එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය සමග උතුරු පළාතට ෆෙඩරල් පාලනයක් ලබාදීම සඳහා වූ කිසිදු එකඟතාවයකට එළඹ නැති බවත්, එජාපයේ ප‍්‍රතිපත්තිය වන ඒකීය රාජ්‍ය ව්‍යුහය තුළ ෆෙඩරල් පාලනයකට ඉඩක් නොමැති බවත් විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අද (5) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ෆෙඩරල් ක‍්‍රමයක් ගැන සාකච්ඡාවකට හෝ එක්සත් ජාතික පක්‍ෂය විවෘත නැතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා රට තුළ ෆෙඩරල් ආකෘතියක් හෝ රාජ්‍යයක් ගොඩනගන්නට ඉඩදෙන්නේ නැතැයිද සඳහන් කළේය.
උපරිම ලෙස බලය බෙදන්නට එජාපය සූදානම් වුවත් එය සිදුකරන්නේ රාජ්‍යයේ ඒකීය ස්වභාවය ආරක්‍ෂා වන අයුරින් බව ද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගමන්ම උපරිම බලය බෙදීමේ සීමාවත් කිවුවා නම් එතකොට අපට දෙගිඩියාවක් නැතුව තීරණයක් ගතහැකියි. (නි)
ජයවේවා! (නි)
ඇත්ත කියන්න ...ෆෙඩරල් නොකිව්වට ඒ දේම දේවි වෙන නමකින් ......ද්‍රෝහී එජාප රැල.....(බ)
ඔය වචනේ තමයි ඕන. දැන් රට බෙදනවා බෙදනවා කියලා කෑ ගහපු මහින්ද මහත්තයාගේ අයට කොහොමද? ජය වේවා එජාපයට (බ)
ඕක කලින්ම කිව්වා නම් ඉවරයිනේ මහත්තයෝ (නි)