IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ළඟම ඇති හොඳම සිනමා උලෙළ හතරක් නරඹමුද?

2016-09-27-ent-55

ආසියානු රටවල අලුත් අධ්‍යක්‍ෂකවරුන්ගේ නව සිනමා නිර්මාණ සඳහා මූල්‍යමය ආධාර සපයන මෙම කලාපයේ ඇති විශිෂ්ටතම හා දැවැන්තම සිනමා උලෙළ වන දකුණු කොරියාවේ බූසාන් ජාත්‍යන්තර සිනමා උලෙළ 21 වැනි වරටත්එළඹෙන ඔක්තෝබර් මස 06 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වේ. මෙවර සිනමා උලෙළේදී රටවල් 69 ක චිත්‍රපට 300ක් ප්‍රදර්ශනයට නියමිත අතර, ඊටජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ තම මංගල දර්ශනය (WORLD&INTERNATIONAL PREMIERES) පවත්වන චිත්‍රපට 122ක්ද ඇතුළත්ය. ශ්‍රී ලංකාවේ සංජීව පුෂ්පකුමාරගේ %දැවෙන විහඟුන්^ චිත්‍රපටයද ඒ අතර වෙයි. සුපිරි සිනමා අංගන පහක දර්ශන තිර 34ක පැවැත්වෙන මෙම දැවැන්ත සිනමා සැණකෙළිය ලොව සුපතල අධ්‍යක්‍ෂවරුන්ගේ හමුවීම්, සිනමා ප්‍රවර්ධකයන්ගේ හමුවීම් සහිත ප්‍රශස්ත උලෙළකි.

2016-09-27-ent-56අන්තර්ජාලයේ BUSAN INTERNATIONAL FILM FESTIVAL ලෙස සටහන්කොට Searchකිරීමෙන් මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබාගත හැකි අතර, දකුණු කොරියාවේ තරු තුනේ හෝටලයක නැවතීමේ දිනක වියදම දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් දස දහසක් (10,000) පමණ වෙයි. බූසාන් උලෙළට සහභාගීවීමේ වීසා කටයුතු පිළිබඳව කොළඹ කොල්ලුපිටියේ ධර්මපාල මාවතේ, අංක 98 දරණ තැන පිහිටි දකුණු කොරියානු තනාපති කාර්යාලයේ දුරකථන අංක 0112699036/8 අංක ඇමතීමෙන් ලබාගත හැක.

තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන WORLD FILM FESTIVAL BANGKOK 2016 උලෙළ 14 වෙනි වතාවට පැවැත්වෙන්නේ නොවැම්බර් මස 4-13 වෙනිදා දක්වාය. බැංකොක් නුවර ප්‍රටුනාම් දිස්ත්‍රික්කයේ පිහිටි සුපිරි සෙන්ට්‍රල් වර්ල්ඩ් සාප්පු සංකීර්ණයේ හත්වෙනි මහලේ චමත්කාරජනක සුවපහසු සිනමාහල් 15 කින් සමන්විත සිනමා පාරාදීසයේ සිනමාශාලා හතරක, උදෑසන සිට රාත්‍රිය වන තෙක් පුරා දින දහයක් එකදිගට ලොව නවතම සම්භවනීය චිත්‍රපට 80 ක් නැරඹීමේ වරම මෙයට සහභාගී වීමෙන් ඔබට උදාකර ගත හැක. එක් චිත්‍රපට දර්ශන වාරයක් නැරඹීමට තායිබාන් 100 ක් (රු.500) වැයවන අතර මැක්සිකෝව,රුමේනියාව, කැනඩාව, ඊශ්‍රායලය, බ්‍රසීලය වැනි ඈත පෙරදිග රටවල අලුත් සම්භාවනීය සිනමාවද මෙහිදී ඔබට රසවිඳිය හැක.

