IMG-LOGO

ෆොන් එක කනේ තියාගෙන ගියා යැයි කන කපලා

( නිශාන්ත කුමාර)

තියුණු ආයුධයකින් කන් පෙත්තක් කපා දැමීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු අද (09) මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

 මෙලෙස රෝහල් ගත කර ඇත්තේ මඩොල්සිම කුරුවිගොල්ල ගම්මානයේ   පදිංචි අවුරුදු  29 ක ආබාධිත තරුණයකි.

මෙම තරුණයා තම ජංගම දුරකථනයට   ලද ඇමතුමකට පිළිතුරු දෙමින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි තවත් පුද්ගලයකු ජංගම දුරකතනය කනේ ගසාගෙන යෑමට විරෝධය පළ කරමින් ඔහුට පහරදී ජංගම දුරකථනය තිබූ කන්පෙත්ත සිය අතෙහි වූ පිහියෙන් කපා දමා ඇත.

තුවාල ලැබූ තරුණයා ආබාධිත තරුණයකු වන අතර කන්පෙත්ත කපා දැමීමෙන් නොනැවතුණු සැකකරු  තමුන්ට අතින් පයින් පහර දුන් බව ද පවසයි .

සිද්ධිය සම්බන්ධයෙන් තුවාල ලැබූ අයගේ මව විසින්  මඩොල්සිම  පොලීසිය වෙත පැමිණිල්ලක් කර ඇති අතර මඩොල්සිම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

ෆොන් එක කනේ තියාගෙන ගියා යැයි කන කපලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 399 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 963 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1346 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site