එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය සමග උතුරු පළාතට ෆෙඩරල් පාලනයක් ලබාදීම සඳහා වූ කිසිදු එකඟතාවයකට එළඹ නැති බවත්, එජාපයේ ප‍්‍රතිපත්තිය වන ඒකීය රාජ්‍ය ව්‍යුහය තුළ ෆෙඩරල් පාලනයකට ඉඩක් නොමැති බවත් විදේශ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අද (5) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ෆෙඩරල් ක‍්‍රමයක් ගැන සාකච්ඡාවකට හෝ එක්සත් ජාතික පක්‍ෂය විවෘත නැතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා රට තුළ ෆෙඩරල් ආකෘතියක් හෝ රාජ්‍යයක් ගොඩනගන්නට ඉඩදෙන්නේ නැතැයිද සඳහන් කළේය.
උපරිම ලෙස බලය බෙදන්නට එජාපය සූදානම් වුවත් එය සිදුකරන්නේ රාජ්‍යයේ ඒකීය ස්වභාවය ආරක්‍ෂා වන අයුරින් බව ද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ෆෙඩරල් පාලනයකට එජාපය සූදානම් නෑ‘
ධම්ම Wednesday, 05 August 2015 10:51 AM
ඔය ගමන්ම උපරිම බලය බෙදීමේ සීමාවත් කිවුවා නම් එතකොට අපට දෙගිඩියාවක් නැතුව තීරණයක් ගතහැකියි. (නි)
නිර්මල Wednesday, 05 August 2015 11:06 AM
ජයවේවා! (නි)
ඩෙස්මන් ප්‍රනාන්දු Wednesday, 05 August 2015 01:19 PM
ඇත්ත කියන්න ...ෆෙඩරල් නොකිව්වට ඒ දේම දේවි වෙන නමකින් ......ද්‍රෝහී එජාප රැල.....(බ)
ප්‍රදීප් Wednesday, 05 August 2015 01:33 PM
ඔය වචනේ තමයි ඕන. දැන් රට බෙදනවා බෙදනවා කියලා කෑ ගහපු මහින්ද මහත්තයාගේ අයට කොහොමද? ජය වේවා එජාපයට (බ)
නුවන් Wednesday, 05 August 2015 01:55 PM
ඕක කලින්ම කිව්වා නම් ඉවරයිනේ මහත්තයෝ (නි)