පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලෝක ළමා දිනය දා නිකුත් නොකළ යුතු බව මානව හිමිකම් කොමිසම හමුවේ කරුණු දැක්වීමට පැමිණි රාජ්‍ය ආයතන තිස් පහක නිලධාරීන්ගේ අදහස වූ බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා මහතා කියයි.
පහ ශ්‍රේණියේ දී ශිෂ්‍යත්ව විභාගය නොපවත්වා හත වසරේ දී හෝ අට වසරේ දී එම විභාගය පැවැත්වීමේ නව විභාග කාර්ය පටිපාටියක් සකස් කිරීමට ද යෝජනාවක් ඉදිරිපත් වූ බව ද හෙතෙම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා දිනය කියන්නේ දවස් 365න් එකක් විතරයි. ප්‍රතිපල කවදා ආවත් එකයි. ඕක ළමයින්ට මහා හිසරදයක්. (නි)
පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන්න හොද නැහැ.එහෙම වුණොත් ගමේ අඩු පහසුකම් තිබෙන පාසල්වල ළමයි හැමදාම ගමට වෙලා සිටීවි (නි)
නැවත මතක් කිරීමක් (අ)
කන්නන්ගර ශිෂ්‍යත්වය හැදුවෙ ළමයා රොයල් යවන්න නෙවෙයි ආසන්නම මධ්‍ය විද්‍යාලයට යවන්නයි මධ්‍ය විද්‍යාලයට යවන විදියටමෙම ක්‍රමය හැදුවාම සුපිරි පාසල් හෙමිට සැර අඩුවෙනවා. කන්නන්ගර විද්‍යාල සුපිරි වෙනවා ප්‍රශ්නය අවුරුදු 2 3 න් හෙමිට නොදැන්ම ඉවර වෙනවා. මේ අයට කිවිවට තේරෙන්නේ නැ කන්නන්ගර ක්‍රමවේද සියල්ල ඉතාම නිවැරදියි අදට හෙටට අනිද්දාට-----!!! අලුත් ක්‍රම සියල්ල ප්‍රශ්ණ ඇතිකරනවාමයි.(නදී)
5 ශිශ්වත්වයෙන් සමත් වන 30% සාපෙළ පෙල් වෙනවා තව උසස් පෙළ කා ගන්නවා . මේවා ගැන සමීක්ෂණයක් කරලා දත්ත එලියට දමන්න. (අ)
පහේ ශිෂ්‍යත්වය ළමයින්ට කරගන්න ඉඩදෙන්න. දැන් විභාගය කරන්නේ අම්මලා තාත්තලා. 50 ,60 දශකවල 5 ,8 ශ්‍රේණිවල ශිෂ්‍යත්ව දෙකක් තිබුණා. හැබැයි කවදාවත් ගැටළුවක් තිබුනේ නැහැ. අධ්‍යාපනයට විද්‍යාල සංකල්ප (නවෝදා වගේ )ගෙනා නිසා තමයි සමහර පාසල් වැසුණේ. (නි)
කවුරු කිවුවත් දැන්නම් තීරණය වෙනස් කරන එකක් නැහැ (නි)
අනේ මහතුනේ, දැන් රටට වැඩක් කරමුද? දැන් ඒක සිදුවෙලා අවසානනේ. අනික බටහිරින එන ඔය දේවල් අපිට මොකටද? අපි හැමදාමත් අපේ දරුවෝ බලගත්තේ 'ඇහේ මුහුණේ' තබාගෙන. ඒ නිසා ඔය ළමා දින වැඩක් නැහැ (නි)
ඇමතිලා හිතන්නේ ඒ අය තරම් දන්න තව කවුරුත් ලෝකයේ නැහැ කියලා. තමන් ගන්න තීරණ හරියටම හරි කියලා. රටම වැරදියි කියන මේ දෙය එතුමට හරි. (නි)
ජනප්‍රිය පාසල්වලින් ප්‍රාථමිකය ඉවත්කල යුතුයි. (ත)
සමත් වූ ළමයින්ට හරිම ගරු සැළකිලි, සත්කාර, තෑගි බෝග, ලැප්ටොප්... සමත් නැති ළමයා පොල්කුඩු ගානයි. සමහරු හිතේ වෛරයෙන් ඉන්නෙ. සමත් වුණු ළමයින්ටවත් පුලුවන් නම් අසමත් වී දුක්වන යාලුවන්ගෙ හිත් හදන සත්කාර්යකට හවුල් වෙන්න, කොච්චර හොඳද? එහෙම දේවල් නේද මේ රූපනාලිකා වලින් කරන්න ඕනෑ? (නි)
