ඇන්කර් කිරිපිටි හා ආශ්‍රිත නිෂ්පාදන කරන ෆොන්ටෙරා සමාගමේ බියගම කර්මාන්ත ශාලාව සහ ශ්‍රී ලංකාවේ කාර්යාලය අද (23) සිට දින නියමයකින් තොරව වසා දැමු බව එහි නිලධරයෙක් කියයි.
කම්හලේ සේවකයෝ හත්සිය පනස් පස් දෙනෙක් සිටිති.ඉන් හතරදෙනෙක් විදේශිකයෝය.සේවකයන්ගේ ආරක්ෂාව පතා මේ පියවර ගත් බව සමාගම කියයි.
කම්හල ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීමෙන් ,මීනී පෙට්ටි තැබීමෙන් හා අලෙවි නියෝජතයින්ට නොයෙක් තැන්වලදී තර්ජන ගර්ජන එල්ල කිරීමෙන් ඇති වු තත්ත්වය සැළැකිල්ලට ගෙන නවසීලන්ත සමාගමේ තීරණය අනුව කම්හල වසා දැමු බව එම නිලධරයා පවසයි.
සේවක ආරක්ෂාව පතා මේ තීරණය ගත් බව ප්‍රධාන විධායක තියෝ ස්පිරින්ග්ස් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොන්ටෙර ආයතනය නවසීලන්තෙට අයත් වුනත් පාලකයෝ වැඩිදෙනෙක් ලාන්කිකයෝනේ.මේ වෙස් මුහුණු බදින්නේ මටනම් හිතෙන්නේ වෙන නාඩගමක් නටන්න, ඉවසිල්ලෙන් බලාඉමු. ශානි ආයෝජකයන්ට එන්න කියන්නේ අනාගතය යහපත් කර ගන්න නේ.නමුත් අනාගතය මරා ගත්තම ඒ ආයෝජනය මොනවා කරන්නද .(දී)
ෆොන්ටෙර ආයතනය නවසීලන්තෙට අයත් වුනත් පාලකයෝ වැඩිදෙනෙක් ලාන්කිකයෝනේ.මේ වෙස් මුහුණු බදින්නේ මටනම් හිතෙන්නේ වෙන නාඩගමක් නටන්න, ඉවසිල්ලෙන් බලාඉමු. ශානි ආයෝජකයන්ට එන්න කියන්නේ අනාගතය යහපත් කර ගන්න නේ.නමුත් අනාගතය මරා ගත්තම ඒ ආයෝජනය මොනවා කරන්නද .(දී)
ෆොන්ටෙරා කියන්නේ හොද සමාගමක්... (නි)
එයාලට රස්සාවල් කරන්න අපේ ළමයි මැරෙන්න ඕනද? වෙන මොනොව හරි කරන්න (දී)
(1). (හොඳ > නරක) ; (ගුණ > අගුණ) ; (දුක < සතුට) ; { පාරිභෝගිකයා} (2). (හොඳ < නරක) ; (දුක > සතුට) ; { වෙළෙන්දා; සේවකයා } => (1) > (2) //(දී)
අපේ රටේ ඉන්න ..............(දී)
මටනම් හිතෙන්නේ මෙතන කොමෙන්ට් දමන සමහර අය ගොන්කිරි බීමෙන්, ඔවුන්ගේ සිතීමේ ශක්තිය හීනවී ඇති බවයි, අපේ වැඩිහිටියන් වැඩකලේ මේ පිටිකිරි බීලා නොවේ .. දැන් රටේ ජනගහනයෙන් 60%ක් විතර බෝනොවෙන ලෙඩරෝග වලින් පෙළෙන්නේ අපට නොගැලපෙන පිටි කිරි ඇතුළු වෙනත් ආහාර නිසාය.. දියුණුයි කියන සෑම බටහිර රටක්ම ඔවුන්ගේ අවශ්‍ය තාවය නැවුම් දියර කිරි වලින් ඉටුකරගන්නා අතර, අතිරික්ත කිරි, පිටි බවට පත්කර අප වැනි රටවල්වලට අපනයනය කිරීම සිදුකරයි.. මෙම කිරිපිටි වල ඇති ප්‍රෝටීන් ඔවුන් ඉවත්කරගන්නා අතර එම අඩුව පිරවීමට වෙනත් දේවල් එකතුකිරීම සිදුකරයි, වෙළද දැන්වීම් වලට ආකර්ෂණය වන අපේ ඇත්තෝ රසකරමින් එම කිරි පානය කරයි, මෙම ආහාර වල ඇති වස විෂවලින් ක්‍ෂණිකව මිනිසුන් මරණයට පත්නොවන අතර කාලයක් ගොස් විවිද ලෙඩ රෝගවලට ලක්ව අවසානයේදී මිය යාම සිදුවේ. රටටම බත සැපයු රජරට ගොවිමහතුන්ට කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා සිදුව ඇති ඉරණම වර්තමානයට දියහැකි උදාහරණයකි.. (නදී)
කිරිපිටි බිලත් ඉවරයි.(නදී)
කව්රු හරි කොටස් ඉල්ලලා සමාගම දෙන්න බැහැ කිව්වද දන්නේ නැහැ නේද?(නදී)
කම්හල වැහුවේ අපිට තියෙන ආදරේට නෙමෙයි. මෙච්චර කල් අපේ අයට අවරුදු ගානක් තිස්සේ වස විස කැව්වට හෙට අනිද්දා අපි නඩුවක් දැම්මොත් මෙහෙ තියෙන ඒවා නෙමේ නවසීලන්තයේ තියෙන දේවල් වික්කත් මදි වන්දි ගෙවන්න.(නදී)
සමාගම කුමණ්ත්‍රණ කරන්නේ නම් වහාම රජයට පවරා ගෙන කිරි පිටි නිෂ්පාදනයට සම්බන්ධ ආයතනනයක් එම සේවකයින් සම්බන්ධ කර ගෙන ඇති කල යුතුයි.(නදී)
රජ රට පදවියේ මිනිස්සු වකුගඩු රෝගයෙන් මියයනවා.එකට ප්‍රදාන හේතුව ආසනික්, කැඩ්මිමං ලෝහ බොහෝ අඩංගු රසායනික පොහොර භාවිතයෙන් බව සනාත වෙලත් ඒවා තවම විකුනන්නතියෙනවා.ඒවාට නම් එක්කෙනෙක් පාරට බැහැල කෑ ගැහුවේ නැහැ .ඒ දුප්පත් මිනිස්සු ගැන කතා කරන එකෙක් නැහැ.කෝ අපේ ඔය කියන මානව හිත වාදී දේශප්‍රේමියෝ . එයාලා කරන්න උන්ගේ වාසියට විතරයි.(දී)
ලෝකය පුරා පෙන්නන පින්තුර වල පොලිසියේ කෙනෙක් කිසිම කලබලයක් නැතිව ඉන්න කාන්තාවන්ගේ ඇඟට තව පොලිස් නිලධාරීන් දෙන්නෙක්ව තල්ලු කරන හැටි පැහැදිලිව පෙන්නනවා. මෙහෙම තමයි මිනි මරණ තැනට කලබල වැඩි කරවන්නේ. ඒ නිලධාරියා කවුද කියල හොයල දඬුවම් කරන්න ආරක්ෂක අමාත්යංශය වහාම පියවර ගන්න ඕනේ. හරිම නරකයි මේ වගේ ප්‍රචාර මේ රටට. ඒ වගේම මෙහෙම පොලිස් නිලධාරී ඉන්නවා කියන එක දැනගෙන දැන්මම නවත්තන්න . පිටිපස්සේ ඉඳන් නූල් අදින අය නිකම්ම හෙළි වෙයි.? (දී)
මේක වැහුවේ තර්ජන ගර්ජන නිසාද? කිරි පිටිවල ප්‍රශ්නයක් නැද්ද? (දී)
මේ රටේ සමාගමේ තියෙන සියලු දේපළ රජයට පවරාගෙන එම සේවකයන්ට වන්දියක් දෙන්න. (ස)
ඔය උද්ඝෝෂණ පවත්වන අයට කියන්න දැන් මේ 700 දෙනාට පඩි ගෙවන්න කියලා. (ස)
සතුට ...දුක...
