ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසුරුවා එහි සාමාජිකයන් හා නිලධරයන් සමග එක්සත් ජාතික පක්ෂයට බැඳුණු හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පිළිගැනීම එජාප මූලස්ථානය වන සිරිකොතේ දී අද (30) පැවැත්විණි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා විය. ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාද එහි ගොස් සිටියේය.
2010 සිට එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබාගන්නැයි වික්‍රමසිංහ මහතා තමාට ආරාධනා කළ බව ෆොන්සේකා මහතා සිහිපත් කළේය. කැලණි ජනතාව හා තමාට සහයෝගය දක්වන සියලු දෙනා වෙනුවෙන් වැඩ කිරීමේ ශක්තිය එක්සත් ජාතික පක්ෂයට ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක් කෙනෙක්ගේ නම් මුහුණ එච්චර හරි නැහැ (නි)
මේ රටට ආදරේටවත් මිනිස්සුන්ට ආදරේටවත් නෙමෙයි ඔය මාරුවෙන්නේ. (ර)
ඔය තීරණය 2015 මහ මැතිවරණයේදී ගත්තනම් වැඩිම මනාපත් අරගෙන. (ර)
රට බේරා දුන් අපේ සෙන්පති සරත් ෆොන්සේකා මැතිතුමාට තුනුරුවන්ගේ සරණින් යහපතක්ම වේවා !!! (බ)
එහෙනම් එයත් ගියා! (නි)
තමන්ගේ නියම ස්වරූපය ජනතාවට පෙන්නුවා (නි)
මෙයත් එක්ක මෙයාට ගැතිකම් කරන අය නම් යාවි. නමුත් එදා ඡන්දය දුන් සියලු දෙනාම නම් යන්නේ නැහැ. (නි)
මේ නාටකයේ පළවන ජවනිකාවයි. (නි)
මෙන්න ප්‍රතිපත්තිගරුක නායකයෙක්. මෙතුමා පක්ෂ දෙකම ගැන කී දේ අමතක වෙන්න අපි මැරිලා ඉපදිලානේ ඉන්නේ. (නි)
මේ වෙලාවේ ගන්නා ලද හොඳ තීරණයක්. (ර)
මේ නාඩගම් වලින් අපිට කමක් නැහැ. මම හොඳින් සහ නරකින් හැකිතරම් මුදල් ඉතුරු කරනවා මගේ දරුවෙක්ව පිටරටක පදිංචියට යවාගන්න. ඒ අලියාගේ වලිගයේ එල්ලිලා මගේ ඉතුරු දරුවන්ටත් ගොඩඑන්න ලැබුනොත් ඒ ඇති. චිරං ජයතු ඔබතුමාලට. (නි)
වසර තිහකට වැඩිකලක් ශ්‍රී ලංකාව තුල පැවති බෙදුන්වාදී ත්‍රස්තවාදය 2009 මැයි මස 18 වනදින එය රටින් තුරන් කර... ඒකීය සාමකාමී... ශ්‍රී ලංකාවක් බිහි කිරිමහිලා යුද හමුදාවට අබීත නායකත්වය ඔබයි. නිරුදුනි, ෆිල් මාෂල් සරත් ෆොන්සේකා මැතිදුනි චිරං ජයතු ...! (ර)
ලබන මහ මැතිවරණයෙන් වැඩි මනාපයෙන් ආරක්ෂක ඇමති නිසැකයි... (ර)
එක්සත් ජාතික පක්ෂයේ අවසානය දෙන් ආරම්භයි (ම)
ඔබ තුමා සිතු පැතූ ආදිය ලැබේවා කියා පතනවා.......(ම)
