කවුරුන් කෙසේ කීවත් පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජයගත්තා නම් රට මේ වනවිට විසාලාවක් බවට පත්ව තිබෙනු ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (20) කොළඹ පදනම් ආයතනයේ දී පැවසීය.
චම්පික රණවක මහතා විසින් රචිත ‘ප්‍රවේශමෙන් මූල්‍ය අගාධයක් ඉදිරියෙනි‘ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු එසේ සඳහන් කළේය.
දැනට ශ්‍රී ලංකාව විශාල ණය අර්බුදයක සිටින බවත් ආණ්ඩුවේ ආදායමෙන් සියයට 97ක් වැය වන්නේ ගත් ණය හා ඒවායේ පොළිය ගෙවීමට බවත් පෙන්වා දුන් ඇමැතිවරයා ආණ්ඩුවේ වියදම් කළමනාකරණය, ආණ්ඩුවේ ආදායම් වැඩිකර ගැනීම, ආර්ථික ඵලදායිතාවය වැඩි කරගැනීම හා ආයෝජන පරිසරය සැකසීම යන කරුණු ඔස්සේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගන්නා ආකාරය සිය කෘතියෙන් පෙන්වා දී ඇතැයි පැවසීය.
විධායක ජනපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි කරනවාට තමා විරුද්ධ බවත් ස්වාධීන කොමිෂන් සභා පත් කළත් ඒවායෙන් නිසි ඵල ලබාගැනීමට ඒ සඳහා විධිමත් කළමනාකරණයක් පැවැතිය යුතු බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
කෘතිය එළිදැක්වීමේ උළෙලේ ප්‍රධාන දේශනය වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය අමින්ද මෙත්සිල සිදුකළ අතර අතුරලියේ රතන හිමි, ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසාලාවක් වෙලා තිබුනු මේ රටේ තුන් බිය දුරු කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා තමයි. එතුමාගේ සාටකේ එල්ලිලා එදා වැජඹුනු තමුන්නාන්සෙලා එතුමට වරදිනකොට අද යහපාලන අලියගෙ වලිගෙ එල්ලිලා දිවියලෝකෙ යන්න හිතාගෙන ඇති. හැබැයි ශක්‍ර දේවේන්ද්‍රයාට වත් යම රජ්ජුරුවන්ට වත් බොරු කියල නම් බේරෙන්න බැරි වෙයි මෙහෙදි වගේ. (බ)
ඔය කතාවලට දැන් මිනිස්සු රැවටෙන්නේ නැහැ මහත්තයෝ. කතා සහ කතන්දර පොත් නැතුව වැඩ පෙන්නුවොත් හොඳයි නේද (බ)
ප්‍රවේශම් වෙන්න ඕනේ ඔබතුමා නොවෙද?(හේ)
කියපු 10 ගුණයේ සංවර්දනය කොහෙද මහත්මයෝ ?.(හේ)
වර්තමානයේ ''විසාලාව'' කියන වචනෙට වැඩිය '' සාලාව" කියන වචනේ ගැලපෙනවා. (ර)
ආ බොල දැං ඒ විසාලාව වගේ 10 ගුණයක් විතර නරකාදියක් වෙලානේ.. අනේ අපිනෙ දන්නෙ රෑ 10න් පස්සෙ.. සිසීටීවී දර්ශනත් ඉබේ මැකෙන ඔහෙලගෙ පාලනේ.. මොකට කියනවද! (බ)
ඔය අගාදේ එන නිසාද ඇමති කට්ටියට සැප වාහන ගෙන්න හැදුවේ? එතකොට කොහෙද ඔබතුමා හිටියේ? (බ)
අනේ ඔව්. දැන් මේ රට සුර පුරයක්නේ. දැන් අපිට මේකට මොකද කරන්න කියන්නේ? අපිට පටි තද කර ගන්නද කියන්නේ තමුන්ට කොටි ගණන් වාහන ගෙන්න ගන්න. (බ)
පට්ට සිරා පොතක්. හැමෝම කියවල බලන්න. ඔය නර්තනයත් පට්ටම පට්ට තමා. හැබැයි ටිකක් සරලයි වගේ. (බ)
අපේ රටට ඩොලර් ගේන්න කලින් රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය අඩුකළ ගත යුතුයි. ඒ සඳහා රටේ නිෂ්පාදනය වැඩි කරගත් යුතුයි. බටහිර බෙහෙත් රටේ නිෂ්පාදනය, කිරි ආහාර රටේ නිෂ්පාදනය, ටින්මාළු නිෂ්පාදනය, කාර් රටතුල නිෂ්පාදනය හා මිරිස් ඇතුළු එළවලු නිෂ්පාදනය තුලින් ඩොලර් ඉතුරු කර ගැනීමත් රැකියා නිර්මාණය කිරීම තුල ආදයම් වැඩිවීමත් කළ හැකි. ඉන්දියාව නව කර්මාන්ත සඳහා අව්රුදු පහක් වැනි කාලයක් නිෂ්පාදන මිලට ගැනීමට එකඟවීම වැනි දිරිදීම් කරනවා. අපේ ඇමතිවරු ආනයනය දිරිමත් කරනවා. (බ)
චම්පික ඇමතිතුමෝ, ඇයි දැන් මේ රට අර දිවියලෝකයේ තියෙනවා කියන සුරපුරයක් වගේ ඔබතුමාට පේනවද? ඇමතිතුමෝ ඔබතුමා අර පහුගිය මැතිවරණ වේදිකාවේ පට්ට ගහපු හිටපු ජනාධිපති අධිවේගී මාර්ග වලින් හොරකම් කළා කියපු බිලියන 27 හොයා ගත්තද? අඩුගානේ එකවත් හොයාගත්තා නම් ඔබතුමා රටට වැඩක් කළා කියලවත් අපිට හිතාගන්න පුළුවන්. (බ)
අනේ මහත්වරුනේ, එකතුවෙලා සත්‍ය පෙන්නලා වැඩ කරන්න (නි)
ඇමතිතුමෝ, රටට අතළඟම අනතුරක් තිබෙන බව නම් ඇත්ත. ඒත් ඒ අනතුර තියෙන්නේ කටුසු වෙස් ගත් බලය වෙනුවෙන් ආගම ජාතිය වුණත් පාවාදෙන අයගෙන් බවයි මට නම් හිතෙන්නේ. රටේ ආණ්ඩු කොහොම වෙනස් වුණත් ඔබතුමාලා ඇමතිවරු. (නි)
මෙතුමන්ලාගේ බොරු වලට රැවටුන අය නිසා තමයි රට විසාලාවක් වේගෙන එන්නෙ. (නි)
අපේ රටට මෙවැනි විපතක් ගෙනදීමට පුරෝගාමීවුණ අයත් ඉතිහාස ගතවෙනවා (නි)
අලුතින් පොත් එළිදක්වන්න කලින් අර පරණ පොතේ තිබ්බ මෙගා ඩීල් වලට මොකෝ උනේ කියල පොඩ්ඩක් කිව්වා නම්. දැන් එතකොට මේ ඉස්සරහට එන මුල්‍ය ආගාදයට මුහුණ දෙන්න ද අච්චර වටින වාහන ගෙන්වන්නේ. (ර)
අනතුරට මුහුණදීමට දැන් ඉදන්ම අපි සුදානම් විය යුතුයි. (ර)
මුල්‍ය අගාධය බලපාන්නේ දුප්පත් මහජනතාවට විතරද? ඔය පොත හොඳ නැද්ද පාර්ලිමේන්තුවේ කට්ටියටම බෙදුවා නම්? මොකද එයාලට දැනෙන්නේ නැහැ රටේ කිසිම ආබාධයක් ඇති බව. ඉබ්බත් එක්ක දුවපු හාවා වගේ නිදි. (නි)
රණවක මැතිතුමාට අපේ ප්‍රණාමය! (නි)
එදා විසාලාවක් නම් අද මොකක්ද? (නි)
චීනය අපේ රටට ආධාර කරද්දී අපේ රට එකම වැඩබිමක් වෙලා තිබුනේ. දැන් ඒ වැඩබිමට මොකද වෙලා තියෙන්නේ කියලා ඔය පොතේ තියෙනවද? විශාලාවක් වෙලා තිබුණු රට සුරපුරක් වේගෙන ආවා. දැන් නැවතත් විශාලාව පැත්තට ඊටත් වඩා වේගයෙන් ඇදීගෙන යන බව නම් පොත් ලිව්වේ නැතුවාට අපිට නම් දැන් හොඳටම වැටහිලා ඉවරයි (නි)
ඇමතිතුමෝ, මීළඟ ඡන්දය පැරදුනාම හැංගෙන්න තැනක් හොයාගන්න. (නි)
සිසිටිවී දර්ශන ඉබේ මැකෙන, එ්ත් අවුරුදු 18-19කටත් කලින් වුණ දේවල් නම් අල්ලන විශාලාවේ හැටි අපිට හොඳින් පෙනේ. (නි)
ජයරත්න මහතාණෙනි, ඔබතුමා කියන ඔය ශක්‍ර දේවේන්ද්‍රයාටත් යම රජාටත් බොරු කියලා විතරක් නොවේ, මුල්‍ය අපරාධ විමර්ශන එක පැත්තේ නිතරම ඇසෙන එ්වා වලටත්,රගර් ක්‍රීඩකයාගේ මරණයටත් බේරෙන්න බැරිවෙයි නේද? සාටකේ එල්ලුනත්, අලියාගේ වලිගයේ එල්ලුනත් දෙකම එක වගේ කියලයි මට නම් හිතෙන්නේ. කොහොමත් මේ දෙගොල්ලොම මොකේ එල්ලුනත් හැමදාම ඉන්නේ දිව්‍ය ලෝකයේම තමා නේද? (නි)
මිනිසුන්ට ලැජ්ජාවක් නැද්ද දන්නේ නැහැ, තමන්ගේ කාලය නාස්ති කරගෙන මේවාට යන්න. දැන්වත් පිළිගන්න චම්පික මහත්තයෝ තමන් රැවටුන බව. කෝ දැන් අන්තවාදී ආගමික සංවිධාන ගැන තිබුණ තමුන්ගේ මහා ලොකු විවේචන? (නි)
ඉඳලා හිටලා හරි පොතක් ලියන්න ඕනෑ තමයි ඉතින්. මේ දිනවල ගුවන්විදුලි ධර්ම දේශනාවල වැඩියෙන් අහන්න ලැබෙන්නේ බොරුකීමේ විපාක ගැනයි. රට බේරාගත් මනුස්සයට දොස් කියන්න එපා. කොහොමද අර රිය අනතුර ගැන පොතක් ලියන්න අදහසක් නැද්ද? (නි)
මේ වගේ අයත් එක්ක මොන අාණ්ඩුද? (නි)
විදුලි පන්දමේ එළියෙන් හදට යන්න දගලනවා වත්ද? (ර)
සමන් කියන අදහසට මම 100%ක් එකඟයි. මෙයාලා ආර්ථිකය වනසන ගමන් අපිට බොරු කියනවා. (නි)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනව කියලා නේද බලය ගත්තේ. අනේ සෝභිත හාමුදුරුවෝ හිටියේ නැහැනේ මේවා අහන්න. (නි)
අනේ මන්දා මේවට කොහොම උත්තර දෙන්නද කියලා (නි)
ආණ්ඩුවේ ආදායමෙන් 97%ක් වැයවන්නේ ණය ගෙවන්නලු. ඉතිරි 3% වැයවන්නේ ඔබලාට කාර් ගෙන්වන්න සහ ඔබගේ සුඛවිහරණය සඳහා නේද? කරන්න දෙයක් නැත. අපි ගොනුන්ට ඇඳගත්තා. (නි)
අනතුර අපි නම් කල්තියාම හඳුනාගෙනයි ඉන්නේ (නි)
මෙයාලා හිතාගෙන ඉන්නේ එකම බොරුව හැමදාම කිවුවහම එය අැත්ත ලෙස අපි පිළිගනී කියලා. අපි ඔබගේ බොරු විශ්වාස කළ දවස ඉවරයි. (නි)
රණවක මැතිතුමා ඉතින් කොහොමත් අලුත් විදිහකට බලන කෙනෙක්නේ (නි)
අපි බලමුකෝ ඉස්සරහට රටට මොකද වෙන්නේ කියලා (නි)
අපි පුන්නක්කු නොව බත් කන අය වෙමු. සත්‍යය සපත්තු පැළඳගන්නා තුරු බොරුව ලෝකය වටා කරක් ගසයි. එම කාලය එනතුරු අපිට බලා සිටීමට සිදුවී ඇත. තරුණ තරුණියන්ට ලැප්ටොප්, ටැබ්ලට්, ස්මාට්ෆෝන් ලෝකයෙන් මිදී ඇස් ඇර රටට සිදුවන විපත දැකීමට ඉඩ ලැබේවා යැයි පතමි! (නි)
ඇයි දැන් විසාලාවක් නොවෙයිද? විසාලාවටත් එහා ගිය අපායක් විදියටයි අපිට පේන්නේ. (නි)
කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ. උඩ අදහස් වල සියල්ල තිබෙනවා. (නි)
ඔබතුමාගේ සැබෑ ගති ලක්ෂණ කලින්ම පෙන්නපු එක හොඳයි. නැත්තන් අපි ඉස්සර හිතන් හිටියේ ඔබතුමාත් කවදා හරි ලංකාවේ ජනාධිපති කෙනෙක් වෙයි කියල. (ම)
මේ යන විදිහ තේරුම් ගන්න පොත් ලියන්න පොත් කියවන්න ඕනේ නැහැ. පොඩි ළමයෙකුට පවා තේරෙනවා. මහින්ද මහතා බලයට ආවනම් ඔබතුමාට ඔය පොත ලියන්න ඕනේ වෙන්නේ නැහැ. දැන් විසාලාවක් නෙවෙයි මහා විසාලාවක් වෙලා ඉවරයි (බ)
අපි නම් ඒක තේරුම් අරන් ගොඩක් කල්. කල දුටු කල වළ ඉහගන්න දේශපාලකයන්ට ඒක නොතේරෙන එකයි අපිට තියන දුක. (නි)
අර කියපු 10 ගුණයේ සංවර්ධනය කොහෙද? (නි)
කලින්කලට මෙයාගේ මොලේ අවුල් වෙනවා. (බ)