මහජන උද්ඝෝෂණ පසමිතුරු බලවේග ලෙස නොව හිතමිතුරු බලවේග ලෙස සිතා හදිසියේ මැතිවරණ පවත්වන්නට කලබල නොවී තම නිල කාලය ප‍්‍රයෝජනයට ගනිමින්, සාවධානව, තැන්පත් ව, සිතා බලා කටයුතු කරන මෙන් ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සොභිත හිමියෝ ජනපති මහින්ද රජපක්‍ෂ මහතාට විවෘත සංදේශයක් යවමින් ඉල්ලා සිටිති.
අතීතයේ රජකම් කළ ‘මහසෙන් රජු’ දේවත්වයෙන් සලකන්නා සේම අනාගතයේ දේවත්වයෙන් පුද පූජා ලැබීමට සුදුසුකම් සපුරාගත හැකි භාග්‍යවන්තයෙකු සේ සැලකිය හැකි පුද්ගලයෙකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා තමන් ද දකින බව ඒ හිමියෝ කියති. ඒ බව විවෘත සංදේශය ඔස්සේ පවසන ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ මේ තීරණාත්මක මොහොතේ කේවට්ටයන්ගේ සහ පාපාකාරීන්ගේ පසමිතුරු බස්වලට නොරැවටී ‘‘ළඟ නොබලා දුර බලා’’ හදවතට එකඟ තීරණයක් ගන්නැයි ඉල්ලා සිටිති.
සෝභිත හිමි ජනාධිපතිට යැවූ විවෘත සංදේශය මෙසේය.
මේදිනවල පවත්නා අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බනධයෙන් මුලූ රටම යොමුවී ඇත්තේ විකෂිප්තභාවයකටයි. ඔබතුමන්ගේ ආකල්පයන් හා ඔබතුමා සමග කටයුතු කරන හිතමිත්‍ර දේශපාලන කණ්ඩායම්වල ප්‍රතික්‍රියා මෙම අර්බුදකාරී තත්ත්වයට හේතු වී ඇත. විපකෂයන්හි කණ්ඩායම් පමණක් නොව ඔබතුමන් හා ඒකාග්‍රතාවෙන් යුතුව කටයුතුකළ පාකෂිකයින්ද එක්ව කරන පොදු ඉල්ලීම බවට පත්ව තිඛෙන්නේ ජනාධිපති පදවිය සතු බලතල සීමාකරන ලෙසයි.
මේ ඉල්ලීම විශේෂයෙන්ම ජාතික හෙළ උරුමය ඇතුලූ ඔබතුමන්ගේ රජයේ පාර්ශවකරුවන් විසින්ද, දිගින් දිගටම ඉල්ලා සිටින්නේ එකරුණ පොදු මහජන උවමනාවක් වශයෙනි. ඒ හැරෙන්නට ඔබතුමාට අහිතකර අනර්ථකාරී කුමන්ත්‍රණයක් වශයෙන් නොවේ. ඇත්ත වශයෙන්ම මේ යෝජනා රටට ඉදිරිපත් කොටඇත්තේ ඔබතුමන් විසින්ම ම ය යන්න නිහතමානීව සිතනවිට පෙනී යන සත්‍යයයි.
2010 වසරේ ඔබතුමන් රට ඉදිරියට තැබූ ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම‘ නැමැති ප්‍රතිපත්ති මාලාවේ අංක 50, 52, 53 යන පිටුවල දක්වා ඇති කොටස් ස්මරණය කරණු මැනවි. ඒ අනුව ඒ ඉල්ලීම් ඉටුකිරිම ඔබතුමාගේම ගෞරවය පිනිස හේතුවන, අවංකභාවය පිනිස හේතුවන, කරුණක් මිස වෙනකක් නොවන බව පැහැදිලිය.