තායි ගුවන්සේවයේ හෝ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන්යානාවකින් බැංකොක් නුවරට ගොස් පැමිණීමට ශ්‍රී ලංකා රුපියල් 40,000ක් පමණ වැය වන අතර, එහි එක් අයෙකුට එක් දිනක් ගත කිරීමට නවාතැන් හා අහාරපාන සඳහා යන වියදම රුපියල් 7000කි. (හත්දහසකි) සංචාරක වීසා ගාස්තුව රුපියල් 5900ක් වන අතර රුපියල් ලක්‍ෂයක බැංකු ශේෂයක් සහිතව මාස හයක බැංකු ගිනුම් වාර්තාවක් වීසා ලබාගැනීම සඳහා අනිවාර්ය වෙයි. අංක 29, විජේරාම මාවත, කොළඹ 07 ලිපිනයේ නව තායිලන්ත තානාපති කාර්යාල පරිශ්‍රය පිහිටා ඇති අතර, වීසා කටයුතු පිළිබඳව වැඩිදුර විස්තර අන්තර්ජාලයේ ROYAL THAI EMBASSY වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0117529500 දුරකථනය ඇමතීමෙන් ලබාගත හැක.

බැංකොක් සිනමා උලෙළ අවසාන වනවාත් සමගම ඉන්දියාවේ කල්කටා (කොල්කතා) නුවර ඇරඹෙන KOLKATA INTERNATIONAL FILM FESTIVAL හෙවත් කොල්කටා ජාත්‍යන්තර සිනමා උලෙළ 2016 මෙවර පැවැත්වෙන්නේ නොවැම්බර් මස 11 - 18 වෙනිදා දක්වාය. මෙම උලෙළට සහභාගීවීමෙන් භාරතය පුරා ඇති කලා හැකියාවන් හමුවීම පමණක් නොව නැවුම් සෞන්දර්යාත්මක සිතිවිලිද ඇති කරගත හැක.

මිහින් ලංකා ගුවන් සේවයෙන් කොල්කතා නගරයට ගොස් පැමිණීමට සෘජු ගුවන් සේවාවක් කොළඹ සිට ක්‍රියාත්මක වන අතර, එහි අයකිරීම වන රුපියල් 35,000 ක් මුදල දින වකවානු අනුව උච්චාවචනය වෙයි. රුපියල් 40,000 ක ශේෂයක් සහිතව මාස හයක බැංකු ගිණුම් ඉන්දියාවට සංචාරක වීසා ලබා ගැනීමේදී අවැසි වන අතර, සංචාරක වීසා බම්බලපිටිය, තුම්මුල්ල හංදිය හා ලෙයාර්ඩ්ස් පාර අතර අංක 129 පිලිප් ගුණවර්ධන මාවතේ පිහිටි INDIAN VISA CENTER වෙතින් ලබාගත යුතුය. ඒ සඳහා ඇවැසි අන්තර්ජාල යොමු කිරීම් සහිත පෞද්ගලික ආයතන කීපයක් මෙම පරිශ්‍ර‘ය ඉදිරියේම පිහිටා ඇති අතර අන්තර්ජාලය ඔස්සේද, සංචාරක නියෝජිත ආයතනයක් ඔස්සේද ඔබට වීසා ලබාගත හැක

එනමුදු ඉන්දියාවේ සංචාරයකදී එහි කවර ගුවන්තොටුපළකදී හෝ අන්තර්ජාලයෙන් ලියාපදිංචි වී ලබා ගන්නා වීසා වලට ලැබෙන සැලකිලිමත් බව විවාදාත්මකය.

ආහාර පාන සහ නවාතැන් සහිතව කොල්කතාවේ දිනක වියදම එක් අයෙකුට ශ්‍රී ලංකා රු.7000 කි.

තවත් හොඳ සිනමා උලෙළක් වන ඉන්දියාවේ දකුණේ පැවැත්වෙන 2016 කේරළ ජත්‍යන්තර සිනමා උලෙළ දෙසැම්බර් මස 9-16 වෙනිදා දක්වා පැවැත්වෙන්නේ 21 වෙනි වතාවටය.

අන්තර්ජාලයේ IFFK 2016 සටහන්කොට Searchකිරීමෙන් මේ වන විටත් සිනමාකෘති භාරගනිමින් පවතින මෙම උලෙළේ සංවිධායකයන් හා සම්බන්ධ විය හැක.

 

පද්මකුමා පී.මෙත්තසේන

 



අදහස් (0)

ළඟම ඇති හොඳම සිනමා උලෙළ හතරක් නරඹමුද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 651 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 347 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site