සමාගම තර්ජන ගැන කතා කරනවා නමුත් ඔවුන් මේ රටේ ගරු අදිකරණය දුන් නියෝග වලට පිටුපා ඔවුන්ගේ ප්‍රචාර සහ විකිණීම කලේ ඇයි?. වෙළඳ සදාචාරය මේකද ?. ප්‍රශ්නයක් තිබෙනවා නම් ක්‍රියා කල යුතුව තිබුනේ නීති රාමුව තුල නේද. මෙයින් ජනතාවව වන අපට මේ නිෂ්පාදනය ගැන ඇතිවුනේ බරපතල සැකයක් නොවේද ? අපිනම් බොන්නේ දියර කිරි සහ ලංකාවේ නිෂ්පාදිත පිටිකිරි පමණයි එනිසා කිසිම දවසක අපට මේ ගැන හිතේ බයක් ඇතිකරගන්න අවශ්‍ය නැත.(නදී)
හිතුවක්කාර ලෙස හෝ රජය (රජය යනු අපගේ රට) අපහසුතාවයට පත්කරන්න උත්සාහ දරන්නේ නම් මෙම කම්හල රජයට පවරාගෙන එම කර්මානත්යම කරන දේශීය ආයතනයකට පවරමු. විදේශීය සමාගම් අපගේ රටේ ආයෝජන කිරීම අගේ කරන අතර හිතුවක්කාර ක්‍රියා වැලැක්වීමටද පසුබට නොවිය යුතුයි(දී)
නිකන් බොරුවට හැම එකටම බොරු දේශ ප්‍රේමය ඉස්සරහට දාගන්න එපා. (දී)
දැන් දේශීය දේ බොන්න (දී)
පිස්සු වැඩ කරන්න අපේ මිනිස්සු හරි දක්ෂයි ...(දී)
රණා දුක අහිංසක මිනිසුන්ගේ රස්සාවල් නැති වුණාටද? (ස)
ලංකාව පුද්ගලික අංශය සහ විදෙස් ආයෝජකයන් නැතුව කොහොමද දියුණු කරන්නේ. (දී)
කුමාර්, ඔය කිරිපිටි නැති වුනාට ..අපි මැරෙන්නේ නැහැ. එත් බඩ වියත රැක ගත්තු මිනිස්සු හෙට මහපාරට වැටෙන කොට. කවුද රස්සාවක් දෙන්නෙ.ඔවුන් වෙනුවෙන් වන්දියක් දෙන්නෙ. (ස)
නිකන් බොරුවට හැම එකටම බොරු දේශප්‍රේමය ඉස්සරහට දාගන්න එපා. මේකේ අදහස් දාන අය කියන ලොකු දෙයක්නේ ඔවුන් ෆ්‍රෙෂ් මිල්ක් බොද්දි අපිට පිටි කරලා එවන්නේ ඔවුන්ටත් ෆ්‍රෙෂ් මිලක් බොන්න පුළුවන්නේ කියලා. නවසීලන්තයේ ෆ්‍රෙෂ් මිල්ක් බෙදාහැරීම ඕනෑ තරම් තියෙනවා. එතකොට ඒ මිනිස්සුන්ට පිටි බොන්න ඕනෑ නැහැ. අනික ඇත්තටම ඒගොල්ලො ඩීසීඩී තණකොලවලට දානවා නම් ෆ්‍රෙෂ් මිල්ක් එක්ක ඒ මිනිස්සුන්ටත් ඒවා ඇගට යනවනේ! දැන් පිටිකිරි බොන්නේ නැතුව තැඹිලි බොන්න කියන දොස්තරලා මෙච්චර කල් කටපියාගෙන හිටියේ මොකද. (නි)
මට කවුරු හරි කියනවද බලන්න මේ කිරිපිටි බීලා මේ වෙනකම් කවුරු හරි මැරිලා, හරි ලෙඩ වෙලා, හරි තියෙනවද කියලා .. මම කියන්නේ වෛද්‍ය වාර්තාවකින් කිරි විස වෙලා කියලා මරුණා හෝ ලෙඩ වුණා කියලා ...මට නම් හිතෙන්නේ හෙට අනිද්දා වෙද්දී මේ දවස් වල අපිට දිගට හරහට ආධාර දෙන රටෙන් අලුත් කිරි ෆැක්ටරියක් හඳුන්වා දෙන්න මේ අය උත්සාහ කරන්නේ ... (ස)
