ක්‍රියාවලිය අවසන් විය හැකි බවත් ඔහු කියා සිටියේය. ජනපති හමුවෙන් පසුව ටිරාන් අලස් මහතා නවලෝක රෝහලට ගොස් ෆොන්සේකා හමුවිය. විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් යටතේ ෆොන්සේකා එහි ප්‍රතිකාර ලබයි. 2010 ජනපතිවරණයේදී ජනපති සමග තරඟ කර පරාජය වූ ෆොන්සේකා පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විය. යුද්ධාධිකරණයෙන් වසර දෙකක සිර දඩුවමක් නියමවීමත් සමග ඔහුගේ අසුන අහිමි විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තරේට ජය වේවා!
හොද දෙයක්
නිදහස් කරලා විතරක් මදි.දීපු වද වේදනා වලට සමාව ගන්නත් ඕනේ
නිදහස දීමත් නිදහස ලැබීමත් ඉතාමත් ප්‍රශංශනීයයි.ඒත් රණ ශූරයෙකු වශයෙන් ඔහු ලැබු ශ්‍රේෂ්ඨත්වය දේශපාලන මඩ ගොහොරුවක දිය කර හරින්න එපා
රටට යහපතක්...
ජනාධිපති ජෙනරාල් එකතු වී රට ජාතිය වෙනුවෙන් එහි දියුණුව වෙනුවෙන් වැඩ කරනවානම් අපි එකතුයි ඒත් වෛරයෙන් පළිගන්නවානම් කවදාවත් ඒක හරියන වැඩක් නෙමේ. දන්නවා ඇති තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්න රටේ පෙන්න දෙවිවරු නැති බව .තම දක්ෂතා නොපෙන්වන ඉතාමත් බලගතු සත්වයොත් මෙහි ඉන්නවා ආරක්ෂාවට.
ජනාධිපතිතුමනි මෑත කාලයේ ඔබ කරන්න යන හොද වැඩක් අහන්න ලැබුනෙ
දිගු කාලෙකින් පස්සේ හොද තීරණයක්.
අනේ පව් නේද ??
ජනපතිතුමනි ඔබතුමා ගොඩක් හොද කෙනෙක්. සරත් ෆොන්සේකා ඔබත් එක්ක එකතුවෙලා අපේ රටේ අනාගතය ගැන හිතාවි.
පාර්ලිමේන්තු අසුනත් ලැබිය යුතුයි නේද
ඔබයි රම්‍ය සඳ කරන ගන අන්ධකාරේ., ඔබයි රම්‍ය තරු එළිය ගිම්හාන කළේ
මිනිසත්කම හැමදේටම වඩා වටිනවා ......ජනපති තුමනි ඔබට අපේ ප්‍රණාමය...
අනේ මගේ කට....
පුදුම වෙන්න දෙයක් නෑ.....මේ ලංකාවනේ............
ජනපති තුමනි ඔබට පින්.....ෆොන්සේකා මහතානනි ඔබට ජය...!!
ස්තූතියි ජනපති තුමනි !
වරද කොතැනද ??????
ස්තූතියි ඔබාමා....
මෙ පෘතුවිතලයම එක්තරා රගමඩලකි. එහි රගපෑමි කරන්නේ මෙ ජීවත්වන මනුෂ්‍යයන් වන අපමය. විවිධ අය විවිධකාරයේ චරිතයන් රගදක්වයි.ඒ නාටකයේ මෙයද එක් අවස්ථාවකි. ඔහුද අප මෙන් නිදහස් නිවහල් මනුෂ්‍යයකි. කෙසේ හෝ ඔහුව මානුෂික බැදීමිවලින් නිදහස්කර ඔහුට නිදහසේ ජීවත්විමට නිදහස ලබාදෙන්නේනමි එයටයි මානුෂික නිදහස යනුවෙන් පවසනු ලබන්නේ නිදහසේ ජය,ඔබට ජය. !
නිදහස් කරන්නේ නම් එතුමාට අවශ්‍ය විවේක සුවයෙන් නිදහසේ ඉදීමයි..ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ගෙන් පස්‌සේ කවුද රටට වැඩක් කලේ?.....................??
මෙය ඔබ ගත් බුද්ධිමත් තීරනයක් කියා සිතේ....
සිර දඩුවම ඉවරයි නේ...එතුමා කොහොමත් නිදහස් තමයි...
ගොඩක් හොඳ, වැඩදායී තීරණයක් .... . .@~@~~@~~~:
ෆොන්සේකා මහතාට සුභ පැතුම් !
මෙච්චර කල් තියන් හිටියත් එක චෝදනාවක් වත් ඔප්පු කරගන්න බැරි උනානේ . ජෙනරාල් තුමා නිදහස් වෙන එක ගැනනම් බොහොම සතුටුයි.
