(ප්‍රදීප් කුමාර)
යාපනය කෝපායි පොලිස් වසමට අයත් උරුම්බිරායි ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ළමා නිවසයක සිටි දැරියන් තිදෙනකු අතුරුදන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කෝපායි පොලිසීය කියයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 14 , 15 හා 16 යන වයස් වල පසුවන දැරියන් බවට තොරතුරු අනාවරණයවි තිබේ.
මෙම දැරියන් මුලතිව් හා උරුම්බිරායි යන ප්‍රදේශ වල පදිංචිව සිට මෙම ළමා නිවාසයේ රැකවරණ පතා ගෙනවිත් සිටි බවටද කරුණු අනාවරණය වන අතර එම දැරියන් අතුරුදන් විම සම්බන්ධයෙන් කෝපායි පොලිසියට ලද පැමිණිල්ලට අනුව පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd