දකුණු පළාතේ මෙහෙකාර සේවයේ යොදා ගන්නා බාල වයස්කාර දරුවන් පිළිබඳ නිසි දත්ත නොමැති වීම බරපතල ගැටළුවක් වී ඇතැයි දකුණු පළාත් නියෝජ්‍ය කම්කරු කොමසාරිස් ඩබ්ලිව්.ඩබ්ලිව්. පුංචිහේවා මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති ළමා කමිටු රැස්වීමේ දී පුංචිහේවා මහතා මෙසේ ද කීවේය.
‘‘ 1999 වර්ෂයෙන් පස්සේ දකුණු පළාතේ දරුවන් ගැන නිසි සමීක්ෂණයක් කර නැහැ. එදා හිටි දරුවන් අද වැඩිහිටියෝ.මේ නිසා අපි ළඟ කිසිදු සංඛයාලේඛනයක් නැහැ. අපි දන්නවා දැන් එදාට වඩා ළමා මෙහෙකාර සේවය ඉතා අඩු මට්ටමක පවති. නමුත් තවමත් මේ ළමා මෙහෙකාර සේවය දක්නට ලැබෙනවා. මීට විසඳුම් ලබාදීමට සහ ළමා මෙහෙකාර සේවය නතර කිරීමට නිවැරදි දත්ත ලබාගත යුතුව තිබෙනවා. “
වයස අවරුදු 14-18 දක්වා දරුවන් රැකියාවලට යොදා ගැනීම බහුලව දක්නට ලැබෙන බව ඔහු කියයි. එමෙන්ම ළමා අපහරණය ද නිතර වාර්තාවන අතර වැඩිපුරම ළමා අපහරණයට වගකිව යුත්තේ දරුවන්ගේ ම තාත්තලා බව නියෝජ්යම කම්කරු කොමසාරිස්වරයා පැවසුවේය.
ඉදිරියේ දී ළමා ශ්‍රමිකයන් සම්බන්ධයෙන් දකුණු පළාතේ සමීක්ෂණයක් පවත්වා නිසි තොරතුරු ලබාගැනීම අත්‍යාවශ්‍ය බවත් ඒ සඳහා යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මහා අපරාධයක්. තම තමන්ගේ වැඩ තමන් විසින්ම කරගන්න දන්නේ නැති සමාජ ක්‍රමයක්. අධිරාජ්‍යවාදයේ වැරදි පැත්තක්. ලංකාවට උචිත දේ විතරක් තෝරා බේරාගෙන ක්‍රියාවට නැංවීමට අවශ්‍යයි. (නි)
අසල්වැසියන් සියලුදෙනා දැනුවත් කර විස්තර සපයන හැම පුද්ගලයකුටම මුදලින් තෑගි පිරිනමන බව ප්‍රසිද්ධ කරන්න. අසරණ දරුවන් වෙනුවෙන් (නි)