ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සෑම පාසලකටම රුපියල් ලක්ෂ 20ක් වටිනා සනීපාරක්ෂක කට්ටල සඳහා මුදල් පරිත්‍යාග කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) කොළඹ මහානාම විද්‍යාලයේදී පැවැත්විණි.
පළමු අදියරේදී තෝරාගත් පාසල් 1100 කට සනීපාරක්ෂක කට්ටල වෙනුවෙන්ද දෙවැනි අදියරේදී දිවයිනේ සියලු පාසල් ආවරණය වන පරිදිද මුදල් පරිත්‍යාග සිදු කෙරේ.
ළමයින්ගේ අධ්‍යාපනය මෙන්ම සනීපාරක්ෂාව ගැනද රජයක් ලෙස තමන් සැලකිලිමත් විය යුතු බවත් ජනප්‍රිය පාසල් වෙනුවට ‘ළඟම පාසල හොඳම පාසල‘ යන තේමාව යටතේ සියලු පාසල් නවීන පහසුකම් වලින් සන්නද්ධ කිරීමට කටයුතු කරන බවත් අධ්‍යාපන ඇමැති කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නම් දැන් දරුවන් ළඟම පාසලට ඇතුල් කර ගන්න පුළුවන්. (ර)
අගය කලයුතු, ක්‍රියාවට නැගිය හැකි සංකල්පයක්, නමුත් ප්‍රායෝගිකව අපහසුය, ඔබතුමාට කල හැකි නම් ඉතිහාස ගතවනු ඇත. (ර)
ළඟම පාසල නොව ඈත පිටිසර දුක්විඳින ළමයින්ගේ පාසල් වලට පළමුව ආධාර කරන්න. (නි)
වචන වලට සිමා නොවී මේ දේවල් අකුරටම සිද්ධ වෙනවනම් රටේ දරුවන්ගේ අනාගත අභිවෘධියට මෙය මං විවර වීමක්. (අ)
ඇමතිතුමනි, අපේ ගම් පළාතේ ඇතැම් පාසල්වලට ඔය කියන විදියේ කැසිකිළි වැසිකිළි හදන්න ඉඩකඩ නැහැ. ඒවගේම සමහර පාසල්වල පන්ති කාමර මදිකම බරපතල ප්‍රශ්නයක් වෙලා . දොම්පේ මැතිවරණ කොට්ඨාශයේ කලුකොඳයාව ප්‍රාථමික පාසලට 2016 වසරට අලුතින් ඇතුළත් වෙන්න ළමුන් 81 ක් ඉදිරිපත්වෙලා ඉන්නවා. ගමෙන් ඉන්නේ 18 යි. අවට ගම්වලින් ඉතිරි ළමුන් අයදුම් කරලා. පන්ති තියෙන්නේ 1 යි. ඇතුළත් කරගන්න පුළුවන් 35 යි. ඉතිරි දරුවන්ට මෙම පාසලට ඇතුළත් වෙන්න පන්ති කාමර සහ ගුරුවරු නැහැ. ඔය සල්ලි වලින් අඩක් යොදවලා තව පන්ති කාමරයක් දෙකක් හදවලා දෙන්න. ඔබතුම කිව්වා වගේ ඔය අතිරික්ත ගුරුවරු ඉන්න තැනකින් මෙතනටත් ගුරුවරු එක්කෙනෙක් දෙන්නෙක් එවන්න.එතකොට මේ ගමේ පාසලත් ළඟම පාසල - හොඳම පාසල වේවි (නි)
මේක පරිත්‍යාගයක් ද රජයෙ මුදල් වෙන්කර ලබාදීමක් නේද? (බ)
අන්න කරනවානම් වැඩ. එතකොට ඔය ජනප්‍රිය කතන්දර නැහැ. හැමෝටම එකම හැන්දෙන්. නිවැරදි පුහුණුව,පහසුකම් තියෙනවනම් ඕව ලොකු වැඩ නෙවේ. ප්‍රධාන වන්නේ දැඩි කැපවීම සහ උනන්දුව (බ)
කියනවා වගේම කරනවා නම් හොඳයි (නි)
ළඟම පාසල හොඳම පාසල උන දාට හොඳම අධ්‍යාපන ඇමැතිත් අකිල විරාජ් කාරියවසම් මහතා වේවි. එහෙම වෙයිද?(ම)
ලඟම පාසල හොඳම පාසල, දේශපාලන සටන් පාටයක් නොවීමට නම් භෞතික දේවල් අතරට දරුවාට ප්‍රියමනාප යහපත් අධ්‍යාපන වැඩ පිළිවෙලක් සමග බද්ධ විය යුතුය. (ර)
දැන් තියෙන්නේ හැමදෙනාම හොඳම පාසලේ ළඟම පදිංචිකරුවන් වීම නේ. මුදල් යහමින් තියෙන අය ඒ පාසල් ලඟින්ම විශාල මුදලකට ගෙවල් ගන්නවා. අනිත් අය හොර ලිපිලේඛන හදලා පගාවක් දීලා මැති ඇමතිවරුන්ගේ බලපෑමක් ඇතිව ඒවට දරුවෝ ඇතුල් කරගන්නවා. (ර)
දිස්ත්‍රිකය තුල පාසල් ශ්‍රේණිගත කර සුපිරි පාසල්වලට විශ්ව විද්‍යාලෙට යන්න සුපිරි ලකුණක් දෙන්න. (ර)
ඇමති තුමාගේ උත්සාහය ඉතා අගෙයි හැකි සෑම සහයක්ම මෙයට ලබා දෙනවා.