දේශපාලනයේ හතුරෝත් නෑ මිතුරෝත් නෑ....
ජනපතිතුමනි ඒක කරන හොද වැඩක්................
අපි රතිඤ්ඤා වැලක් ගෙනත් තියෙන්නේ ආරංචිය ආපු ගමන් පත්තුකරන්න...
සියලු භේධ අමතක කර නැවතත් ජාතියක් ලෙස එක්ව නැගිටිමු, ජනාධිපති තුමාට රටේම ගෞරවය හිමි වේවා !!!
හොඳ වැඩක් තමයි..මීට කලිනුයි මේක කරන්න තිබුනේ ජනාධිපති තුමාට මාගේ ප්‍රණාමය...
මේක බෞද්ධ පින් බිමක්...
මොකෝ ඉස්සරහාට ඡන්දයක් තියනවාද?.....................??
ජනාදිපති තුමට ගෞරවය හිමිවෙන්ඩ................???
ඔබාම දැන් ඉන්නේ ආයේ ජනාධිපති වෙන්නේ කොහොමද කියල හිත හිත....
ජනපති තුමනි, ගොඩක් සතුටුයි..........
නහී වේරේන වේරානී..........
මුකුත් කියන්න දැන්මම කියන්න බැ. SF මගේ වීරයෙක්, නමුත් එයා දේශපාලනයට ආපු විදිහ සහ වෙලාව වැරදියි. තිත්ත උනත් ඒක තමා ඇත්ත. ඔහුගේ ප්‍රකාශ වලින් සිය දහස් ගුණයකින් රටට අගෞරව උනා. SF දේශපාලනයට ආපු දවසේ ඉදලා, රටට කෙළසන්න හිටිය හැමෝටම SF මහා වීරයෙක් උනා. කිසිම දේශපාලන කතාවක් කරේ නැත්නම් අද SF රටේ ජනාධිපති. රටේ දේශපාලනය රට ඇතුලට විතරයි. SF ගෙන් රටට අති විශාල සේවයක් උනා. වදපු අම්මට අයිතියක් නැ දරුවෙක්ව මරන්න. මට කිසිම විශ්වාශයක් නැ SF තව දුරටත් රටට අගෞරවයක් නොවේවි කියලා. ඔහුට පලිගැනීමේ චේතනාවක් ඇති හෝ නැති කියලා හෝ ඒක සාදාරණද අසාදාරණද කියලා තර්ක කරන්න කාටවත් බැ. දැන් හැමෝම බලන් ඉන්නේ SF එයාගේ නිර්දෝෂී බාවය කොච්චර සාමකාමිව සහ සාර්ථකව රටට පෙන්වනවද එහෙම නැතිනම් රටෙන් පිට ගිහින් රටට අගෞරව වෙන වැඩ පිළිවෙලක් ගෙනයනවද කියලා. හැමෝම වගේම මගේ ප්‍රාර්ථනාව නම් SF , MR සහ GR නැවත එකතුවී අපේ රට ගොඩ නැගීමයි. ජයවේවා ශ්‍රී ලංකා. මගේ රටට දළදා හිමි සරණයි !
නඩුත් හාමුදුරුවන්ගේ...බඩුත් හාමුදුරුවන්ගේ.... මේක මාර රටක්....
ස්තූතියි USA ..........
අනතුරක් ඉදිරියෙන්..............
බයට තමා ............
බොහොම හොද දෙයක් .... රටට යහපතක්ම වේවා ...
අගය කළ යුතු දෙයක්.ඉදිරියටවත් කාගෙවත් ලණු කන්නේ නැතුව හිටියොත් හොදයි
මේවාට වන්දි ගෙවන්න වෙනවාමයි අදාල අයට
නහී වේරේන වේරානී.......... සියලු භේද අමතක කර නැවතත් ජාතියක් ලෙස එක්ව නැගිටිමු....!!!!!
US වල බලපෑම නිසා ඕක කළේ..නැත්නම් කොරයි.. දැන් තේරෙනවා ආන්ඩුවට වැඩිකල් ආයුශ නෑ කියලා ඔබාමා බලපෑම කලේ නැත්නම් කරයි නිද්හස්
මෙහෙමත් රටක්
කණට ගහල අතගානව වගේ වැඩක්.. ෆොන්සේකා මහතට පෙර කර්මයක් පලදුන්න.මෙයාලට X කතිර. අපි කරගත්ත පවි තාම ගෙවනවා
ගෙදර ගින්දර පිටට දෙන්න එපා. උඩ බලන් කෙළ ගහ ගන්නත් එපා.ඇස් දෙක පියාගෙන බන්කොලොත් පාටි වලට හේත්තු වෙන්න යන්නත් එපා.මොකද විරුවෙක් කියන්නේ නොසැළෙන කෙනෙක්
පරක්කු වැඩි. ඔක කරන්න තිබූනේ මීට කලින්.