ආදරණිය ලක්වාසී අපගේම සහෝදර වරුනි රක්ෂාවල් කියලා වැරදි දේට ඉඩ නොදිය යුතුය. එහෙත් බලධාරින් ඒවාට නිසි මඟ පෙන්වා නිවැරදි කළ යුතුව ඇත. නැතුව ඔය සමහරක්ගේ බුද්ධියකින් තොර අදහස් වලින් පිළිබිඹු වන්නේ කෙසේ හෝ මුදල් අවශ්‍ය බවය. එසේ කිරීම රටකට ඉතාමත් භයානක තත්වයකි. තව ටික කලකින් ඒ අය කියවී කසිප්පු වලටත් ඉඩ දෙන්න කියා මොකද එයිනුත් සෑහෙන පිරිසක් රැකෙන නිසා. ! බුද්ධිමත් පින්වත් රටවැසියනි යමක් දෙස මධ්‍යස්ථව බැලීමෙන් ඔබටත් රටටත් දෙලොවටම යහපත්ය. සැම දේම දේසපාලන ඇහෙන නොබලන මෙන් අනුකම්පාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. (ස)
නවසීලන්ත සමාගමට ලංකාව කියන්නේ නැති කරගත නොහැකි තරම් විශාල වෙළඳ පොළක් නොවෙයි. ඔවුන්ට එය බලපෑමක් ඇති කරන්නේ නැහැ. (ස)
අපේ මිනිස්සු හරි කුහකයි,සමහරු මේවට සතුටු වෙනවා, රස්සාවක් නැතිවෙලා බලන්න ඕනා, දුක දැනෙන්න. (ස)
මේ සමාගම දැන් ඔය ජරාව විකුනලා සල්ලි හම්බ කරන් ඉවරයි. ඒ නිසා ඕක රජයට පවරාගෙන දේශීය කිරි කම්හලක් ආරම්භ කලා නම් වටිනවා. (ස)
සම්පත් බොරු කියන්න එපා . තවම ඩීසීඩී වල වලින් වෙන සියළු ප්‍රතිවිපාක ගැන වාර්ථා ලැබිලා නැහැ. බොරුවට මිනිස්සු බය කරන්න එපා . අනික ඕගොල්ලන්ට කාබයිටි දාල ඉදවන පලතුරු, කුරේටර් දාන එළවලු, ෆොර්මලින් දාන මාළු , ලංකාවේ මීකිරි විකුනන්න කල්තියාගන්න ෆොර්මලින් දාන කොට, ඔක්කොම කර්මාන්තශාලා වල ජරාව ගඟ වලට දාල අපිට විස පොවනවා ඒවා හොදයිද?(නදී)
750 ක් කියන්නේ විශාල ගණනක් නෙමෙයි. මේ තමයි හොඳම අවස්ථාව මේ පිරිසත් යොදාගෙන අපේ දේශීය කිරි නිෂ්පාදනය දියුණු කරන්න! (නි)
කොමෙන්ට් දමන සමහර අය ගොන්කිරි බීමෙන්, ඔවුන්ගේ සිතීමේ ශක්තිය හීනවී ඇති. අපේ වැඩිහිටියන් වැඩ කලේ මේ පිටිකිරි බීලා නොවේ .. දැන් රටේ ජනගහනයෙන් 60%ක් විතර බෝ නොවෙන ලෙඩරෝග වලින් පෙළෙන්නේ අපට නොගැලපෙන පිටි කිරි ඇතුළු වෙනත් ආහාර නිසාය. දියුණුයි කියන සෑම බටහිර රටක්ම ඔවුන්ගේ අවශ්‍ය තාවය නැවුම් දියර කිරි වලින් ඉටුකරගන්නා අතර, අතිරික්ත කිරි, පිටි බවට පත්කර අප වැනි රටවල්වලට අපනයනය කිරීම සිදුකරයි.. මෙම කිරිපිටි වල ඇති ප්‍රෝටීන් ඔවුන් ඉවත් කරගන්නා අතර එම අඩුව පිරවීමට වෙනත් දේවල් එකතුකිරීම සිදුකරයි, වෙළද දැන්වීම් වලට ආකර්ෂණය වන අපේ ඇත්තෝ රසකරමින් එම කිරි පානය කරයි, මෙම ආහාර වල ඇති වස විෂවලින් ක්‍ෂණිකව මිනිසුන් මරණයට පත්නොවන අතර කාලයක් ගොස් විවිද ලෙඩ රෝගවලට ලක්ව අවසානයේදී මිය යාම සිදුවේ. රටටම බත සැපයු රජරට ගොවිමහතුන්ට කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා සිදුව ඇති ඉරණම වර්තමානයට දියහැකි උදාහරණයකි.(නදී)
මේකේ ප්‍රතිචාර දැක්කම හිතෙනවා කිරි ගන්න බැරිවුනාට හරක් ගහනය කොයිතරම්ද කියලා. වැරදිදේට ඉඩ නොදිය යුතු නම් ඉතින් කොතරම් දේවල් නවතින්න ඕනෑද මේ රටේ. කෙරෙන්නෙම වැරදි දේවල් නේ. මේ කම්හලේ කළේ නවසීලන්තයෙන් ගෙනාපු කිරිපිටි වලින් මෙහිදී නැවත වෙනත් නිෂ්පාදන කරපු එකයි. ලංකාවේ කිරි පිටි රට යවන්නේ නැහැ තියෙන ටික තමයි ඔය දැන් තියෙන කම්හල් පවත්වාගෙන යන්න යොදා ගන්නේ. රජයට පවරාගෙන දේශීය කිරි කම්හලක් ආරම්භ කරන්න කිවුවට කම්හල පවත්වාගෙන යන්න කිරි දෙන්නේ කවුද? (නි)
