2005දී කොටි නායක ප්‍රභාකරන්ගේ ෆෙඩරල් යෝජනාව ඉවත දැමූ තමා අද මහ මැතිවරණය දිනන බව හොඳටම පෙනි පෙනී ෆෙඩරල් පාලනයක් ඇති කරන බවට දෙමළ ජාතික සන්ධානය සමග කිසිසේත්ම ගිවිසුමක් අත්සන් කරන්නේ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.
2005 දී ප්‍රභාකරන්ගේ ෆෙඩරල් යෝජනාවට එකඟවූයේ නම් ඔහුගේ පිහිටෙන් තමාට එදා ජනාධිපති වීමට බෙහෙවින් ඉඩ තිබූ නමුත් ඒ යෝජනාව ඉවත දැමූ බව සිහිපත් කළ වික්‍රමසිංහ මහතා පැවසූයේ එදත් අදත් කවදත් තමා ෆෙඩරල්වාදය නොපිළිගන්නා බවයි.
‘ලංකාවට ෆෙඩරල් පාලනයක් ඕනෑ නැහැ. මගේ වැඩපිළිවෙළ ගම දක්වා බලය බෙදා හැරීමයි. පොකුරු ගම්මාන ග්‍රාම රාජ්‍ය ඇතිකර ආගමික නායකයින් ඇතුළු පොදු නියෝජිතයන් මගින් බලය ගමට බෙදා හැරීමයි.‘ වික්‍රමසිංහ මහතා එම ප්‍රකාශය කළේ බලයට පැමිණියහොත් ෆෙඩරල් ක්‍රමයක් සඳහා දෙමළ ජාතික සන්ධානය සමග ගිවිසුමකට එළඹෙන්නේදැයි මාධ්‍යවේදියකු ඇසූ පැනයට පිළිතුරු දෙමිනි.
ඔහුට බලය ලැබුණහොත් පිහිටවීමට යන ජාතික ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණ එකඟවේදැයි තවත් මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් යොමු කළේය.
අගමැති ඊට මෙසේ පිළිතුරු දුන්නේය.
‘ඔවුන් ඇමැතිකම් බාරගන්නම ඕන නෑ. උපදේශක කාරක සභාවලට එන්න පුළුවන්. දින 100 වැඩපිළිවෙළ යටතේ එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක වුණා. පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය ඇමරිකාවේ, ජර්මනියේ ඉතාම සාර්ථකයි. කාරක සභා සභාපතිවරයකුට ඇමැතිවරයකුට වඩා වැඩ කළ හැකියි‘
එම මාධ්‍ය සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන කරු ජයසූරිය, පාඨලී චම්පික රණවක හා අර්ජුන රණතුංග යන මහත්වරුද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින සියයම කළේ රන්ඩුවෙන එකයි. පාඨලී අනුර කුමාර දෙන්න හැමදාම දෙපැත්තට බෙදිලා ගහ මරාගන්න තරමට අවුල් තිබුන. අන්තිමට කිසිම දෙයක් සම්මත කරගන්නට නොහැකි වුනා. අයෙත් හවුල් අවුල් ආණ්ඩු නම් එපා එපා එපාමයි. අන්තිමට උරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට මගුල් වගේ හවුල් ආණ්ඩු අවුල් වෙනවිට ජාතිවාදී පක්ෂ ආණ්ඩුවට උදවු කරලා ඒ වෙනුවට රටට ජාතියට හානිකර ගිවිසුම් ගහගන්නවා. ඒ නිසා හවුලේ කැද හැලි ආණ්ඩු එපා එපා එපාමයි ! (බ)
ඔබතුමාට ජයවේවා! (නි)
රනිල් මහත්මයා රට බෙදන්නේ නෑ.. මෝඩයෝ දන්නේ නැති වුණාට 2002 සාම ගිවිසුම නිසා තමා කරුණා අම්මාන් කොටින්ගෙන් වෙන්වුණේ...(ම)
එක්සත් ජාතික පක්ෂයට අසන 113 කට වැඩිය ලැබෙනවා.(ම)
අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
‘ලංකාවට ෆෙඩරල් පාලනයක් ඕනෑ නැහැ. මගේ වැඩපිළිවෙළ ගම දක්වා බලය බෙදා හැරීමයි. පොකුරු ගම්මාන ග්‍රාම රාජ්‍ය ඇතිකර ආගමික නායකයින් ඇතුළු පොදු නියෝජිතයන් මගින් බලය ගමට බෙදා හැරීමයි.‘ වික්‍රමසිංහ මහතා එම ප්‍රකාශය කළේ බලයට පැමිණියහොත් ෆෙඩරල් ක්‍රමයක් සඳහා දෙමළ ජාතික සන්ධානය සමග ගිවිසුමකට එළඹෙන්නේදැයි මාධ්‍යවේදියකු ඇසූ පැනයට පිළිතුරු දෙමිනි. (බ)