උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ෆෙඩරල් පාලනයක් පිහිටවිය යුතු බවට උතරු පළාත් සභාව සම්මත කර ගත් යෝජනාවේ සිංහල පිටපක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන්නැයි උතුරු පළාත් සභාවේ ලේකම්වරයාට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ දොන් අරුණ ලක්සිරි මහතා අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය
උතුරු මහ ඇමැති සී.වී .විග්නේෂ්වරන් මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කරන ලෙසට පෙත්සම්කාර නීතීඥවරයා පෙත්සමෙන් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අපි ඔක්කොගෙම රට.මේ පුංචි රට බෙදන්න දෙයක් තියෙනවද.දේශපාලකයෝ මේ තත්වයට වගකිව යුතු වෙන්නේ.මහජනයා අතර ඔය බේදයක් නැහැ.(බ)
මේක අපි ඔක්කොගෙම රට.මේ පුංචි රට බෙදන්න දෙයක් තියෙනවද. දේශපාලකයෝ මේ තත්වයට වගකිව යුතු වෙන්නේ. මහජනයා අතර ඔය බේදයක් නැහැ. (බ)
මුලින් ශ්‍රී අකුර වාහන වලින් අයින් කළා. දැන් උතුරෙන් සිංහල භාෂාව අයින් කරනවා. ඊටපස්සේ දකුණෙ ඉන්න සමහර සුද්දො ටිකත් එක්ක එකතුවෙලා ලංකාවෙන්ම සිංහල ඉවත් කරයිද දන්නෙ නැහැ (නි)
එංගලන්තයේ අධිකරණ වලට අනන් මනන් තීන්දු දෙන්න බැහැ. මොකද එංගලන්තේ වෙසෙන සියලු ජනතාව දන්නවා නඩු තීන්දු වල මොනවද කියලා තියෙන්න කියලා. නමුත් ලංකාවේ එහෙම නෙමෙයි. ලංකාවේ මිනිසුන්ගෙන් 75%කට වැඩිය මිනිස්සු දන්නෙ නැහැ ඉහළ උසාවි වලින් මොනවගේ තීන්දු දෙනවද කියලා. එංගලන්තෙ උසාවිවල නඩුකාරවරු දෙන තීන්දු සම්බන්ධව ජනතාව කතාකළාට ලංකාවේ නඩු තීන්දු ගැන ලංකාවේ ජනතාව කතාකරන්නේ නැත්තෙ ඒකයි. නීතිය ගැන ලිපි පළකරලා ඉහළ උසාවිවල නඩු ගැන ජනතාවට කියාදෙන එක කොහොමටත් හොඳයි. (නි)
අරුණ ලක්සිරි මහතාට මාගේ ප්‍රණාමය! (බ)
සිංහලෙන් මොකටද? දෙමළත් මේ රටේ රාජ්‍ය භාෂාවක් නේ. (බ)
හා හා සහජිවනේ කැඩෙයි! (හේ)
මේක සිංහලෙන් තියන එක හොඳයි, අපිටත් දැනගන්න පුළුවන් එතකොට (නි)
නීතිඥ අරුණ ලක්සිරි මහතාට ජාතිවාදී ලේබලය අලවන අය දැන් බොහෝ සිටීවි (නි)
සංහිඳියාව දකුණට පමණද?(කෞ)
දකුණේ දෙමළ භාෂාවට තැන දීගෙන යද්දී උතුරෙන් සිංහල අයින් කරන්නේ ඇයි?(කෞ)
මේකෙන් වෙන්නේ ජාතිවාදය ඇවිස්සෙන එක නෙමෙයිද? ඇයි මේවා දෙස නිහඬව බලාගෙන ඉන්නේ? (නි)
දකුණේ දේශපාලකයෝ මේවා කතාකළොත් ජාතිවාදය. ඒත් මේවට සද්ද නැහැ (නි)
නීතිඥ අරුණ ලක්සිරි මහතානනි ඔබතුමාට බෙහෙවින්ම තුති. සල්ලි වලට පොරකන අය අතරේ ඔබතුමා නියම කොන්ද පන ඇති මහත්මයෙක්. (ර)