ජාතික හෙළඋරුමය ඇතුලූ ඔබතුමන්ට හිත පකෂපාතව කටයුතු කරන මිත්‍ර කණ්ඩායම් මගින් සිදුකරණ ඉල්ලීම් මාලාව පිළිබ`දව සාවධානව යළි සිතන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒ හැරෙන්නට වර්තමානයේ පවත්නා බලය පිළිබ`ද අධි තක්සේරුවකින් නොසිතනු මැනවි. එසේම ඔබතුමාගේ බලය යටතේ අයථා ලාභ ප්‍රයෝජන ලබන අඤ්ඤදත්තූහර (ගසා කෑමේ චේතනාවෙන් යුතු) වචීපරම ( මුලා බස් තෙපලන) අපාය සහායක ( පාපකාරී වැරදිවලට පොළඹවන) ආදි පාප මිතුරන් විසින් කරනු ලබන පෙළඹවිම් අනුව ද, පියවර නොතබනු මැනවි. මා ද, ඇතුළත් කණ්ඩායම් විසින් ඉදිරිපත්කරන ලද කරුණු යොමු කෙරුණේ ඔබතුමාවෙත පවත්නා හිතවත්කමට ය.
මෙබ`දු සිදුවීම් සම්බනධ සාධක අපේ ඓතිහාසික වාර්තාවන්හිද ප්‍රකටය. මහසෙන් රජතුමා සිද්ධිය පිළිබ`දව ඔබතුමාට මේ අවස්ථාවේදී සිහිපත් කරනු කැමැත්තෙමි. මහාවංශයේ 37 පරිච්ඡේදයේ සඳහන් පරිදි ක්‍රී:ව: 277දී රජ පදවියට පත් මහසෙන් රජතුමා අති විශිෂ්ට ජාතික මෙහෙවරක් කළ නරපතියෙකි. එහෙත්, රජතුමා පසුකාලීනව, ඝෝණ, සංඝමිත්ත වැනි ආත්මාර්ථකාමී පාපමිත්‍රයන්ගේ මෙහෙයවීම යටතේ, රජතුමා බොහෝ වැරදිවලට යොමුවිය.
මහා විහාරය විනාශ කොට, ආගම ධර්මය නොසලකා හැර, දූෂණයට හා දුරාචාරයට මග විවිරකොට සිදුකෙරුණ රජතුමාගේ දුර්දාන්ත ක්‍රියාවලියට විරුද්ධව බලවත් මහජන විරෝධයක් ගොඩ නැගුනි. මේ සම්බනධයෙන් සිත්තැවුලට පත්, බුද්ධිමත් ඇමතිවරුන්ගේ අදහස් උදහස් ප්‍රතිෙකෂ්ප කෙරුණි. ඒ නිසාම මහජන විරෝධතාවන්හි පෙරමුණ ගැනීමටද, හිතවත් මැති ඇමතිවරුන් පෙළඹුනි.
රජතුමාට එරෙහි සටනේ නායකත්වය ගනු ලැබුවේ මේඝවර්ණාභය නැමැති ඇමතිවරයා ය. දිනක් මේ අමතිවරයාට ඉතා රසවත් ‘වට්ටකමංස‘ ආහාරයක් ලැබුනි. ඇමතිවරයාට පළමුව සිහිපත් වූයේ තම හිතමිත්‍ර මහසෙන් රජු ය. මෙයට රජතුමා අතිශයින් රුචිකරන බවත්, එබ`දු අවස්ථාවල එවන් රසවත් ආහාර ඛෙදාගෙන අනුභව කළ ආකාරයත් ඇමතිවරයාට සිහිපත් විය.
ඒ නිසා මේ ආහාරය රජු හා ඛෙදා ගැනීමට තීරණය කළ ඇමතිවරයා, තනියම ගොස් රජතුමා හමුවිය. පුදුමයට පත් රජතුමා ‘ මට විරුද්ධව සටන් කරන්නට ක`දවුරු බ`ද සිටින ඔබ ඇයි මේ ආහාරයක් ඛෙදා ගන්නට තීරණය කළේ?‘ යැයි රජතුමා විමසීය.