5 ශිෂ්‍යත්ව ප්‍රතිපල ළමා දිනයේදී තෑග්ගක් විදිහට ලබා දීම ඉතා උසස් කටයුත්තක්. මෙහිදී අසමත් වන ළමුන්ට අසාධාරණයක් නොවෙන්න සියලුම ළමුන් සමත් කරනවා නම් එය වඩාත් හොදයි. මේ තුලින් ළමුන් තුළ ඇති වන අහිතකර තරගකාරී මානසිකත්වය බැහැර කරන්න පුළුවන්. අද මේ මල් වයසේ ළමුන් මේ විභාගය නිසා පිස්සෝ වෙලා. හැමෝම සමත් වූ විට හැමෝටම සතුටුයි. ළමුන් අතර ඊර්ෂ්‍යාව ඇති වෙන්නෙත් නැහැ (නි)
මෙතුමානේ කිව්වේ රුපියල් 2500/-න් මාසයක් ජිවත් වෙන්න පුළුවන් කියලා. (නි)
ලෝක ළමා දිනයේදී සියලු ළමයින්ට සතුටුවිය හැකි යමක් නොකර ළමයිනුත් අම්මලාත් දුක් විඳලා ලබාගත් ප්‍රතිපලය තෑග්ගක් වගේ දීලා සතුටක් විඳින එක හොඳද? (නි)
ඔය මැති ඇමතිවරු කවදද ජනතාව ගැන හිතල තීන්දු තීරණ ගත්තේ.? ඉතින් මේක තවත් මෝඩ තීන්දුවක් කියල ඔහේ බලා ඉමු. වෙන මොකද කරන්නේ?(දිල්)
ළමයින් වෙනුවෙන් හරි දෙයක් කරන්න හැමට ශක්තිය ලැබේවා!! රටේ අනාගතය වන අපේ ළමයි හරි මගට ගෙන හොද අධ්‍යාපනයක් දෙන්න පුලුවන්නම් ලොකුම දෙයක් හැම දරුවෙක්ගේම පැතුම හොද පාසලකට යෑමය. උගතුගේ වගකීම එයට ඉඩ දීමයි සහ පසුකම් සැලසීමයි (නදී)
මානව හිමිකම් එකේ අයටත් තියෙන වැඩ? (නි)
ළමයින්ගේ ළමා මනස විනාශ කරන මේ විභාගයම අවලංගු කරන්න ඕනී.අපේ රටේ තීන්දු තීරණ ගන්න තැන්වල උගත් බුද්ධිමතුන් නැහැ,බොරු කියල යතාර්තය යට කරන්න තර්ක කරන්න පුළුවන් මුග්ධ මිනිස්සු ඉන්න අවාසනාවන්ත රටක් මේක.රටට ගැලපෙන අධ්‍යාපන රටාවක් අපේ රටේ නැහැ.(දිල්)
කුඩා දරුවන් විශාල මානසික පීඩනයකට පත් කරන මෙම 5 ශිෂ්‍යත්ව විභාගය පමාවී හෝ අවලංගු කිරීමට බලධාරීන් ක්‍රියා කරන්නේ නම් එය අනාගත පරපුර වෙනුවෙන් කරන මානුෂිය මෙහෙවරකි. මෙහිදී අතීත ශිෂ්‍යත්ව විභාගය හා සැසඳීම එතරම් කාළෝචිත නොවේ. කාලීන අවශ්‍යතාවයන් හා ඇතිවී තිබෙන සමාජ ගැටළු මත අධ්‍යාපන සංකල්පයන්ද වෙනස් විය යුතුය. (ස)
බටහිර රටවලට තමයි අවුරුද්දකට එක දවසක් ළමා දිනයක් තිබෙන්නේ. අපිට හැමදාමත් ළමයින්ගේ දින තමයි. ඉතින් ප්‍රතිඵල කවදා දුන්නත් අපි ප්‍රශ්නයක් කරගන්න ඕනෑ නැහැ. පුලුවන් නම් 5 වසර ශිෂ්‍යත්වය නවතලා දාන්න. ඒක සියල්ලටම වඩා වටිනවා (නි)
බටහිරින් ලබාගත් මේ වෙන්කරගත් දීන සංකල්ප වලට ඇබ්බැහිවීමක් තමයි මේ. ළමයි එදාට අඩන එක නරකයි. වෙන දවසක අඩන එක හොදයි. ළමයින්ගේ මනසට මේ තරම් බලපෑමක් වෙනවා නම් දිනය නෙමෙයි, මානව හිමිකම් එකට ප්‍රශ්නය වියයුත්තේ, මේ විභාගයයි. ළමයින්ගේ සියලු අයිතිවාසිකම් පෙර පාසලේ සිටම උදුරාගෙන ළමයි රොබෝලා කරන අම්මලා තාත්තලාව පිස්සෝ කරවන, අමතර පන්තිකාරයෝ පොහොසත් කරවන, මේ විභාගය ගැන තීරණයක් ගන්න බලන්න ප්‍රතිපල එන දවස ගැන බලන්න කලින් (නි)
