2013 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ (සිංහල සීමිත අංශයේ) හොදම නළුවාට හිමි සම්මානය හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයේ ඒ. ලක්කාන්ත විහඟ අබේවික්‍රම සිසුවාටත් හොඳම ළමා නිළියට හිමි සම්මානය මොණරාගල රාජකීය ජාතික පාසලේ ආර්. එම්. එම් .සුපිපි මැදිවෙල සිසසුවියටත් හිමි විය
"පාට තුනයි එකම මලයි" නාට්‍යය වෙනුවෙන් ලක්කාන්ත සිසුවා මෙම සම්මානය ලබාගත් අතර හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයේ ආචාර්ය ජී. පී. සුභාෂණ කුරුගලගේ විසින් නිපදවු එම නාට්‍යය වෙනුවෙන්ම ඔහුටද හොඳම පිටපතට හිමි සම්මානය හිමි වීය
මොණරාගල රාජකීය ජාතික පාසලේ රන්කාසි වැස්ස ළමා නාට්‍යයයේ එලීසා චරිතය වෙනුවෙන් සුපිපි සිසුවිය මෙම සම්මානය ලැබුවාය
රාජකිය විද්‍යාල නව රගහලේදි පැවති මෙහිදී සියළුම අංශයනි සඳහා සම්මාන සහතික පිරිනැමිණි
සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍ය ටී බි ඒකනායක මහතා මෙහ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්විය
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහඟ අබේවික්‍රමටත්, සුපිපි මැදිවෙලටත් සුභ අනාගතයකට ආසිරි පතමු. (නි)
විහඟටත්, සුපිපිටත් සුභ අනාගතයකට ආසිරි පතමු. (නි)
නංගියේ, මල්ලියේ, ඔය ගත් ලොකු පියවර ගොඩක් වටිනවා.ඉගෙනීමට බාධාවක් නොකරගෙන ඉදිරියටම යන්න.මගෙන් උණුසුම් සුබ පැතුම්. මම දුෂ්මන්ත. හොරණ. (නි)
ඔබ දෙපළට උණුසුම් සුභ පැතුම්! (නි)
සූභ පතනවා...!! (නි)
අනාගතයේ, ගාමිණී-මාලනි යුවල මෙන් ජනප්‍රිය වේවා! (නි)
නිළිය ගැන නම් මට ගොඩක් සතුටුයි. මොකද එයා අති දුෂ්කර පළාතක ඉදලා ඇවිල්ලා මේ වගේ දස්කම් පාන එක ගැන.ඔබට සුබ අනාගතයක් (නි)
සුබ පැතුම් දරුවෝ (දී)
සහය නිළිය ,නළුවා ෆොටෝ ටිකකුත් පල කරන්නකෝ. ගොඩගම සුභාරතිය තමා පලවෙනි තැන ගත්තේ.අපි සුභාරතියේ. (ස)
හොරණ විද්‍යාරත්නයට යළිත් වසන්තය උදාවෙලා. සන්තෝෂයි! විහග පුතාට සහ සුපිපි දුවට ද තුන් සරණේ පිහිටයි!!! (නි)
ආදරණීය දියණියට හා පුතුට උණුසුම් සුභපැතුම්. අනුන්ගේ නිර්මාණ කොපි කරල එක රැයකින් ස්ටාස්ලා බිහි කරන්න උත්සාහ කරනවට වැඩිය යමක් කරන්න හැකියාව ඇති නිර්මාණාත්මක පරපුරක් බිහි කරන්න උත්සාහ කරන මෙවන් වැඩසටහන් ක්‍රියාත්මක කරන සෑම නිලදරුවෙකුටමත් මගේ උපහාරය.. (නදී)
උණුසුම් සුබපැතුම් දුවේ පුතේ !. (නදී)
සුභ පැතුම්!! (නි)
සුභ පැතුම්. ඒත් පුතේ, දුවේ, අධ්‍යාපන කටයුතු වලට බාධාවක් කර ගන්න එපා මේක. අධ්‍යාපනයට මුල් තැන දෙන්න. අපේ පිරිවෙන පෙර සිටම උගත් පඬිවරුන් රටට බිහිකළ උසස් ධර්ම ආයතනයක්. (ස)
සුභ පැතුම්!!!!! (නි)
හොරණින් බිහිවුනු හොඳ දක්ෂ නළුවෝ අද ලංකාවේ ගොඩක් ඉන්නවා.දෙන්නටම මගෙන් උණුසුම් සුබ පැතුම්. (ස)