‘හෙට දවසේ සටන් කරනවා. මා ආවේ අවසන් වතාවට ඔබතුමා සමග මේ රසවත් ආහාරය අනුභව කරන්නයි.‘ තවදුරටත් කරුණු දැක්වූ ඇමතිවරයා කීවේ, මේ සටන රජතුමාට පෞද්ගලිකව පහර දෙන්නට කරන සටනක් නොවන බවයි. තමන් තුළ පෞද්ගලික වෛරයක් නැතිබවත්, සියල්ලට වඩා රටත් ශාසනයත්, වටිනාකම වැඩි බැවින් ජනතාව සමග එක්වි කටයුතු කරන්නට එක්වූ බවත් ඔහු පැවසීය. ඇමතිවරයාගේ අවංකභාවයත්, හිතවත්භාවයත්, ඒ සියල්ලට වඩා රට ගැන ශාසනය ගැන, පවත්නා ඇල්මය සම්බනධයෙන් විශ්මයට පත් රජතුමා, බුද්ධිමත් ලෙස ප්‍රත්‍යවේකෂාවේ යෙදෙන්නට පටන් ගත්තේ ය.
තමන් රජකමට පත්වු සැටිත්, ඒ ස`දහා මේඝවර්ණාභය ඇතුලූ හිතවත් ඇමතිවරුන් උපස්ථම්භක වු සැටිත්, ඔවුන්ගේ උපදෙස් පරිදි, දිගු කලක් මහජන සේවාවේ යෙදුන සැටිත්, පසුව අලූත් මිතුරන් රැසක් තමන්ට ආසන්න වූ සැටිත්, ඔවුන්ගේ අදහස් අනුව සිදුකළ දෙයි මෙබ`දු විනාශකාරී ප්‍රතිඵලයක් අත්වි තිඛෙන සැටිත්, බුද්ධිය මෙහෙයවා කල්පනා කළ රජතුමාට මැනවින් වැටහෙන්නට විය.
සාවධානව මනා සිහිකල්පනාවෙන් යුතුව අතීතාවර්ජනය කරන්නට පටන්ගත් රජතුමාට ඇත්ත ඇති සැටියෙන් වැටහෙන්නට විය. තමා අතින් සිදුවුණු වැරදි සම්බනධයෙන් කණගාටුව පළකළ රජතුමා වහාම වෙනස්වීමට ගන්නා ලද තීරණය යටතේ සිදුවන්නට ගිය මහා සටනක් ලේ වැගිරිමක් නැතිව නැවතුනි. රජුට පාපී මාර්ගය හෙළිකළ පවිටු මිතුරන් මහජනතාවගේ ද`ඩුවමට ගොදුරු වූහ. මහසෙන් රජතුමා යළිත් වරක් ජනන්දනීය අභිෂේකයෙන් යුතුව රටට සේවය සලස්වා පූජනීයත්වයට පත්විය. අද මහසෙන් දෙවියන් ලෙසින් දේවත්වයෙන් පුදනු ලබන්නේ ඒ දූරදර්ශී පාලකයාය.
ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාද අනාගතයේදී දේවත්වයෙන් පුදනු ලැබීමට වුවද, සුදුසුකම් සපුරාගත හැකි භාග්‍යවන්තයෙකු බව අපේ වැටහීමයි. එහෙත් ඒ ස`දහා ‘දීඝං පස්ස මා රස්සං‘ යනු කී හෙයින්, ‘ළග නොබලා දුරබලා‘ හදවතට එකගව තීන්දු තීරණ ගතයුතුව ඇත. වර්තමානයේ මේ ඉදිරිපත්වන මහජන උද්ඝෝෂණ, පසමිතුරු බලවේගයන් ලෙස නොසිතුව මැනව. එය තමන්ගේ දියුණුවට මග සලසන හිතමිතුරු මගපෙන්වීමක් ලෙසින් සලකනු මැනව. ඒ නිසා හදිස්සියේ මැතිවරණ පවත්වන්නට, කලබල නොවී තම නිලකාලයේ ඉදිරි කාල පරිච්ඡේදය ප්‍රයෝජනයට ගනිමින්, සාවධානව, තැන්පත් ව, සිතා බලා කටයුතු කරන ලෙස ශාසනාලය පෙරටුව මෙයින් කාරුණිකව ඉල්ලා සිටිමි. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමදුරුවනේ..ඔබ වහන්සේ අවංකයි.ඔබ වහන්සේගේ අදහස් පිවිතුරුයි. ඒ වුණත් රතන හාමදුරුවෝ යන මග වෙනත් මගක්.ඔබ වහන්සේ ඔය මග ගියොත් පිවිතුරු හෙටක් දැකීම කොහොම වුණත් ඔබ වහන්සේටත් සිදු වෙන්නේ යලිත් පිවිතුරු විය නොහැකි සේ අපිවිතුරු වෙන්න..මහින්ද මහත්තය එක්ක කතා කරලා එතුමා නම්මවා ගෙන අවශ්‍ය වෙනස්කම් සිදු කර ගන්න උත්සහ ගන්නවා මිසක් එතුමා පරද්දවනවා කියල සපත කරලා එදා අර වේදිකාවේ හිටිය අපිවිතුරු කට්ටියට බලය ලබා දෙන්න උත්සහ ගන්නවා නම් එක සිය දිවි නසා ගැනීමක්..ඒ දේ රතන හාමදුරුවන්ට අවැසි උනත් ඔබ වහන්සේට අවැසි නැති බව දන්නවා..මේ රජයේ අඩුපාඩු තියෙනවා..නමුත් ඒකට විකල්පය මහින්ද මහත්තය එළවීම නෙමෙයි.මේ මහජන උද්ගෝෂණ සියල්ල ව්‍යාජ මැවීම් පමණයි හාමදුරුවනේ..යකාට අනුව විමානේ හදන්න ඕන..මේ දේශපාලන රටාවේ ස්වභාවය අනුව අවශ්‍ය තැනදී අවශ්‍ය තීරණය ගන්න ඕන..එතුමා ඉක්මනින් තම අඩුපාඩු තේරුම් අරන් වටේ ඉන්න මේ පිසාචයෝ ඉවත් කරන්න කටයුතු යොදයි කියන විශ්වාසය අපිට තියෙනවා. (අ)
වටිනා උපදේශයක් , එහෙත් මේවා බලලොබින් අසාවිද සේකයක් තියෙනවා , බලයෙන් උමතු වුණාම කරන කියන දෙය ගෙන හරි වැටහීමක් අවබෝදයක් නැහැ , (අ)
දැන් ඉන්නේ ඉස්සර මහින්ද මහත්තය නෙමේ. මොනවා කාල ද මන්ද ටික ටික බොරු කරන්නත් ඡන්ද මුල් කරගෙන වැඩ කරන්නත් පටන්ගෙන. මේක පරාභවයට අධි වේගී මාර්ගය වේ. මේ රටට විශේෂිත බලයක් තියනවා. කාටවත් මේකට නපුරක් කරන්න බහ. මහින්දටත් එක බලපානවා. විධායකය අපිට නම් බින්දුව තමා. අතිගරු නැත්තේ අපේ මුදලින් කන බොන නිසා. (අ)
මෙම අනුශාසනාව කාලෝචිතමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම පියවර තබා ඇත්තේ රට සංවර්ධනය සඳහාය. උපක්‍රමශීලීව ක්‍රියාකළොත් මෙම අර්බුදය විසඳා ගතහැක (නි)
බලයෙන් සහ ධනයෙන් මත්ව ඇති විටදී හොද නරක හෝ හරි වැරදි නොපෙනේ. එනමුත් ඔබ වහන්සේගේ අවවාදය වටිනවා. මෙය අපගේ මහින්ද මහත්තය තේරුම් ගනීවිද දන්නේ නැ. එහෙම වුණොත් පස්සේ හරි දවසක තේරේවි. එදාට පරක්කු වැඩි. (අ)
බන්දුල මහත්තයා කඩේයනවා කියලා කව්රුත් බනිනවා. නමුත් අද ඒ මහත්තයා ඇත්ත කතාකරලා තියනවා (නි)
ජනාධිපති ප්‍රේමදාස මහතාවත් අමාරුවේ වැටුනේ ඔහු වටා සිටි සමහරුන් නිසයි. රට ජාතියට යහපතක් වෙන්න නම් පළමුව මේ වැනි පුද්ගලයින්ගෙන් නිදහස්විය යුතුයි. (නි)
ජනාධි පති තුමනි, මේ හාමුදුරුවෝ කියන කතාව වටිනවා පිළිගන්න. (හේ)
එදත් අපි හරි සූරයි... අදත් අපි හරි සූරයි... (නි)
අතිගරු ජනාධිපති තුමා දෙපා අසළ පමණක් බලා කටයුතු කරන්නෙක් නො වන නිසා ඕමල්පේ හාමුදුරුවන්ගේ "2 වැනි මහසෙන් වීමේ" සිනිබෝලයට නො රැවටී උන්වහන්සේගේ අදහස ගැන සිතා බලනු ඇති. සියල්ලන් කියන ලෙසින් කටයුතු කරනවාට වඩා එතුමාගේත් දර්ශනයක් ඇති. ක්‍රියාත්මක විය යුත්තේ එයට මුල් තැන දෙමිනි. කරන යමක් එතුමා කරන්නේ මුලින්ම රට සහ රටේ අනාගතය ගැන සිතා බව අප වටහා ගත යුතුයැයි සිතමි. (අ)
හොඳ උපදෙස් පෙළක්. වන්දිබට්ටයන්ට නොරැවටිමට ජනාදිපතිතුමා පියවර ගත යුතුයි (අ)
මහරජ ඔබ මෙහි පාලකයාමිස හිමිකරුනොවෙඉ.මිහිදු මහා රතන් වහන්සේ දේවානම් පියතිස්ස රජතුමාට දුන් ප්‍රථම දේසනාව සදා මේ බුදුසසුන ආරක්ෂාවී මේ දිවයිනේ පවතින බව බුදුන් වහන්සේ දෙසනා කළබවත් එය කිසිවෙකුටත් වෙනස් කල නොහෙකි බවත් සේමදෙනාම තේරුම් ගත්තොත් සදාකල් අවීචි නිරයෙහි ලගින්න නොවෙනු එත. (අ)
නියම බණක්. හාමුදුරුවනේ පින්. එත් අපට ඕනේ මහසෙන් රජුද ? නිදහස් අපේ බොදු උරුමයන් රැක ගන්නද.?(හේ)
ඉතා වටිනා සංදේශයක්. අපේ ජනාධිපතිතුමා මේ ගැන සිතා බලා කටයුතු කරයි කියා සිතමි .අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට සියළු දෙවි පිහිටයි.(හේ)
මේවා කිව්වට වැඩක් නැහැ අපේ හාමුදුරුවනේ. වටේ ඉන්න කේවට්ටයොයි, අන්දරේලයි මනස විකෘති කරලා ඇත්තේ නැත්නම් කව්රු කිව්වත් නැතත් මේ වගේ දේවල් තේරුම් ගන්න පුළුවන් වෙන්න එපායැ. (නදී)
ඔහු වටේ කවදත් සිටියේ පවිටු මිතුරන් කලන මිතුරෝ අඩුයි එබැවින් ලමින් හොඳින් හදා ගෙන ජීවත් උනා වගේ ඉදිරියටත් කටයුතු කලොත් හොඳයි (නදී)
එහෙම කරන්නේ කොහොමද? (නි)
ඔබවහ්සේගේ දේසනා දැන් ඇහෙන්නේ නැහැ මොකද බලයෙන් මත්වෙලා එක විනාසයට මුල.(අ)
හාමුදුරුවනේ,ඔබ වහන්සේ අවංකයි.ඔබ වහන්සේගේ අදහස් පිවිතුරුයි (නි)
රටේ දුප්පත්කම නොපෙනන මහින්ද වගේ කෙනෙක්ට හොඳ පාඩමක් උගන්නන්ට රටේ කව්රුත් නැත. (නදී)
සංජීව ඇමරිකාව/බන්දුල පෙරේරා ඇත්තටම ඉන්නේ ඇමරිකාවේද?රටේ මුදල් වලට වෙන දේ දන්නෙම නැද්ද ? (නි)
ඔය බන්දුල පෙරේරා පාසලකට වැස්සකටවත් ගොඩවෙලා නැතුවා වගෙයි. (නි)
උන්‍වහන්‍සේලා පමණයි අවවාද අනුශාසනා දීලා රට යහමඟට ගන්න පුලුවන් පිරිසකට ඉන්නේ (නි)
අපේ ජනාධිපතිතුමා වැරදි මඟක නොයන බව අපිට විශ්වාසයි (නි)
අපේ හාමුදුරුවනේ, දැන් ඉතින් ඔබවහන්සේ පමණයි අපේ එකම බලාපොරොත්තුව (නි)
සුභ අනාගතයක් සැමට (දිල්)
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට සියළු දෙවි පිහිටයි! ඔබ යන ගමන ඉදිරියටම යන්න (නි)
සංජීව ඇමරිකාව, ඉතින් ඔබ ඔහෙට වෙලා ඉන්නේ ඇයි? (නි)
එදා අපේ රජවරු මහා සංඝරත්නයෙන් අවවාද පැතුවා. දුටුගැමුණු රජතුමා උදාහරණයක්. මහින්ද ජනාධිපතිතුමාට මෙය හොඳ උපදෙසක්.බලය ගන්න බලාගෙන සිටින, වැලේ වැල් නැති අයට පනින්න ඉනිමං දෙන්න එපා.අප රට එක්සේසත් කළ ඔබතුමා නිවැරදි මඟ යනවා දැකීම අපගේ බලාපොරොත්තුවයි. (නි)
බලකාමයට ළඟ දුර පෙනෙන්නේ නැත. (නි)
බලය තියනකොට මොලය නැහැ. මොලය තියනකොට බලය නැහැ. (නදී)
මමත් දැන් විධායකයට විරුද්ධයි. විපක්ෂයට ජය පතමි. (නි)
මේ කියන දේවල් සියළු දෙනාටම අදාළයි නේද? (නි)
මේවා කියවන්නෙත් තේරෙන්නෙත් කීයෙන් කීදෙනාද? (අ)
මේවා කියවන්නෙත් තේරෙන්නෙත් කීයෙන් කීදෙනාද? (අ)
ඇත්ත අපේ හාමුදුරුවනේ. තව අවුරුදු 2 ක්ම තියෙන්නේ. අපි කැමතිත් ජනාධිපති තුමාට. දැන් එතුමව වටේ ඉන්න සෙට් එක කනවා. එතුමා දැන් කලබලා වෙලා ඡන්දෙට ගියොත් අපිත් හිතනවා මෙතන මොකක් හරි ලොකු හොරකමක් වෙනවා. ඒ හින්දා තව අවුරුදු 2 ක් බලාගෙන හිටියොත් අයේ රජ වෙන්න බෑ. ඒ හින්දා මේක බලය ගන්න කරන වැඩක් කියලා. (අ)
රටේ සැබෑ උන්නතිය දැකීමට විශාල ආශාවක් ඇත. එවැන්නකට මූලික පදනමක් හැඟවෙන ආදර්ශවත් උපදේශයකින් පිරුණු ලිපියකි. දේශපාලනය කළත් හිමි නමකගේ ප්‍රකාශයක් නිසාවෙන් ගෞරව කරමි. ඔබ වහන්සේට ධෛර්යය, ශක්තිය හා දීර්ඝායුෂ පතමි (නි)
පාලකයකුට වටිනා උපදෙසක්. නමුත් බලය ඇතිවිට මොළය නැතිවීම මේ වාරයෙත් රටට විපතක් කරාවිද.? (හේ)
මහින්ද රාජපක්ෂ මහතා තවත් කලක් බලයේ සිටිය යුතුයි. ඔහු බටහිර බලපෑම් වලට හා ඩයස්පෝරාවට, බෙදුම්වාදයට තදින් පිළිතුරු දෙන නායකයෙක්.මේ වෙලාවේදී අවශ්‍ය වන්නේ එයයි.හැමදාම පරදින අයට බොරු සටන් පාඨ ගෙනල්ලා බලය ලබාගෙන රට පාවාදීම් සිදුකිරීමට ඉඩනොදිය යුතුයි.විදෙස් වල ඉන්න අපි හොඳින් දන්නවා ලංකාවට එරෙහිව සිදුවන කුමන්ත්‍රණ. මෙය අපි පාට කණ්ණාඩි නොදමා තේරුම්ගත යුතු ප්‍රශ්නයක්. (නි)