5 ශිෂ්‍යත්වය නිසා මම අගනුවර ඉහළ පාසලකට යාමට අවස්ථාව ලදිමි. උපාධිය තිබුණද තාමත් රැකියා අයදුම්පතෙහි පාසල සඳහන් කරන්නේ එයට ඇති පිළිගැනීම නිසයි. මේ අවස්ථාව ගමේ දරුවන්ට නැති කරන්න එපා. (නි)
අපේ රටේ ක්‍රමසම්පදකයන්ට දුර පෙන්නේ නැහැ ඔය ක්‍රමය ලබන වසර වනකොට ඉබේම දියවෙලා යයි (දිල්)
ළමයින්ට එක දවසද ?(දිල්)
මේ වගේ දේවල් හැමදාම කරනවා නේද(දිල්)
කවුරු හරි අතින් යම් අතපසුවීමක් සිදුවුණාම ඒක නිවැරදි කරන්න තරම් නිහතමානී කමක් අපගේ දේසපාලකයනට නැහැ. තමුන් හරි කියලා තමා හිතන්නේ. ඒක අපේ සිසු දරුවන්ගේ පමණක් නොවේ මුළු රටේම අවාසනාව. (ස)
හැබැයි අධ්‍යාපන ඇමතිතුමා නං කිවුවෙ ඒක ළමාදිනේ ළමයින්ට දෙන තෑග්ගක් කියල. කවුරු කැමති උනත් නැතත් මින් ඉදිරියට ප්‍රතිඵළ නිකුත් කරන්නෙ ළමා දිනේට කියල බොහොම උජාරුවෙන් කිවුවෙ.(දිල්)
බටහිර දේවල් වලට කාලය කන්න එපා.හැම දිනයක්ම ළමයන්ගේ.එක දිනක් නොවෙයි. (නි)
කුමාරන පැවසූ දේ හරි. අපට නම් 365 දවසම ළමයින්ගේ දවස්. අපේ හැමදේම, හැම දවසම ළමයින්ටයි. එක දවසක් නෙමෙයි. (නි)
කරුමේ උනේ අධ්‍යාපන ඇමතිලා ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයෙන් බව අමතක උන එක .(දිල්)
තම ගරුත්වය ආරක්ෂා කරගෙන වැඩ කළා නම් හොඳයි කියලා තමයි මගේ අදහස.එහෙම නැතුව තමන්ගේම අදහසේ එල්ලීගෙන තමන් හරි කියලා වැඩ කළොත් ජනඅප්‍රිය වේවි. පාසල් වල ඉගෙන ගන්න පුංචි ළමයි කඳුළු පෙරාගෙන අඬන දවසක් නොවේ ලෝක ළමා දිනය කියන්නේ. කවුරු මොනවා කිවුවත් මීටපසු 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිපල දෙන්නේ ළමා දිනේටයි කියලා තීරණය කරන්න බලය තිබෙන එක ඇත්ත.එහෙත් බහු ජනතාවගේ අදහසට පොඩ්ඩක් කන්දෙන්න ඇමතිතුමනි. (නි)
අතීසාරෙට අමුඩයක් ගැහැව්වා එහෙනම්, ඇ? සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර වැනි විශිෂ්ට අධ්‍යාපනඥයන් දැන් අපට නොලැබීම අවාසනාවක්. මධ්‍ය මහා විද්‍යාල හදල සැලසුම් කලේ රෝයල් එකේ වරප්‍රසාද හැකි තරමින් ගමේ දරුවන්ටත් ලබාදෙන්නයි. ශිෂ්‍යත්වය දුන්නේ මධ්‍ය මහා විද්‍යාලයට යන්නයි. ඒ සංකල්පය තවමත් වලංගුයි. විශිෂ්ට මට්ටමේ පාසල් කීපයක් දිස්ත්‍රික්කයක් පාසා පිහිටුවන්න බැරි ඇයි? ශිෂ්‍යත්වලාභීන්ට උසස් පාසල්වල වගේම ම.ම. විද්‍යාලවල (හෝ වෙනත් එවැනි පාසල්වල) පහසුකම් දෙන්න බැරිද? ප්‍රශ්නය තියෙන්නේ ප්‍රතිපල දෙන දිනයේ නොව දරුවන් අති උග්‍ර තරඟයකට ඇද දැමීමෙයි. තරඟය වලක්වන්න. ක්‍රමික අගයුමකින් දරුවන් තෝරන්න. (අ)
මොකද එදාට කෙම්මුර දවසක්ද? (නි)
ඔය දවසේ ප්‍රතිපල නිකුත් කළ විට ළමයි ටික දෙනෙක් (දෙමාපියන්ද සමග)සතුටු වෙන නමුත් ළමයි දහස් ගණනක් දුකෙන් කල්ගත කරනවා.ළමා දිනය එසේ නොවිය යුතුයි නේද? (නි)