සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ළමයින් යොදා ගැනීම ගැන යහපාලනය සඳහාවූ නීතිඥවරුන්ගේ සංගමය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට සහ ජාතික ළමා රක්ෂණ අධිකාරියට පැමිණිලි කර ඇත.
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නිල ෆේස් බුක් පිටුවේ මහින්ද ජනපතිගේ රුව රැගත් කොඩි ඔසවාගෙන යන ළමුන්ගේ පින්තූර පළ කර ඇතැයිද ඔවුහු කියති.
ළමා අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියටද අත්සන් තබා ඇති ශ්‍රී ලංකාව තුළ මැතිවරණ ප්‍රචාරණයට ළමුන් සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිඥවරු මැතිවරණ කොමසාරිස්වරයාගෙන් හා ළමා රක්ෂණ අධිකාරියෙන් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවාලේ කපුවා යාතිකා නොකරනවානම් වරදක් ?(දිල්)
ජය ..ජය ...ජය ...ශ්‍රී ලංකා (දිල්)
මැතිවරණය "අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි "කියලා පනතක් සම්මත කරගමු (නදී)
අපිත් ඔබ සමගයි නිතිඥ මහතුනි, කිසිම කෙනෙකුට දේශපාලන වැඩවලට ළමයි ප්‍රයෝජනයට ගන්න දෙන්න එපා. (ර)
පරාජයට ඇති බව මේවගෙන් පේනවා (දිල්)
චිත්‍ර සිල්පයට දක්ෂ පොඩි ළමයි ජනාධිපති තුමාගේ පින්තූරය අඳලා රස්වීම්වලදී තෑගි කරන එක මැතිවරණ නීතියට විරුද්ධද? (ර)
දැන්වත් මේක සිතට ආපු එක ගොඩක් හොඳයි - මහින්ද දැම්මම ගියොත් තමා හොඳ (දිල්)
එතකොට සිරිසේන ගෙ දැන්වීම් වල අත දරුවො ඉන්න එක හොඳයි? (නදී)
මේ කාලෙට තමයි කාට කාටත් ළමා අයිතිවාසිකම් මතක් වෙන්නේ .(නදී)
දහම් එන්න හරහට අරගන නලවන්න (නදී)