තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කළැයි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනකුට සැප්තැම්බර 16 වැනිදා උසාවි එන ලෙස දන්වමින් නොතීසි නිකුත් කරන්නැයි කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
දොන් ජෝසප් ඩග්ලස්, අජිත් ප්‍රභාත් හා ප්‍රේමසිරි විතාන යන අධ්‍යක්ෂවරුනට මෙසේ නොතීසි නිකුත් කැරිණි.
කොම්පඤ්ඤවීදිය පොලිසිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පැවසුවේ තැන්පත්කරුවන් හැත්තෑ දෙනකුගෙන් පැමිණිලි ලැබී ඇති බවයි.
ඔවුන්ගේ තැන්පතුවලට ලාභාංශ නොලැබුණු බවත්, රුපියල් පනස් ලක්ෂයක් පමණ වංචා කර ඇති බවත් මේ පැමිණිලිවලින් කියැවෙන බවත් පොලිසිය කියා සිටියේය.
දැනට ඇප මත සිටින අධ්‍යක්ෂවරුන් වන ලක්ෂමන් රූපසිංහ හා ගාමිණී කරුණාතිලක වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ ඔවුන් මෑතදී පත් කළ බවයි. අතීත ගනුදෙනු ගැන ඔවුන් නොදන්නා බව ද නීතීඥවරයා සඳහන් කළේය.
සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබීමෙන් පසු තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට සමාගමට හැකි බවයි.
ඒ අනුව මුදල් අපසු ගෙවීමේ සැලැස්මකට ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත කරන්නේදැයි දැන ගැනීමට එහි බැංකු නොවන මූල්‍ය කටයුතු අධ්‍යක්ෂට සැප්තැම්බර 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද නොතීසි නිකුත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සමාගමෙන් තවත් මොනයම් හෝ අසාධාරණයක් වෙච්ච අය ඉන්නවා නම් ළගම පොලිසියට පැමිනිලි කරන්න (නි)
මේ වගේ ඒවගෙ මුදල් දාන විට අවදානමත් අපම දරන්න ඕන. (ස)
මේ වැඩ නිසා හැමෝම අමාරුවේ (නි)
මේකත් අයිති අරගොල්ලන්ටම නේද? (නි)
වැදගත් විදිහට පෙනී ඉන්න අධ්‍යක්ෂකලාත්, වැදගත් යැයි ප්‍රචාරක දැන්වීම් දමන සමාගම්කාරයොත් අපේ සාක්කුවට තට්ටු කරන්නේ බොහොම සුක්ෂ්ම විදිහට. දැන් කොම්පැනි කීයක් අහුවුනාද? ඕක නිසා තමයි ගෙවන පොලිය අඩුවුනත් රාජ්‍ය බැංකු ගැන අපි විශ්වාසය තබන්නේ. (නි)
දහවල් මංකොල්ල... (නි)
රටේ නීතිය හොරුන්ට වංචාකාරයින්ට නිසියාකාරව ක්‍රියාත්මක නොවීමෙන් ඉදිරියේදී මේවා තවත් ඉහල යනවා ඇත .මා ඊයේ පෙරේදා පත්තරේක කියෙවූවා අපේ මහා කලාකාරයෙක් කියලා තිබුණා මේ රටේ වර්තමාන තත්වය විත්තිකාරය නිදහස් කරලා පැමිණිලි කාරයව එල්ලුම් ගස් යවන කාලයක් කියලා එයයි සැබෑ තත්වය. (ස)