
(ප්‍රසාද් රුක්මල්)
දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් පැවැති නඩුව යළි බණ්ඩාරවෙල අධිකරණය හමුවේ කදවූ අවස්ථාවේ එම අනතුර සම්බන්ධ මෝටර් රථ දෙක රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ බැදුම්කර දෙකක් මත මුදාහරිමින් යළි අධිකරණයෙන් සිතාසියක් ලැබුණොත් පමණක් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්. පීටර් ෆෝල් මහතා ධාවකයන් දෙදෙනාට ඊයේ (30) නියම කළේය.
ෆොක්ස්හිල් මෝටර් රථ තරගයට ඉදිරිපත් වී තරග අංක 5 යටතේ තරග කළ මාතර මැදපාර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් උඩුවිට (36), සහ තරග අංක 196 යටතේ තරග කළ පේරාදෙණිය මාකන්ද ප්‍රදේශයේ පදිංචි ඒ.එම්.ඩිලාන් සංජීව (47) යන මෝටර් රථ තරග කරුවන් දෙදෙනාට මෙසේ නියෝග කෙරිණ.
ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය සහ දියතලාව යුදහමුදා විද්‍යා පීඨය මගින් සංවිධානය කළ මෙම ෆොක්ස්හිල් මෝටර්රථ , යතුරුපැදි ධාවන තරග දියතලාව නරියාකන්ද මෝටර් රථ ධාවන පථයේදී පැවැති අතර එම තරග පැවත්වෙමින් තිබියදී ෆෝඩ් ලේසර් මැස්ඩා එන්ජින් ධාරිතාව 1500 සීසී මෝටර් රථ කාණ්ඩයේ තරගයේදී මෙම ධාවකයන් දෙදෙනා පැදවූ මෝටර් රථ දෙක එකිනෙක ගැටී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැදී සිටි ඉසව්වට කඩා වැදීමෙන් මෙම මාරක මෝටර්රථ අනතුර සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ නඩු තීන්දුවක්...නියමිත වේගය ඉක්මවා ධාවනයේ යෙදීම දඬුවම් ලැබිය හැකි වරදකි...මීට කැකිල්ලේ..
නරබන්නන්ට නැරඹිය හැකි ආරක්‍ෂිත ස්ථාන හදන්න ,වැඩේ ඉවරයි .ගස් අස්සේ ,පාරවල් අයිනේ නිකම් ඉඳන් මෝටර් ක්‍රොස් බලන්නේ නැහැ
ප්‍රේක්ෂකයන් රැදී සිටින තැන් වලට අවදානමක් ඇති පරිදි සැලසුම් ඉදිරිපත් කළ අය අත් අඩංගුවට ගන්නේ නැද්ද? ඒවයේ ආසන පනවා තිබුනා ද? වංගුවක පස් උඩ යන වාහනයක් වේගය පාලනය වෙන්නේ කොහොමද? ඒ ඉදිරියේ බාධක යොදා අනතුරක් වලක්වා ගැනීමට යාන්ත්‍රණයක් සංවිධායකයන් සංවිධානය කර තිබුණා ද? මේ කරුණු සලකා බැලිය යුතුයි. තිරිංග වදින්නැති, පාර පේන්නෙ නැති තත්ත්වයක් ඇති උනාම ඒක වලක්වා ගත හැකි වෙන්නේ කොහොමද? මේක තරගයක්. නැතිවුනු ජීවිත මහ අපරාදයක්. නමුත් මේ දෙයින් තවත් ප්‍රසිද්ධිය ලෝකය පුරා යනවා රේස් පදින රේස් නරඹන පිරිස අතර. මේ සල්ලි උල්පත බලාගෙන සංවිධායකයන් කළ දෙයක් වෙන්න බැරිද?
"ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය සහ දියතලාව යුදහමුදා විද්‍යා පීඨය මගින් සංවිධානය කළ මෙම ෆොක්ස්හිල් මෝටර්රථ , යතුරුපැදි ධාවන තරග දියතලාව නරියාකන්ද මෝටර් රථ ධාවන පථයේදී පැවැති අතර එම තරග පැවත්වෙමින් තිබියදී ෆෝඩ් ලේසර් මැස්ඩා එන්ජින් ධාරිතාව 1500 සීසී මෝටර් රථ කාණ්ඩයේ තරගයේදී මෙම ධාවකයන් දෙදෙනා පැදවූ මෝටර් රථ දෙක එකිනෙක ගැටී එක් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැදී සිටි ඉසව්වට කඩා වැදීමෙන් මෙම මාරක මෝටර්රථ අනතුර සිදු විය." මෙම සංවිධාන සම්බන්ධයෙන් නීති කෘත්‍යයක් අදාල නොවන්නේද?
මේකට වගකිව යුත්තේ සංවිධායකයින් මිසක් තරඟ කරුවෝ නොවේ...