පරීක්ෂණ නිරීක්ෂණ, නිගමන... අපි පාසලේදී ඉගෙනගත්තේ එහෙමයි. විද්‍යාත්මක ක්‍රමය.... කින් බෙනට්, එක දවසෙන් මැරෙන්නේ නැහැ. කාලයක් ගියාම ලෙඩ වෙනවලු. හොයල බලන්න ඕනෑ. (නි)
රජයට පවරා ගන්න එකට නම් අපි විරුද්ධයි. මිල්කෝ සමාගමට වෙච්ච දේ මතකද මන්දා (නි)
මම ඉන්නේ නවසීලන්තයේ. මේ රට නියම ප්‍රමිතියට වැඩ කරනවා හොර බොරු නැහැ. චීනයේ වගේ මෙලමයින් දාන්නේ නැහැ. සමාගම වරද පිළිගෙන නිවැරදි දේ කළා. අපේ රටවල් වගේ වරද හංඟන්නේ නැහැ (නි)
සී.ඩී.සී ඉතාමත් බයානක තත්වයක් මොකද මෙමගින් මොලේ ස්නායු මියැදෙනවා මෙය දීර්ග කාලින ප්‍රතිපලයක්. එමගින් අංශභාගය, මොලේ ක්‍රියාකාරිත්වය අඩපනවිම, සහ වද භාවය ප්‍රදානි,ස අතුරු ප්‍රතිපල විශාල වන අතරම මෙය සැලකිය යුතු තත්ත්වයක් ආවාසනාව ලංකික අපට කරුණු කාරණා නොවැටහීම.(නදී)
ඔක්කොම හරි. හෙට ඉදන් චීන කිරි බොන්න පුලුවන් මෙලමයින් තියෙන.(නදී)
චීනය පසුගිය මාසේ වැඩි මිලට කිරිපිටි අලෙවි කිරීම නිසා ඩොලර් 900,000 දඩයක් ෆොන්ටෙරා සමාගමට ගෙවන්න නියමකලා. රටක පවතින නීතියට හිස නමන්නේ නැතිව අත්තනෝමතික විදියට වෙළඳපොළ පාලනය කරන සමාගම් වලට මෙම සිදුවීම හොඳ ආදර්ශයක් වේවි!(නදී)
ඔවු. දියුණු රටවල් වල පගා කියන එක අහලාවත් නැහැ. මේකෙන් වෙන්නේ ලංකාවට කිසි ආයෝජනයක් ලැබෙන්නේ නැතිවීමයි. චීනෙට විතරක් යටවෙලා ඉන්න වේවි. මෙරටේ සදාචාරත්මක ලෙස ආයතනයක් ගෙනියන්න බැහැ. රටේ ඇති නැති අය අතර පරතය වැඩිවෙනවා විතරක් වේවි. බහු ජාතික සමාගමක් රටකට ගෙන්න ගන්න කොච්චර අමාරුද? ලංකාව කවදාවත් දියුනු වෙන එකක් නැහැ (නි)
උපුල් කව්රුවත් කොටස් ඉල්ලලා නැ, ලොකු කෙනෙක් පගාව ඉල්ලලා දෙන්න බෑ කියලා. ඒකයි අපේ අයගේ ජාතික කැක්කුම එලියට පැනල තියෙන්නේ.(නදී)
මොන මගුලක්ද ෆොන්ටෙරා ආපහු අරින්න ඕනේ.(නදී)
බන්දුල, මෙතන ප්‍රශ්නය නවසීලන්තය ප්‍රමිතියකට වැඩකරණවද නැත්ද කියන එක නෙවෙයි නේද? ඇයි ෆොන්ටෙරා සමාගම, නිෂ්පාදිත එක්තරා කිරිපිටි බැච් එකක ඩීසීඩී ඇතිබව දැන දැනත්, එය ලංකාවේ විකිනීමට එව්වේ? (නදී)
අයියෝ සල්ලි
ඕනෑම රටක, කැනඩාවේ පවා කලාතුරකින් ඔය වගේ දෙයක් වෙනවා. ඒවාට මේ රට වල මිනිස්සු පාරට බහින්නේ නැහැ. ඒවාට වගකිව යුතු නිලදාරීන් නිසි පියවර අරන් ආපහු හරි විදිහට වැඩ කරගන්න දෙනවා. (නි)
අජිනොමොටෝ, කුකුල් මස් ,සැමන් ,ආනයනික පලතුරු,වස විස තවත් තියනවා ඒවත් ඉවත් කරමු ලංකාවෙන් (නි)