IMG-LOGO

ළමයි 50 ක් ගුවනින් මත්තල යති

 ලෝක ළමා දිනය නිමිත්තෙන් පැවති  ප්‍රශ්නෝත්තර තරගාවලියකින් ජයග්‍රහණය කළ දරු දැරියෝ 50 දෙනෙක් කටුනායක  සිට මත්තල   ගුවන්තොටුපොළ තෙක්   අද ගුවනින් ගියහ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමාජ සත්කාරක අංශය මේ ගමන සංවිධානය කළේය.

 වව්නියාව, බිබිල,  අම්පාර  ඇතුළු   විවිධ ප්‍රදේශවලින්  පැමිණි දරු දැරියෝ ඊට එක්වූහ.

සාමාන්‍ය ගුවන් ගමනක අත්දැකීම් ඔවුහු ලැබූහ.

 ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත්  යු.එල් 828   ගුවන්යානය  කටුනායක සිට මත්තල  හරහා චීනයේ  බෙයිජින් නුවර බලා යාමට  සුදානම් කර තිබිනි. චීන ජාතිකයන් රැසක් ගමන් ගත් එම යානය දහවල් 12.10ට ගුවනට පිවිසියේ දරු දැරියන්ගේ සතුටු සිනහ සහ ඔල්වරසන් මැද්දේය.

මෙම බොහෝ දරුවන් කිසිදා ගුවන්තොටුපොළක්වත් දැක නොතිබූ බවත් මෙය සිහිනයක් සැබෑ වූවාක් මෙන් දැනෙන බවත් ඔවුහු  ගුවන්යානයේ කවුළු වලින් සිරි නරඹමින් පැවසූහ.

මගීන් 256 දෙනකුට ගමන් කළ හැකි මේ යානයේ ප්‍රධාන නියමුවා ලෙස කපිතාන් සුජිත් ජයසේකර ද, සහාය නියමුවා ලෙස ප්‍රකාශ් ගුණසේකර ද වූහ.

විනාඩි 25 ක ගුවන් ගමනකින් පසු යානය  මත්තලට ළඟා විය.  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 114 ගුවන් යානයෙන් සවස 2.15ට පමණ ඔවුහු යළි කටුනායකට ආහ.

 

 1

3
 

4

5

6

7 20 21 22 DSCF0282 DSCF0288 DSCF0290 DSCF0292 DSCF0297 DSCF0303 DSCF0310 DSCF0341 DSCF0354 DSCF0358 DSCF0367 DSCF0375 DSCF0377 DSCF0390 DSCF0402



අදහස් (0)

ළමයි 50 ක් ගුවනින් මත්තල යති

අජිත් Saturday, 04 October 2014 07:04 PM

ජාතික නාලිකාවෙන් දරුවන් වෙනුවෙන් ලොකු තෑග්ගක්. ජාතික රූපවාහිනියට සුභ පැතුම්. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 01 October 2014 12:05 PM

ඔන්න මත්තලට ආයෙත් යානයක් ඇවිල්ලා. හරිම සන්තෝෂයි. (නි)

:       0       0

ශාන්ති Wednesday, 01 October 2014 12:09 PM

බොහොම හොඳ වැඩක්. දරුවන්ගේ මුහුණු වල ඇති සතුට බලන්න (නි)

:       0       0

සිල්වා Wednesday, 01 October 2014 12:13 PM

ඇත්තට අපේ රටේ දරුවන් වෙනුවෙන් මෙවැනි දෙයක් කිරීම වැදගත්. දරුවන් කියනේ රටේ අනාගතය. ඔහුන්ගේ සිත් සතුටින් තැබීම හැමකෙනාගේම වගකීමක්. (නි)

:       0       0

රත්න Wednesday, 01 October 2014 12:41 PM

හොඳ වැඩක් (නි)

:       0       0

වසන්ති Wednesday, 01 October 2014 12:43 PM

ඉතා ලස්සන වැඩක්. හැම ළමයෙකුටම මේ අවස්ථාව ලැබුනොත් ළමයි සන්තෝෂ වෙයි. (නි)

:       0       0

මලිඳු Wednesday, 01 October 2014 12:53 PM

මත්තල තියන එක කොළඹ කටුගෙට වඩා ලස්සනයි කියල මමත් අහල තියනවා. හරිම පාලු ඇති නේද? (අ)

:       0       0

සමන් වසන්ත Wednesday, 01 October 2014 01:02 PM

මෙවැනි දේවල් කරමින් සාමාන්‍ය ජනතාව තව තවත් හීනවලම හිර කරමින් ජනතාවගේ මුදල් කාබාසිනියා නොකර මේ දු දරුවන්ට හොඳ අනාගතයක් උදා කර දෙන්න වැඩ කරනම් වටිනවා. (අ)

