ප්‍රජාතන්ත්‍රවාදයේ පක්ෂ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වීමට යතියි දේශපාලන ආරංචි කියයි.
එක්සත් ජාත්ක පක්ෂයට බැඳෙන්නැයි එක්සත් ජාත්ක පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතා ආරාධනා කර ඇත.
ලඟ එන පලාත් පාලන මැතිවරණයේ දී ඔහු එක්සත් ජාතික පක්ෂයට බඳවා ගැන්නැයි කැළණියේ පිරිසක් ද ඔහුට හා පක්ෂයට ඇරයුම් කර ඇතැයිද දැන ගන්නට තිබේ. ඔහු කැළණියේ එක්සත් ජාත්ක පක්ෂයට සංවිධායක ලෙස එම පිරිස ඉල්ලා සිටී
ෆොන්සේකා එක්සත් ජාත්ක පක්ෂයට එක් වෙනවාද නැද්ද යන්න ගැන ලබන දෙවනිදා පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීරණය ගනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලෙකම් ගයා බස්නායක මහතා පවසයි.
මේ අතර ඔහු එක්සත් ජාත්ක පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීමටද නියමිතයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම වැඩේ දේශපාලනයට නොයා තිබෙන පදවියේ රජකාරි ටික කරගෙන ජනතාවට සේවය කිරීමය (බ)
බල තණ්හාව (බ)
පරාද වෙච්ච කිසි කෙනෙක්ව ජාතික ලැයිස්තුවෙන් ගන්නේ නැහැ කියල රනිල් කිව්වා නේද. රනිලුත් එහෙනම් මඩේ හිටවපු ඉන්නක්. (බ)
යුද්ධයක් නැති රටේ ආරක්ෂක ඇමති කමෙන් එතරම් වැඩක් කළ නොහැකියී. එනිසා එතුමාට භාර දිය යුත්තේ පොලීසිය භාර අභ්‍යයන්තර කටයුතු පිළිබද අමාත්‍යංශයයි. (බ)
රජින්ද, ඔබගේ බඩ විරේක වීම වැඩිම නම් ඉක්මනින්ම දේශීය වෙද මහතකු හමු වන්න. මන්ද,අනාගතයේදී ඔය බඩ විරේක වීම නොකඩවා සිදුවිය හැකි බැවිනි.ඇඟ සසලවා උණ හට ගැනීමත් මොලේ කචල් වීමත් ඔය වෛරස් රෝගයේ සාමාන්‍ය ලක්ෂණ වෙයි.(බ)
ත්‍රස්තවාදය විනාශ කරලා වීරයෙක්ලෙස සියළුම ජන හදවත් වල ලියැවෙන්න සුදුසු ඔබ, කපටි දේශපාලුවන්ගෙ ලණු කාලා බලය සොයාගෙන ගිහිල්ලා ජනතා ප්‍රසාදය නැතිකර ගත්තා. දැන්වත් ඔබට නොගැළපෙන දේශපාලන ජරා වළෙන් ඉවත්වෙලා ජනතා ප්‍රසාදය රැකගන්න (නි)
දැන් හිතෙනවා අපරාදේ කියලා ඉස්සර සිදුවුණ බොහෝ දේවල් (නි)
අපෝ! මෙතුමා විතරයි අඩුවෙලා තිබුණේ එජාපයට (නි)
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියන්නේ සහතික ඇත්ත. (නි)
බලය ලැබෙනවා නම් ඕනෑ දෙයක්. මේ වගේ කට්ටිය එකතු කරගෙන මේ යන්නේ කලින්ටත් වඩා ඒකාධිපති ගමනක්..... (නි)
මෙතුමාත් දකුණේ අයෙක්. දකුණේ අය හොඳ වැඩකාරයෝ. දැන්වත් වෛරී දේශපාලුවන් නැති එජාපයට එකතුවී රට ගොඩගැනීමට උදව් වෙන්න. (නි)
ඔබතුමාගේ රැස්වීමකට සිටි සෙනඟ ප්‍රමාණයත් අපිට අද වගේ මතකයි (නි)
තවත් වෛරී දේශපාලනයක් නම් අපිට එපා (නි)
ජනතා වරමින් මැති සබේට එන්න නොහැකි නම් හොඳම දේ ජනතාවට කරදරයක් නොවී පැත්තකට වී හිඳීම නොවේද? (නි)
මෙතුමාට ආරක්ෂක ඇමතිකම දුන්නොත් රට ගොඩ! හොරුන්ට නම් සොරි! (නි)
නියමයිනේ! ඔහොම යමු මහත්තයෝ.... (නි)
පක්ෂය, තත්වය, කුලය හෝ ධනය නොව මිනිසාගේ ක්‍රියාවෙන් අපි මිනිසා මැන ගනිමු. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රහ්මණෝ... (නි)
කීර්තිමත් හමුදා සෙනෙවියෙක් ලෙස මහජනතාවගේ ආදර බුහුමන් ලබන තරු පන්තියේ පුරවැසියෙක් වී සිටිනවාද, නැත්නම් දේශපාලකයෙක් වී කවදා හෝ කුණු කූඩයට යනවාද යන්න ඔබේ තීරණයයි. අපි ඔබට ආදරෙයි! (නි)
පොදු ජනයා හැමදාමත් දුක් විදින එකයි වෙන්නේ. දේශපාලනය කියන්නේ ලොතරයියක්. අපේ රට දිනෙන් දින අගාදයට. (ම)
ඔබතුමාට ජයවේවා.(හේ)