මොනවා වෙන්න යනවාද මන්දා. මට නම් හිතා ගන්නවත් බෑ. මෙයාල හම්බවෙනවා යන්නේ නෑ කියල දැන් යන්නේ ඇයි.
පොන්සේකා නිදහස් කරපු එක හොඳයි නමුත් එතුමා දේශපාලනයට හරිනෑ. අපි වගේ පොඩි මිනිසුන්ගේ දියුණුවට කකුලෙන් අදින්න එපා.
ගෙදර ගින්දර පිටට දෙන්න එපා. උඩ බලන් කෙළ ගහ ගන්නත් එපා.ඇස් දෙක පියාගෙන බන්කොලොත් පාටි වලට හේත්තු වෙන්න යන්නත් එපා.මොකද විරුවෙක් කියන්නේ නොසැළෙන කෙනෙක්
මේකත් වාසියට තමායි
නැවතත් රනිල්-ජවිපෙ ලණු කාල අමාරුවෙ වැටේයිද දන්නෙ නැහැ.
දේශපාලනයේදී සදාකාලික සතුරන් නැතිව සේම මිතුරන් ද නැත.
.එතුමා කොහොමත් නිදහස් තමයි.
ජනපති තුමනි, ගොඩක් පින් සතුටුයි..........
ඉතාම හොද තීරණයක් මෙය කළ යතු ව තිබුනේ. මාස කීපයකට ...පෙර කොහොම උනත්.....මේ අවස්තාවේ හෝ නිවැරදි තීරණයක් ගැනීම නම් සතුටට පත් වෙනවා .......දැන් කල යුතූ ,,,,,ඔහු කල සේවයට .......පළමුව ........ගෞරවාන්විත ......සමුගැනීමක් .. පසුව.......තවත් .....ඔහුගෙන් . රටට ලබාගැනීමට ......සේවය.....ලබාගනිමි....ජනතා ...විමුක්ති ...පෙරමුණ.......තමන්ගේ නොහැකියාව රටට තව ..තවත් ....නො පෙන්නා බලලුන් ලවා කොස් ඇට නො බාගෙන .....තමන්ගේ .....ශක්තිය ....පෙන්නා වැඩ කිරීම තමා හොද ......ෆොන්සකා මැතිතුමනි ඔබට නිරෝගී සුවය පතමි .ජනාදි පති තුමනි ..ඔබට ස්තුති . මම චමි
බය වුනාම ඔහොම තමයි
අපේ රටෙ ගොඩක් ඉන්නෙ බක පණඩිතයො පොන්සේකා මයා අමාරැවෙ දැමිමෙ උන් දැන්වත් පාඩුවෙ ඉන්න දීපල්ල ලණු දෙන්නෙ නැතිව ඒ මහතාගෙ කරෙන් යන්න තමයි ජේ වී පී කාරයො උත්සහ කලේ
ගොඩාක් ස්තූතියි
ජනපතිතුමනි, ඔබට අපගේ ප්‍රණාමය! ඔබට තව තවත් ජය අත්වේවා!
මම හිතන්නේ ජෙනරාල්තුමා මේ වෙච්ච දේවල් හොද පාඩම් ඉගෙන ගෙන නව විදියකට හිතයි ඉදිරියට
තවත් මනමේ නාට්‍යයක් රග පාන්න වගේ
රටට වෙනසක් අවශ්‍ය මෙහොතක තමයි අපිත් ඉන්නේ.ඒත් සුදු වෑන්??? නාදුනන තුවක්කු??? අනේ මන්දා
මායාකාරී රජයක තවත් මායාවකි
මේ 19 වෙනිදට නිදහස් කරනව නම් ගොඩක් හොදයි.බුදු සරණයි ජෙනරාල්තුමාට
ලංකාවෙ මෝඩයෝ ඉන්නකන් හොඳයී.රට වෙනුවෙන් ලේ වැගුරූ නියම වීරයා ගැන දැනුයි සංවේඳී ජාතියේ පියාට මතක් වෙලා තියෙන්නෙ.
දැන්වත් කට මැත නොදොඩා ඉන්නවානම් ඉතා අගේයි...නිදහසේ සැදැ සමය ගත කේරුවැහැකි...
වැරදි නොසොයා දැන් සතුටු වෙමු
මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද?
නිදහස දුන්නට එතුමාගේ ගෞරවය දෙන්නේ කවුද?
ඔවු ඉතිං.. නඩු තීන්දුවට කලින් නිදහස් කළාම ළකුනු වැටෙන්නේ කාටද නේද?
මට නම් තේරෙන්නේ ජනපතිට බයයි මෙතුමාව නිදහස් කරන්න
ජනපති තුමාට අපගේ ප්‍රණාමය....