සවස් වන තුරු පාසලේ රඳවාගත් තම දරුවා වැස්සට තෙමුණු බව සඳහන් කරමින් කැකිරාව ප්‍රාදේශිය සභාවේ උප සභාපති සම්පත් හේරත් කැකිරාව තිබ්බටුවැව විදුහල්පති ලලිත් මධුෂංක ජයසිරිපුර මහතාට පහරදුන්නැයි අත්ඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මේ අතර මෙම පහරදීමට විරෝධය දක්වමින් පාසල් 13 ක ගුරුවරුන් විදුහලේ ගුරුවරුන් සමඟ එක් වී සිටිති.
උප සභාපති අද(14) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.විදුහල්පති රෝහල්ගත වී සිටී.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයි එහෙම තෙමන්න කාටවත් බැහැ මම නම් ඒ මනුස්සයාගේ වරදක් දකින්නේ නැහැ (දී)
දේශපාලනය හැමතැනටම රිංගලා කියන්න හදන්න එපා දරු සෙනෙහසයි මේ පෙන්නේ (දී)
මෙහෙමටත් අපරාද. (ර)
අපිටත් ලැජ්ජයි මේවා දැක්කම. (ර)
අනේ ඉතින් විදුහල්පතිත් මෙයාට ඡන්දෙ දීල පත් කර ගත්ත අයගෙන් එක්කෙනෙක් ද කවුද දන්නේ ? (දිල්)
මේ ප්‍රාදේශීයසභා මන්ත්‍රිලගේ ළමයින්ට වෙනම පාසල් ක්‍රමයක් ආරම්භ කරන්න වෙයි ද ? වැස්සට තෙමෙන්නේ නැති අව්වට වේලෙන්නේ නැති පාසල් ක්‍රමයක්. පුදුම පවර් එකක් නේ. (දී)
මම ඉගනගත්ත ඉස්කෝලෙ හිටියෙත් මේ ජාතියෙම ප්‍රින්සිපල් කෙනෙක් එයා ළමයින්ට සැලකුවෙත් හරියට වහලුන්ට වගේ. එයාගෙත් කන පැලෙන්න ගහන්න ඒකාලෙ මටත් කවුරුහරි හිටියනම් කියල දැන් හිතෙනවා. (අ)
දැන් ඉතින් මීටත් ලොකු ලොක්කෙක් පොලිසියට සත්තම දාල මෙයාව එලියට ගනීවි. (හේ)
මේ වගේ අය ඡන්දේ දීලා ප්‍රාදේශීය සභාවට යවාපු ඡන්දදායකයන්ටයි දඬුවම් දිය යුත්තේ.(හේ)
අනේ මන්දා මාර තාත්තා.මගේ පුතා ඇවිත් කිව්වොත් ඉස්කෝලෙන් ගැහුවා කියල අපි ළමයට කියල දෙනවා වැරැද්ද.මොකද අපේ දෙමවුපියෝ ඒක අපිට කියලදීපු නිසා.ඉස්සර අපේ ගුරුවරු අපිට ගැහුවට යනකොට තැන්ක්යූ සර් කියලා කිසි තරහක් නැතුව අපි යන්නේ.දවසක් කෘෂිකර්මය සර්ගේ වත්තේ කුරුම්බා කඩල සර් දෙමවුපියන්ව එක්කන් එන්න කිව්වම සර්ට වැඳලා කිව්වා අනේ සර් ආයේ කරන්නේ නැහැ කියලා.සර්ට දුක හිතිලා යන්න කිව්වා.හැබැයි ආපහු කැඩුවා.මේවා පාසල් කාලයේ සුන්දර මතක.ගෙදරට කිව්වනම් ගෙදරිනුත් ගුටි. (බ)
හොඳම ආදර්ශමත් පීතෘ රත්නයක්. (බ)
ජනාධිපතිවරණය ළඟ නිසා අනිවාර්යයෙන්ම උප සභාපති කමෙන් ඉවත් කරන්නම වෙනවා. නැත්නම් ආණ්ඩුවට තව ඡන්ද ටිකක් අඩුවෙනවා. මගේ අදහස නෙමේ. සිදුවේවි කියල හිතෙන දේ. (බ)
මේ වෙන දේවල් ළමයාගේ අනාගතය පිලිබඳ පෙර මග සලකුණු. (දිල්)
අද අපි මෙතන මේ අකුරු ටික ලියන්නෙත් ගුරුවරු නිසා. (දිල්)
අපි හතර වන ශ්‍රේණියේ ඉන්නකොට ඉංග්‍රීසි පාඩම මග ඇරලා ලොකු අක්කල විවිධ ප්‍රසංගයට පුහුණු වෙන හැටි බලන්න ගිය නිසා මුළු පන්තියටම වේවැල් පාර ලැබුණා. අපේ අම්මා ඒ පාසලේම ගුරුවරියක්. එහෙම කියල ගුරුතුමී මට දඬුවම් දෙන්න මැළි වුනේ නැහැ. ලැජ්ජාවේ ගෙදර ගිහින් බයෙන් හිටියේ මේ ගැන ආරංචි වී මට ගෙදරදීත් දෙවැනි දඬුවම ලැබේවි කියල. ඒත් දැන් ?(දිල්)
අපි පාසල් යන කාලේ කෙම්ච්චි ගුටු කෑව හැටි මතක් වෙනවා (දිල්)
සභාපති පාසල් ගිය කෙනෙක්ද දන්නේ නෑ (දිල්)
