2013 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ (සිංහල සීමිත අංශයේ) හොදම නළුවාට හිමි සම්මානය හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයේ ඒ. ලක්කාන්ත විහඟ අබේවික්‍රම සිසුවාටත් හොඳම ළමා නිළියට හිමි සම්මානය මොණරාගල රාජකීය ජාතික පාසලේ ආර්. එම්. එම් .සුපිපි මැදිවෙල සිසසුවියටත් හිමි විය
"පාට තුනයි එකම මලයි" නාට්‍යය වෙනුවෙන් ලක්කාන්ත සිසුවා මෙම සම්මානය ලබාගත් අතර හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයේ ආචාර්ය ජී. පී. සුභාෂණ කුරුගලගේ විසින් නිපදවු එම නාට්‍යය වෙනුවෙන්ම ඔහුටද හොඳම පිටපතට හිමි සම්මානය හිමි වීය
මොණරාගල රාජකීය ජාතික පාසලේ රන්කාසි වැස්ස ළමා නාට්‍යයයේ එලීසා චරිතය වෙනුවෙන් සුපිපි සිසුවිය මෙම සම්මානය ලැබුවාය
රාජකිය විද්‍යාල නව රගහලේදි පැවති මෙහිදී සියළුම අංශයනි සඳහා සම්මාන සහතික පිරිනැමිණි
සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍ය ටී බි ඒකනායක මහතා මෙහ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්විය
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
2025 දෙසැම්බර් මස 18
612
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමා කරළියේ හොඳම නළුවා හොරණින්
චන්දන ගංගොඩ Thursday, 24 October 2013 11:11 PM
විහඟ අබේවික්‍රමටත්, සුපිපි මැදිවෙලටත් සුභ අනාගතයකට ආසිරි පතමු. (නි)
චන්දන ගංගොඩ Thursday, 24 October 2013 11:43 PM
විහඟටත්, සුපිපිටත් සුභ අනාගතයකට ආසිරි පතමු. (නි)
දුෂ්මන්ත ලක්මාල් Friday, 25 October 2013 07:20 PM
නංගියේ, මල්ලියේ, ඔය ගත් ලොකු පියවර ගොඩක් වටිනවා.ඉගෙනීමට බාධාවක් නොකරගෙන ඉදිරියටම යන්න.මගෙන් උණුසුම් සුබ පැතුම්. මම දුෂ්මන්ත. හොරණ. (නි)
දුෂ්මන්ත Friday, 25 October 2013 07:23 PM
ඔබ දෙපළට උණුසුම් සුභ පැතුම්! (නි)
පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 24 October 2013 11:57 PM
සූභ පතනවා...!! (නි)
මනෝජ් Friday, 25 October 2013 12:08 AM
අනාගතයේ, ගාමිණී-මාලනි යුවල මෙන් ජනප්‍රිය වේවා! (නි)
ලාල් Friday, 25 October 2013 02:36 AM
නිළිය ගැන නම් මට ගොඩක් සතුටුයි. මොකද එයා අති දුෂ්කර පළාතක ඉදලා ඇවිල්ලා මේ වගේ දස්කම් පාන එක ගැන.ඔබට සුබ අනාගතයක් (නි)
පසන් Thursday, 14 November 2013 12:23 AM
සුබ පැතුම් දරුවෝ (දී)
සරා Friday, 25 October 2013 02:50 PM
සහය නිළිය ,නළුවා ෆොටෝ ටිකකුත් පල කරන්නකෝ. ගොඩගම සුභාරතිය තමා පලවෙනි තැන ගත්තේ.අපි සුභාරතියේ. (ස)
දුරන්ග් Friday, 25 October 2013 07:33 AM
හොරණ විද්‍යාරත්නයට යළිත් වසන්තය උදාවෙලා. සන්තෝෂයි! විහග පුතාට සහ සුපිපි දුවට ද තුන් සරණේ පිහිටයි!!! (නි)
ආනන්ද Friday, 25 October 2013 08:58 AM
ආදරණීය දියණියට හා පුතුට උණුසුම් සුභපැතුම්. අනුන්ගේ නිර්මාණ කොපි කරල එක රැයකින් ස්ටාස්ලා බිහි කරන්න උත්සාහ කරනවට වැඩිය යමක් කරන්න හැකියාව ඇති නිර්මාණාත්මක පරපුරක් බිහි කරන්න උත්සාහ කරන මෙවන් වැඩසටහන් ක්‍රියාත්මක කරන සෑම නිලදරුවෙකුටමත් මගේ උපහාරය.. (නදී)
ඉන්දු මෙල්බර්න් Friday, 25 October 2013 09:00 AM
උණුසුම් සුබපැතුම් දුවේ පුතේ !. (නදී)
දිල්රූ Sunday, 27 October 2013 07:35 AM
සුභ පැතුම්!! (නි)
ගජ මෑන් Friday, 25 October 2013 11:09 AM
සුභ පැතුම්. ඒත් පුතේ, දුවේ, අධ්‍යාපන කටයුතු වලට බාධාවක් කර ගන්න එපා මේක. අධ්‍යාපනයට මුල් තැන දෙන්න. අපේ පිරිවෙන පෙර සිටම උගත් පඬිවරුන් රටට බිහිකළ උසස් ධර්ම ආයතනයක්. (ස)
සදුනි Thursday, 24 October 2013 09:38 PM
සුභ පැතුම්!!!!! (නි)
ලක්ෂාන් Friday, 25 October 2013 12:10 PM
හොරණින් බිහිවුනු හොඳ දක්ෂ නළුවෝ අද ලංකාවේ ගොඩක් ඉන්නවා.දෙන්නටම මගෙන් උණුසුම් සුබ පැතුම්. (ස)