අත්තනගලු ඔයේ ජල පෝෂිත ප්‍රදේශයේ ළිං වතුරේ ඇසිඩ් ප්‍රමාණය වැඩිවීම නිසා බීමට හෝ නෑමට ගත නොහැකිව පවුල් දස දහසක් පමණ පීඩාවට පත්ව සිටිතියි සෞඛ්‍ය බලධරයෝ කියති.
මේ තත්ත්වය මුළු අත්තනගලු ඔය ආශ්‍රිතව වාසය කරන සියලුම දෙනාට බලපානු ඇතැයි ද ඔවුහු අනතුරු අඟවති.
ළිං වතුරේ ඇසිඩ් වැඩිවී පානයට නුසුදුසු බව ජල සම්පාදන හා ජලාපවාහණ මණ්ඩලය කියයි.
මෙම වතුර කිසිසේත්ම පානයට නුසුදුසු බව ජල සම්පත් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් ජූලි 15 වැනිදාත් වාර්තාවක් මගින් කියයි.
මේ වතුර පාවිච්චි කිරීමෙන් ඇඟිලිකරු හා කට වන වීම, මුහුණ පුරා පලු දැමීම, කැසිල්ල, ඇස්රතුවීම හා උදරාබාධ වැනි රෝග රැසකට ගොදුරු වූවෝ ප්‍රදේශයේ සිටිති.
මාස කිහිපයක් තිස්සේ මේ ප්‍රශ්නයට විසඳුම් නොලැබුණු බව කියමින් අදත් (28) ඊයේ (27) දෙතුන් දහසක පිරිසක් උද්ඝෝෂණය කළහ.
රතුපස්වල, නැදුන්ගමුව, වැලිවේරිය, හල්ඔළුව, සිවුරලමුල්ල, ඌරුවල, බුත්පිටිය, මාහරගම, පිළිකුත්තුව, කතුරුවත්ත, බැලුම්මහර සහමිරිවත්ත ගම්වාසීහු උද්ඝෝෂණයට සහභාගී වූහ.
එම ජලය පානය කිරීමෙන් රෝගාබාධයන්ට ලක්වූ පිරිස් ද එම උද්ඝෝෂණයට එක් වූහ.
හල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරි පැහැ සිරිධම්ම හිමියෝ අද (28) රතුපස්වල ක්‍රීඩාංගනයේදී උපවාසයක් ද ඇරැඹූහ.
සෙනසුරා උදේ 9ට පමණ උද්ඝෝෂණය ආරම්භ වූ අතර උදේඝෝෂකයෝ නව මහ නුවර පාර වසාගෙන උද්ඝෝෂණය කළහ.
එහි ආ වැලිවේරිය පොලිසියට උද්ඝෝෂකයන් මාර්ගයෙන් ඉයත් කිරීමට නොහැකිවූයෙන් අවට පොලිසිවලින් බළඇණි කැඳවූ අතර සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා සහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා ද එම ස්ථානයට පැමිණියහ.
උද්ඝෝෂකයන් පැවසුවේ තමන්ගේ ළිං ජලය අපවිත්‍ර වී ඇත්තේ ප්‍රදේශයේ ඇති කර්මාන්ත ශාලවකින් පිටවන දෑ නිසා යැයි උද්ඝෝෂකයන් පැවසූ විට පොලිසිය පැවසුවේ ඒ සඳහා දිසාපති හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් සලසා දීමට කටයුතු කරන බවයි.
උද්ඝෝෂකයෝ ඊට එකඟ නොවූහ.
අනතුරුව පොලිසියේ පිරිසක් එම ආයතනයට පිටව ගිය අතර ඔවුන් නැවත පැමිණි පසුව පොලිසිය පැවසුවේ එම ආයතනය තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා බවයි.
එම තීරණයත් සමග ගම්වාසීන් මාර්ගයෙන් ඉවත් වූහ.
එම කර්මාන්ත ශාලාව වසා දමා නැතැයි දහවල් එකට පමණ ලද තොරතුරක් අනුව නැවත වරක් ප්‍රදේශවාසීහු නව නුවර පාර අවහිර කරමින් රතුපස්වල හංදියේ උද්ඝෝෂනය කරන්නට වූහ.
උද්ඝෝෂණයේ යෙදෙන්නන් අතරින් පස් දෙනකු පැමිණ පොලිසියට කට උත්තරයක් ලබා දෙන ලෙස පොලිසිය ඉල්ලීමක් කළ අතර උද්ඝෝෂකයන් පැවසුවේ තමන් පොලිසියට රැගෙන ගොස් රදවාගන්නට ඉඩ ඇති නිසා පොලිසියට පැමිණිය නොහැකි බවයි.
ඉන් පසු පොලිසිය හා උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වය හට ගත් අතර පොලිසිය බැණ වැදුණු බව කියමින් පිරිසක් පොලිසියට හූ තැබූහ.
එම ස්ථානයට ආ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා උද්ඝෝෂකයන් සමග බහින් බස් වූ පොලිස් නිලධාරීන් ඉවත් කළ අතර මේ ගැන අදාල බලධාරීන් දැනුම්වත් කරන බවට උද්ඝෝෂකයන්ට පොරොන්දු වීමෙන් පසු ඔවුහු විසිර ගියහ.