:       0       0

කුමාරසිරි Wednesday, 01 October 2014 01:20 PM

බෝහොම හොද වැඩක්. (අ)

:       0       0

සාරධා Wednesday, 01 October 2014 01:30 PM

නියමයි , (අ)

:       0       0

සරත් Wednesday, 01 October 2014 02:44 PM

ඉස්සර මම හරිම ආසයි ගුවන් සේවිකාවෝ බලන්න... (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 01 October 2014 02:44 PM

ඉස්සර නම් මොනතරම් ලස්සන යුවතියන් සිටියද මෙම ගුවන් සේවයේ? සියල්ල දේශපාලනීකරණය වූ ලෝකය එතරම් සුන්දර නැත. (නි)

:       0       0

නිරාන් Thursday, 02 October 2014 07:09 AM

දරුවන්ගේ සිත්වලට සතුටක් ගෙනදෙන එක ලොකු පිනක්. (නි)

:       0       0

මධුරංග Thursday, 02 October 2014 10:08 PM

මත්තලද කටුනායකද කියන එක නෙමෙයි මෙතන තිබෙන වැදගත් දේ. ඒ ළමයින්ගේ මූහුණේ තිබෙන හිනාව.ළමයින්ගේ සතුට. මේ තියෙන සමහර අදහස් කියෙව්වහම හිතෙනවා මේ රටේ මිනිස්සු කොච්චර මෝඩද කියලා. (නි)

:       0       0

සෑම් Thursday, 02 October 2014 08:23 AM

ඉතාම හොඳ වැඩක් (නි)

:       0       0

මධූ Wednesday, 01 October 2014 05:22 PM

ගොඩක් හොඳ වැඩක්... (නි)

:       0       0

චමීර Wednesday, 01 October 2014 05:23 PM

මේ වගේ වැඩ නවත්වලා ළමයින්ට සිදුවන අතවර අවම කරගැනීමට වැඩසටහනක් දියත් කළොත් නරකද? (නි)

:       0       0

මාලි Wednesday, 01 October 2014 11:05 PM

හොඳ වැඩක් කළත් සමහරුන්ට වැරදියි (නි)

:       0       0

එරංග Thursday, 02 October 2014 12:55 AM

දරුවන්ගේ සිත් වලට සතුටක් ගෙනදෙන එක ලොකු පිනක් (නි)

:       0       0

සමන්ති Thursday, 02 October 2014 12:56 AM

චීනයට යන්න සෙනඟ පෝලිමේ ඉන්න ඇති නේද?මේ වගේ වැඩක් ඉස්සරත් කළා කියලා මට මතකයි (නි)

:       0       0

සමන්ලාල් Thursday, 02 October 2014 10:59 AM

මේ ළමයි එහෙම අර අහවලා වගේ අඩි 35000ක් උඩදි ලැට් එකේ දොර කියලා ප්ලේන් එකේ ප්‍රධාන දොර එහෙම අරින්න හැදුවේ නෑ නේද? (අ)

:       0       0

නිල්මිණි Thursday, 02 October 2014 03:40 AM

හොඳ වැඩක්. මම නම් තවම ගුවන් යානයක ගිහිල්ලා නැහැ. හම්බන්තොට අපිට මොන සල්ලිද? ළමයින්ට හරි මෙහෙම අවස්ථාවක් දුන් එක ගැන සතුටු වෙමි. (නි)

:       0       0

අජිත් Saturday, 04 October 2014 03:57 PM

කිසිම නාලිකාවකට දරුවන් වෙනුවෙන් මේ වගේ වැඩක් කරන්ට බැරි වුණා. ජාතික නාලිකාවට සුභ පැතුම් (නි)

:       0       0

අජිත් Saturday, 04 October 2014 03:57 PM

කිසිම නාලිකාවකට දරුවෝ වෙනුවෙන් මේ වගේ වැඩක් කරන්ට බැරි උනා. ජාතික නාලිකාවට සුභ පැතුම් (නදී)

:       0       0

හැරිසන් Thursday, 02 October 2014 03:45 AM

අනේ වාසනාවන්! (නි)

:       0       0

චන්දන Thursday, 02 October 2014 03:58 AM

ශ්‍රී ලන්කන් වල ඉස්සර කොච්චර ලස්සන කෙල්ලො හිටියද? (නි)

:       0       0

සමන්ති Saturday, 04 October 2014 05:29 PM

ගම්වල ඉන්නවා පාසල් යන්න අපහසු ළමයි. ඒගොල්ලෝ ගැන බලන්නේ කව්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1398 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 516 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site