IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ෆිනෑන්ස් සමාගමක් ලක්ෂ පනහක් වංචා කරලා

තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කළැයි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනකුට සැප්තැම්බර 16 වැනිදා උසාවි එන ලෙස දන්වමින් නොතීසි නිකුත් කරන්නැයි කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

දොන් ජෝසප් ඩග්ලස්, අජිත් ප්‍රභාත් හා ප්‍රේමසිරි විතාන යන අධ්‍යක්ෂවරුනට මෙසේ නොතීසි නිකුත් කැරිණි.

කොම්පඤ්ඤවීදිය පොලිසිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසුවේ තැන්පත්කරුවන් හැත්තෑ දෙනකුගෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

ඔවුන්ගේ තැන්පතුවලට ලාභාංශ නොලැබුණු බවත්, රුපියල් පනස් ලක්ෂයක් පමණ වංචා කර ඇති බවත් මේ පැමිණිලිවලින් කියැවෙන බවත් පොලිසිය කියා සිටියේය.

දැනට ඇප මත සිටින අධ්‍යක්ෂවරුන් වන ලක්ෂමන් රූපසිංහ හා ගාමිණී කරුණාතිලක වෙනුවෙන්   පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ ඔවුන් මෑතදී පත් කළ බවයි. අතීත ගනුදෙනු ගැන   ඔවුන් නොදන්නා බව ද නීතීඥවරයා සඳහන් කළේය.

සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබීමෙන් පසු තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට සමාගමට හැකි බවයි.

ඒ අනුව  මුදල් අපසු ගෙවීමේ සැලැස්මකට ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත කරන්නේදැයි දැන ගැනීමට එහි බැංකු නොවන මූල්‍ය කටයුතු අධ්‍යක්ෂට සැප්තැම්බර 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නොතීසි නිකුත් කැරිණි.



අදහස් (0)

ෆිනෑන්ස් සමාගමක් ලක්ෂ පනහක් වංචා කරලා

විහග Monday, 02 September 2013 07:39 PM

මේ සමාගමෙන් තවත් මොනයම් හෝ අසාධාරණයක් වෙච්ච අය ඉන්නවා නම් ළගම පොලිසියට පැමිනිලි කරන්න (නි)

:       0       0

අමිල - කටුනායක Tuesday, 03 September 2013 11:42 AM

මේ වගේ ඒවගෙ මුදල් දාන විට අවදානමත් අපම දරන්න ඕන. (ස)

:       0       0

සචිත් Monday, 02 September 2013 08:46 PM

මේ වැඩ නිසා හැමෝම අමාරුවේ (නි)

:       0       0

මාන‍ගේ Monday, 02 September 2013 09:47 PM

මේකත් අයිති අරගොල්ලන්ටම නේද? (නි)

:       0       0

උපාලි Tuesday, 03 September 2013 01:29 AM

වැදගත් විදිහට පෙනී ඉන්න අධ්‍යක්ෂකලාත්, වැදගත් යැයි ප්‍රචාරක දැන්වීම් දමන සමාගම්කාරයොත් අපේ සාක්කුවට තට්ටු කරන්නේ බොහොම සුක්ෂ්ම විදිහට. දැන් කොම්පැනි කීයක් අහුවුනාද? ඕක නිසා තමයි ගෙවන පොලිය අඩුවුනත් රාජ්‍ය බැංකු ගැන අපි විශ්වාසය තබන්නේ. (නි)

:       0       0

ඩිපෝ Tuesday, 03 September 2013 06:41 AM

දහවල් මංකොල්ල... (නි)

:       0       0

වරුණ Tuesday, 03 September 2013 08:23 AM

රටේ නීතිය හොරුන්ට වංචාකාරයින්ට නිසියාකාරව ක්‍රියාත්මක නොවීමෙන් ඉදිරියේදී මේවා තවත් ඉහල යනවා ඇත .මා ඊයේ පෙරේදා පත්තරේක කියෙවූවා අපේ මහා කලාකාරයෙක් කියලා තිබුණා මේ රටේ වර්තමාන තත්වය විත්තිකාරය නිදහස් කරලා පැමිණිලි කාරයව එල්ලුම් ගස් යවන කාලයක් කියලා එයයි සැබෑ තත්වය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site