ඔබතුමාට හොඳ දේශපාලන අනාගතයක් තියෙයි.(හේ)
අනිවාර්යයෙන්ම ඔබ යා හැක.(හේ)
ඔබගේ වැඩ කටයුතු සාර්ථක වේවා.(හේ)
ජයවේවා.(හේ)
රටට වැඩක් කරපු කෙනෙක්.ආරක්ෂක ඇමති කම දුන්නත් පාඩු නෑ ඒ මනුස්සයාට.මොකද පල පුරුද්ද තියෙනවා රටක් රකින්න (හේ)
සුබ පැතුම්! දෙවන වරටත් රටට සේවයක් කරන්න (නි)
හොද තීරණයක්. (ර)
මම නම් කියන්නේ මේක කරන්න එපා කියලයි (නි)
මමත්, රජින්දගේ අදහස අනුමත කරනවා (නි)
පිටිගල මිලානෝගේ අදහස නම් නියමයි. ඒත් කරන්න කව්රු කව්රුත් ටිකක් බයවෙයි. (නි)
ජනතාව ඡන්දෙන් ප්‍රතික්ෂේප කළ අය නැවතත් පාර්ලිමේන්තුවට ගැනීම සහ ඇමතිකම් ලබාගැනීම ගැන අපිට නම් ලැජ්ජයි (නි)
වෙන ඉතින් කොහේ යන්නද? (නි)
වර්තමානයේ තිබෙන දේශපාලන වාතාවරණය අනුව ඔබතුමාට රටට සේවයක් කළ හැකි ක්‍රමය එයයි (නි)
අගය කළ යුතු නායකයෙක් ඒත් දේශපාලනයට ඇවිත් කීර්ති නාමය කැලලක් එකතු කර ගත්තා. මෙතුමාට සුබ පතමු. දේශපාලන දිවිය සාර්ථක වේවා (බ)
ෆොන්සේකා මහත්මයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි ජරා දේශපාලනයෙන් අයින්වෙලා සක්‍රිය සහ විශ්‍රාමික යුධ හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් ප්‍රතිඵලදායි දෙයක් කරන එක. (නි)
අනේ අපොයි! ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගන්නනේ යන්නේ (නි)
අවි ජාවාරම් කරුවන්ගෙන් මුදල් ගත් ජඩ මාධ්‍යවේදීන්ගේ නම්ලිස්ට් එක එතුමා පඟදීම හෙළි කරයි (කෞ)
මම නම් දැනන් හිටිය ශ්‍රී ලංකා පක්ෂයෙන් කවදාවත් ජෙනරල් ෆොන්සේකට තැනක් ලැබෙන්නේ නැහැ කියල.වැඩියෙන් කුහකයෝ,කම්බා හොරු දායාද කරපු පක්ෂයකින් එවැනි දෙයක් බලා පොරොත්තු වෙන්නත් බැහැනේ.....(කෞ)
සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට ගිහින් ගම්පහ දිස්ත්රික්කයට නායකත්වය දුන්නොත්, විශාල චන්ද සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්.(කෞ)
ජනතාව දේශපාලනික වශයෙන් ප්‍රතික්ෂේප කරපු පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීම අනුමත කරන්න බැහැ. (බ)
පැරදුනු අයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම් දෙන්න. ඒ එක්කම ඇමතිකමුත් දුන්නා නම් හරි. එතකොට ප්‍රධාන පක්ෂ දෙකම එකම යහපාලන මඩ වළේ කියලා අපිට මොකක්හරි කරගෙන ඉවසගෙන ඉන්න පුළුවන්. (නි)
ඔබතුමා දැන්වත් කීර්තිමත් හමුදා නිලධාරියකු ලෙස විශ්‍රාම ගොස් ජනතා හදවත් වල සදාකාලික වීරයකු වන්න. ඔබට දේශපාලනය නොගැලපේ.(ම)
ඔබතුමා එජාපයට ගොස් ආරක්ෂක ඇමතිකම ගන්න.(කෞ)
ඔබ තුමා ට මේ තීරණය ගන්න තිබුනේ 2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ .. එහෙම වුනා නම් මෙලහකටත් ලොකු ජනතා ප්‍රසාදයක් ලැබිලා .(කෞ)
ජනමතය අගරු වීම! (නි)
ඔක්කොම කුණු බේරේ වැවට කිවුවලු. (කෞ)
මොහු වැනි දේශපාලන අනාථයින් සිටිය යුත්තේ ශුන්‍යාගාර වල උවත් බල-ලෝභී හා ද්වේශයෙන් පිරුණු මොවුන් ජනතාව කොතරම් ප්‍රතික්‍ෂේප කලද, ජනතාවටම බරක් වනු ඇත. නුතන ලාංකීය දේශපාලනයේ හැඩතලය එසේය.(කෞ)
අන්න හොඳ තීරණයක්, ඔබතුමාට සුදුසුම තැනට ස්ථානගතවීම තමයි යහපත්.(බ)
බලමු ලජ්ජා තියන මනුස්සයෙක්ද කියල.(බ)
මෙතුමා යුද හමුදාපතිකමෙන් විශ්‍රාම ගිය දා ඉදලම කළේ තමන්ගෙ තත්වයට නොගැළපෙන දේවල්මයි.ලෝකේ තියෙන ඉහළම තනතුරක් ලැබිලත් ඒකෙ ගෞරවය ආරක්ෂා කරගෙන ඉන්නෙ නැතිව වෛරී දේශපාලනය නමැති අසූචි වලේ ලගින්න යනව (බ)