දඩුවමක් කරලාවත් මේ ළමයින්ව හදන්න බෑ.(හේ)
අපි යන කාලේ මෙහෙම දෙයක් ගෙදර ගිහිල්ලා කිවුවොත් අපිටයි ගෙදරින් ගුටිකන්න වෙන්නේ (නි)
අපි මොනවා කිව්වත්, මෙයාලා දන්නේ කොහොමද පාසල් වල විනය ගැන? මේකේ වැරැද්ද මොවුන් මේ තනතුරු වලට පත්කරන සහ මොවුන්ට ඡන්දය දී ආවඩන අපේ ජනතාවගේයි (නි)
අශ්චර්යක තරම පේනවා නේද ?(හේ)
සමාජ පිරීහිමේ ලක්ෂණයක්.(හේ)
නුගත් මිනිසුන්ට දේශපාලන බලය ලැබීමේ ප්‍රතිඵල (බ)
ඒත් දැන් ? ප්‍රාදේශීය නායකයෝ පාසල් ගිය අය නොවෙයි.ඒ නිසා ඔවැනි දේ සිද්ධ වෙන්න පුළුවන්.(හේ)
දැන් මේ දේ එක්ක ළමයෙක්ට දඩුවම් කරන්නත් බයයිනේ.(හේ)
මෙන්න තවත් පාසල් නොගිය දේශපාලකයෙක්.(හේ)
පාසලේදී දඩුවමක් ලබා දීමට ගුරුවරුන්ට අයිතියක් තියෙනවා.නැත්තම් දරුවන් යහමඟට ගන්න බෑ.(හේ)
සවස් වෙනකම් මොකට ළමයා තියාගත්තද. දෙන දඬුවමක් දීල ගෙදර යැව්වානම් ඉවර නේ. (ර)
පුදුම වැඩක්නේ මේක. (ර)
මේ ළමයා නාන්නේ නැති කෙනෙක් වෙන්න ඇති. වැස්ස නැති රටක පදිංචි වුනා නම් හොඳයි නේද.? (ර)
ළමයා වැස්සට තෙමුණා නම් විදුහල්පතිතුමාට ගහලා හරියන්නේ නැහැනේ. ගහන්න ඕනෑ ළමයාගේ ගෙදර අයටනේ, ළමයාට කුඩේ දුන්නේ නැතුවට. (නි)
වයඹින් පාඩමක් ඉගෙනගෙන නැතුවා වාගෙයි...පොඩ්ඩක් ඉන්න දේශපාලක තුමෝ...(බ)
දැන් ප්‍රාදේශිය සභා මන්ත්‍රී වරුන්ගේම වැරදි තමයි වැඩි.(හේ)
අවුලක් නෑ (බ)
තවත් ගොනෙක් ඇනලා (බ)
පුදුම රටක් .... ගුරුවරුන්ට ළමයින්ගේ සදාචාරය හදන්න උත්සහ කරන්න කියලා සමහර දේසපාලඥයින් ම කියනවා....අනේ එහම කියන මහත්වරුනේ ඔයාලාගේ සභාවල ඉන්න අයටත් සදාචාරය ඉගැන්වීම ගැන හිතන්න වෙනවා තමන්ගේ පක්ෂය ගැන හිතලවත්(දිල්)
මෝඩ මිනිස්සු.(හේ)
මේ වගේ අයට ඡන්දෙ දෙන අයට ගහන්න ඕන(දිල්)
ඔය මොනවා වුණත් නැවත ඡන්දය දී ඔවුන්වම පත්කර ගන්න අපේ අය සැදී පැහැදී ඉන්නවා (නි)
සභාපතිගෙ දරුවා නාන්නෙ නැහැලු. එකනෙ අව්ල. පව් අහිංසක දරුවා තෙමිලනෙ (අ)
ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ (නි)
මේක වුනේ සද හිරු සෑයෙ ධාතු වඩම්මන කොට එකට පුෂ්පෝපහාර දක්වන්න ළමයි පාරට යවලා. එක අන්ඩුවේ නියෝගයක්. එතකොට උප සභාපතියා අන්ඩුවට විරුද්දද කොහෙද (අ)
මේ වගේ අය පත්කරගත් ඡන්දදායකයන්ගේ ඔලුව අතගාලා බලන්න ඕනෑ (නි)
මේවා පුදුම වන්නට ඕනේ දේවල් නොවේ . පහේ වසර වත් පාස් නැති , උසස් අධ්‍යාපනයක් නොලබපු , ලංකාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් ඔහොම තමයි .(හේ)
"මෝඩයන් වටා බලය ඒකරාශි කිරීමේ වරදට සමස්ත ජනතාවම වන්දි ගෙවිය යුතුයි".(හේ)
ඕවා ගණන් ගන්න එපා සුළු සුළු අත් වැරදීම් වෙනවා. ගුරුවරුන්ට ගහන එක වැරදී. (ර)
ඔය පළමු අවස්ථාව නෙමෙයි. මතක නැද්ද පලාබබෙක් ගුරුතුමියක් දණ ගැස්සුවා.දේශපාලනය කරන අය බලයෙන් උමතු වෙලා. (අ)
බොහෝ ආසන වල දේශපාලනය හරිම අමිහිරියි. හැමතැනම හැමදේටම ප්‍රාදේශීය දේශපාලන බලවතා මූලිකයා වෙනවා. පොලිසිය ගැනත් ඉතින් කවර කතාද? මෙච්චර වියතුන් ඉන්න රටකට ගිය කලක්! (නි)
බන්දුල පෙරේරා මහත්තයෝ ඔයා නිදිද ? (ර)