අර එක මහත්තයෙක් නහය අල්ලාගෙන ඉන්නේ මොකද? (නි)
ප්‍රතිපත්තියක් නැති මිනිස්සුන්ට ජනතාව ප්‍රතිපලය දෙයි ඡන්දේ ආවහම (ම)
අනේ! අලියාගේ පිටේ නැගලා තියෙන්නේ නියම කෙනෙක්නේ (නි)
ඒක ඉතින් එතුමාගේ කැමැත්තනේ (නි)
මුල අමතක වෙලා , වැඩේ නම් හොද නැහැ (ම)
දැන්නම් හිතට එන්නේ ලොකු කළකිරීමක් (නි)
රටක් වටිනා මුහුණු ටික, එක මුහුණයි අඩු වෙලා තිබ්බේ, දැන් එකත් හරි, අලුත් අයගෙන් ඇඹුල් ඇති කතා ටිකක ළඟදීම ඇහෙන්ට ලැබේවායි (ම)
ප්‍රතිපත්ති නොකඩා රට ජාතියට සහ තමන්ගේ පවුලට සේවය කරන්නේ කොහොමද?(ම)
වෙන කොහේ නගින්නද? (ම)
රංග, ඔය පක්ෂයට ඡන්දේ දෙන මිනිසුන්ට කිසිම ප්‍රතිපත්තියක් නැති විදිහටයි මම දකින්නේ. ඒ අයට ඕනෑ කටයි මැරකමයි තිබෙන මිනිස්සු බලයට පත්කරන්න විතරයි. බලන්න පරාදවුණ එයා ඊළඟ සැරේ උඩින්ම දිනනවා. ඒකයි ප්‍රතිපත්තිය (නි)
ප්‍රතිපත්ති රැකීමත් දරු පවුල රැකීමත් දෙකම එකට කල හැකි දේශපාලකයෙක් සොයාගත් නොහැකියි.(ම)
මෙන්න නියම සුදුස්සා ආරක්ෂක ඇමතිකමට...!!! (නි)
ආරක්ෂක ඇමතිකම දෙන්න එතුමාට. හොරු අල්ලයි හරිම ඉක්මනට (නි)
හොඳ ආරංචියක් මේක නම් (නි)
අපිත් ඔබතුමා සමඟයි.(හේ)
රසිත, රට ජාතියට කරනවා කියන්නේ තමන්ගේ පවුලට සේවය කිරීමම තමයි. මොකද තමන්ගේ පවුලත් රට ජාතියේම කොටසක්නේ. (නි)
මුලින්ම මේක තේරිලා ගම්පහ විරෝධතාවය වෙලාවේ මිනිස්සු උස්ස ගෙන හිටපු පුවරු මතක් වුනා.(හේ)
ඔන්න ජනාධිපති වුනොත් නම් විසා හම්බවෙනවා සිකුරුයි. (බ)
මේකේ තියෙන පින්තූර ටික නම් ඉතාම වටිනවා. ලංකාවේ කවදාවත් හොර බොරු නොකරපු උතුමාලා ටික ඔක්කොම එකට ඉන්නවා හරිම සිරියාවයි, අපි සැමට කිරි උතුරයි (වැට් එක්ක) (නි)
ගිනි සුලුව විසිකරලා අලියා පිට නැගලා කොහෙද යන්නේ (ම)
මෙතුමා හොඳ හමුදාපති කෙනක් උනාට දේශපාලනයට කොහොමවත් සුදුසු නැහැ. (ර)
දෙයියනේ ගැලවීමේ හමුදාවට හොඳයි කියපු මිනිහව නේද අද මේ වීරයා කරගෙන ඉස්සරහට දාන්නේ? මේ මනුස්සයටත් ලජ්ජා නැහැනේ. මුල මතක නැති මිනිස්සුන්ට කවද හරි පල දෙනවා (බ)
නිවැරදි තීන්දුවක් ඔබතුමාට ජයවේවා ....(බ)
විශිෂ්ටයි! ජයවේවා ඔබට! (නි)
ජයවේවා. බලාපොරොත්තුව ඉටුවුණා . දැන් අපට ඕන වැඩ. (බ)
දැන් රටේ ප්‍රශ්න ඔක්කම ඉවරයි බඩු මිල අඩුවේවි වැට් අඩුවේවි ජනතාවට සියලු සහනාධාර ලැබෙයි රටම කිරියෙන් පැනියෙන් ඉතිරෙයි (බ)
