
( නිශාන්ත කුමාර)
තියුණු ආයුධයකින් කන් පෙත්තක් කපා දැමීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු අද (09) මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මඩොල්සිම කුරුවිගොල්ල ගම්මානයේ පදිංචි අවුරුදු 29 ක ආබාධිත තරුණයකි.
මෙම තරුණයා තම ජංගම දුරකථනයට ලද ඇමතුමකට පිළිතුරු දෙමින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි තවත් පුද්ගලයකු ජංගම දුරකතනය කනේ ගසාගෙන යෑමට විරෝධය පළ කරමින් ඔහුට පහරදී ජංගම දුරකථනය තිබූ කන්පෙත්ත සිය අතෙහි වූ පිහියෙන් කපා දමා ඇත.
තුවාල ලැබූ තරුණයා ආබාධිත තරුණයකු වන අතර කන්පෙත්ත කපා දැමීමෙන් නොනැවතුණු සැකකරු තමුන්ට අතින් පයින් පහර දුන් බව ද පවසයි .
සිද්ධිය සම්බන්ධයෙන් තුවාල ලැබූ අයගේ මව විසින් මඩොල්සිම පොලීසිය වෙත පැමිණිල්ලක් කර ඇති අතර මඩොල්සිම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd