
(සුජිත් හේවාජුලිගේ )
අවුරුදු 1ට අඩු ළදරුවන්,වයස අවුරුදු එකත් පහත් අතර දරුවන් සහ පෙර පාසල් වියේ දරුවන් අතර පසුගිය වසරට ( 2021) සාපේක්ෂව මේ වසරේදී මන්දපෝෂණ තත්වයන්හි වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එසේම රටේ අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට 42.9 ක ප්‍රතිශතයක් කුමන හෝ මන්දපෝෂණ තත්වයකින් පෙළෙන බවද එම වාර්තාවේ දැක්වේ.
උග්‍ර තීව්‍ර මන්දපෝෂණයෙන් (උග්‍ර කෘෂ බව) පෙළෙන වයස අවුරුදු පහට අඩු දරුවන් 18,240 දෙනෙකුද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවී ඇතැයි පවසන එම කාර්යාංශය මෙම දරුවන් සමීපව අධීක්ෂණය හෝ පසු විපරම් කළ යුතු බවටද යෝජනා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ!! ඕක මොකක්ද, ප්‍රෞඩ ඉතිහාසයක් සහිත කන්න නැතත් ඉන්න රටක් තියනවනේ දැන් අපිට???
මොබයිල්වලින් 'ඩේටා' කොටලා ඉන්ටර්නෙට් වපුරන කොට අනාගත පරපුරට ඔහොම වෙනවානේ....! ..... හා.! නැතිද මං කියන්නේ...!