දැන් යුද්ධයත් විකුණයි සමහරු. යුධ ජයග්‍රහණයේ නියම අයිතිකාරයාත් අලියා පිටේ (නි)
එතකොට මෙතුමා හමුදපති පදවියේ ඉන්නකොට කරපු දේශපාලනය ගැන 2010 සිට පසුගිය ආණ්ඩුව කී දේ සැබෑ බව පැහැදිලියි! (බ)
මෙය ඉතාම හොඳ අදහසක්. සමහර අය අලියාගේ නැට්ටේ එල්ලී දෙව්ලොව යාමට උත්සාහ කරපු කාලය තිබුනේ ඉස්සර. දැන් අලියා ගේ පිටේ නැගී හෝ රටේ සංවර්ධනය වෙනුවෙන් යාමට බලාපොරොත්තු වෙන අයට අත දිය යුතු වෙනවා (බ)
නිම්මි අද මහින්දගෙන් ගැලවෙන එක ලොකු ප්‍රශ්නයක් එ්කයි මෙයාව ගත්තේ ඉස්සරහට හොද හොද පතුරු ගලවයි බලන් ඉන්න. (බ)
ලැජ්ජ නැතිකම මහ මුදලිකමට වඩා ලොකුයි කියනවනේ ...! (බ)
නිම්මි ගැලවීමේ හමුදාවක් තමයි දැන් අපේ රටට ඕනා රටේ ධනය හොරාකාල ඒවා හොයන්න රට ගලවගන්න (බ).
සරත් ෆොන්සේකා මහතාට ජයවේවා ...අලියට ජයවේවා (බ)
අම්මේ කිකිළි .. තටමල ... තටමල... දැනුයි බිත්තරේ දැම්මේ ...(බ)
සද්ද නැත්තේ කට්ටිය බයවෙලා නේද ? (බ)
ඔහු ගත් හොඳ තීරණයක්. ජනතාවට සේවය කිරීමට ඔහුට දැන් හැකියාව ලැබී ඇත. (ර)
ලජ්ජා නැති කම ෆීල්ඩ් මාර්ෂල් කමටත් වඩා ලොකුයි (බ)
ෆොන්සේකා මහත්තයෝ, අලියා පිටේ ගිහින් හරි රටේ විනය හදන්න උදව්වන්න. කතා කරනකොට පරෙස්සමෙන් කතා කරන්න. (බ)
දැන් ඉතින් දේශපාල මදගොඩේ ඔබතුමාත් මඩ නානවා. (ර)
ලජ්ජා නැතිකම නෙවෙයි, සරත් මැතිතුමා තමන්ගේ සිටිය යුතු තමන්ගේ මහා ගෙදරට පා තැබුවා, මේක විශේෂ පුවතක් නම් නෙමේ. (ර)
දේශපාලන වශයෙන් හොඳ ගමනක් යන්න සුබ පැතුම්! (නි)
මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)
සුබ ගමන් කියලා පතනවා අපි! (නි)
මෙයා කොහොමත් අලියා මහින්ද ඒ බව දැන දැන වැඩකාරයා නිසා යුද්දෙට එකතු කර ගත්තා (බ)
ණයට මුදල් ගෙන ඕනෑම මෝඩයෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු මහත්තුරු මොනවා සිතනවා ඇද්ද දැන්? (නි)
මිනිස්සු ඡන්දෙන් ප්‍රතික්ෂේප කළ කෙනෙකුට පිනට මන්ත්‍රීකමකුත්, ඇමතිකමකුත්, කෝටි ගණනක වාහනයක් ඇතුළු සියලුම සැපපහසුකමුත් දුන්නාට පස්සේ ඉතින් වෙන මොනවා කරන්නද? (නි)
පහුගිය යුධ සමයේ යුද්ධයට නායකත්වය දෙමින්, ආරක්ෂක හමුදාවන්ගේ චිත්ත ධෛර්යය නැංවීමට දහසකුත් දේ කරමින් යුද්ධය ජයග්‍රහණය කරා මෙහෙයවූ අපේ නායක රනිල් මැතිඳුන් නැවතත් ෆොන්සේකා ඇමතිගේ නායකයා වෙලා. (නි)
සැපත සොයා යන මේ දුර ගමනේ...(බ)
ලජ්ජ නැතිකමනේ (හේ)
දැන් ඉතින් රටේ ප්‍රශ්න විසදේවිද ? (හේ)
ලැජ්ජාවක් නැතිකම වෙන මොනවද (බ)
මෙතුමා හමුදා නිලධාරියෙක් වශයෙන් රටට මහඟු මෙහෙවරක් ඉටුකළාට දේශපාලඥයෙකු වශයෙන් නම් එතරම් වැඩක් රටට වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ. “ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත" කියලා තියෙනවනේ. (නි)
මන්ත්‍රී කම මොකක්ද එ්කටත් වැඩිය ලොකුයි කියනවනේ. (බ)
කඩාගෙන යන දාටත් ඔහොමම උත්සවයක් තියයිද? (බ)
ලංකාවේ මිනිස්සුන්න්ට සමගිවෙලා එකතුවෙනෙක හරිම අමාරු වැඩක්! එ්කයි සුනිමල් ඔහොම චෝදනා කරන්නේ. (බ)
දැන් අපිට ඉදිරියට හොඳ හොඳ කතා අහන්න පුළුවන් වෙයි! (නි)
අමාලි, නන්දලාල්, හොඳටම විශ්වාසද මෙයා රට සංවර්ධනය කරන්නමයි අාවේ කියලා? අනික රට සංවර්ධනය කරන්න නම් අලි පිටේම නගින්න ඕනෑ කියලා හිතන්න තරම්? අනේ මන්දා! නැතුව! නැතුව! (නි)
“පාන්දරින් පැරදුනු ඒ මිනිසා හැන්දෑවෙත් අලි පිටට නගී“ (නි)
නියම තැනට තමා කොටුවුණේ. ඔය කියන පක්ෂයේ සාමාජිකයෝ කීදෙනෙක් හිටියද එජාපයට එන්න. ඇයි අවුරුදු 7ක් බලාගෙන හිටියේ. පොදු අපේක්ෂයා විදිහට දෙවන වරට ආවා නම් ෂුවර් එකටම දිනන්න තිබුනා. (නි)
දේශපාලන වශයෙන් හොඳ ගමනක් යන්නට සුබ පැතුම්! (ම)
රංග, ඔබ හරියටම හරි (නි)
කිසිම කෙනෙකුගේ මුහුණුවල සතුටක් පෙනෙන්න නැහැ. මෙතුමා ආවේ හිස් අතින්. ඔහුත් සමඟ එන්න පිරිසක් නැහැ (නි)
දැන්නම් ඉතින් වීසා හම්බවෙනවා සිකුරුයි (නි)
මුල අමතකවෙලා. වැඩේ නම් හොඳ නැහැ. ඕක නිසානේ මුල ඉඳලම වැඩ වරද්දාගත්තේ. (නි)
ඔබතුමා සිතූ පැතූ ආකාරයට සියල්ල ලැබේවා කියා පතනවා. (නි)
අපේ අවාසනාව තමයි මේ පළදෙන්නේ. (නි)
නන්දලාල් හොඳටම විශ්වාසද මෙයා රට සංවර්ධනය කරන්නමයි අවේ කියල. කෝටි 7 ක වාහනයකුත් ඉල්ලුවේ එකයි. අනික රට සංවර්ධනය කරන්න නම් අලි පිටේම නගින්න ඕනේ කියලා හිතන්න තරම් ? අනේ මන්ද . (හේ)
ඒ මනුස්සයටත් යන්න එන්න තැනක් තිබෙන්න එපැයි, ඇමෙරිකාවට යන්නත් බැරිකොට, ඉතින් අනිත් කට්ටිය බොරුවට දඟලනවා (හේ)
ඔබ මිට පෙර ඔය තීරණය ගත්තා නම් අද ඔබ රටේ නායකයා නමුත් ප්‍රමාද වී හෝ නිසිතැනට ඇවිත් තිබීම ගැන සතුටුයි (හේ)