ඊයේ (28) උදේ 10ට රතුපස්වල ක්‍රීඩාංගනයට ගැමියෝ තුන් දහසක් පමණ එක් වූහ.
ඔවුන් පැවසුවේ පිරිසිදු පානීය ජලය භාවිත කිරීමට අයිතියක් ඇති නිසා තමන් එලෙස රැස් වූ බවයි. එම ස්ථානයට පැමිණ සිටි හල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරි පැහැ සිරිධම්ම හිමියන් පැවසුවේ උසස් නිලධාරියකු දුරකතනයෙන් අමතා තමන් වහන්සේ අත්අඩංගුවට ගන්නා බව පැවසූ බවයි.
එම අවස්ථාවේ උද්ඝෝෂකයන් පැවසුවේ ස්වාමීන්වහන්සේ අත්අඩංගුවට ගතහොත් තමන්ට පොලිසියට යන බවයි.
විරෝධතාවය අරඹා පැයකට පමණ පසු කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න, ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු, සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහත්වරු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ආහ.
විරෝධතාව මෙහෙයවමින් සිටි පිරිස් භිවත කළ මයික්‍රෆෝනය අතට ගත් නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා පැවසුවේ මේ උද්ඝෝෂණයට කිසිදු දේශපාලනඥයකු සහභාගී නොවන බවයි.
‘ලිංවලින් වතුර සාම්පල රැගෙන පරීක්ෂණයට යැව්වා. සමාගම සමගත් කතා කළා. අද මෙතන ඉදලා වැඩක් නෑ. හවස් වෙනකම් හිටියත් කිසිම දේශපාලනඥයෙක් එන්නේ නෑ. දේශපාලනඥයන් ආවොත් වතුර බෝතල්වලින් ගහන්න ඉඩ තියන නිසා ඔවුන් එන්නේ නෑ. හෙට (සඳුදා) ගම්පහ දී බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඒ ගැන සාකච්ඡාවක් පවත්වනවා. ගම නියෝජනය කරමින් 50 දෙනකුට ඊට සහභාගී විය හැකියි.‘ යැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
ඔහුගේ කතාව අවසන් වෙත්ම උද්ඝෝෂකයෝ හූ කියන්නට වූහ. නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිස පිට්ටනියෙන් පිටව යනතුරුම ඔවුහු හූ තැබූහ.
අනතුරු කැරළි මර්දන පොලිස් බටයෝ කුළු සහ පොළු ද අතැතිව පිට්ටනිය වට කළහ. කිසිවකුට වතුර ගෙන ඒමටවත් නොහැකි වන පරිදි පොලිසිය පිට්ටනිය වටකරගෙන සිටීම නිසා උද්ඝෝෂකයෝ අපහසුතාවට පත් වූහ. විටින් විට අවස්ථා කිහිපයකදීම උද්ඝෝෂකයෝ පොලිසියට හූ තැබූහ.
ඉන් පසු විසඳුමක් ලැබෙන තෙක් නොනැගිටින බව පවසමින් රතුපස්වල ගල්ලොලුව විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ආගමික වතාවත් සිදුකර පැදුරක් එළා බිම වාඩි වූහ.
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් පිරිස ඇමතූ සංවිධායකයකුට පොලිසිය පැවසුවේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ගෙන නොමැති නිසා වහා එය නවත්වන ලෙසයි.
විරෝධතාවේ යෙදී සිටින නීතීඥ පාලිත සේනාතරත්න මහතා පැවසුවේ උසස් පොලිස් නිලධාරියෙක් තමාට තර්ජනය කළ බවයි. ගැමියන්ගේ ගැටළුවට විසඳුම් ලබා නොදී පොලිසිය ගැමියන් පීඩාවට පත් කරන බව ද ඔහු පැවසීය.
අනතුරුව වැටකින් අසළ නිවසකට ගිය උද්ඝෝෂකයන් පිරිසක් එහි සිට බටයක් ඇද පිරිසට බීමට ජලය සැපයූ අතර දර, වළං ආදිය ගෙනැවිත් බත් සහ පරිප්පු උයා මඤ්ඤොකා තම්බා කෑහ.
පස්වරු පහ වට විටත් සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන්වහන්සේ පිට්ටනියේ සිටින නිසා උද්ඝෝෂකයෝ පිටව නොගිය අතර පොලිසිය ද පසෙකට වී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය බොන්නේ වතුර නෙමෙයිද? (නි)
දිසානායක ඔයාගෙ කියමන නියමයි. මොකද ලංකාවේ වෙන්නෙම එහෙම වැඩ. හැබැයි වතුර ටිකක් ඉල්ලන මිනිස්සුන්ට ගයන්න පොළු ගෙනාපු අයට කවද හරි වතුරවත් නැති වේවි ඔං. (දී)
මිනිස් බිලි නොගෙන විසදුමක් ලබා දෙන්න . (දී)
කෝ මේ හැටහුටාමාරක් ඉන්න ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු ,පලාත් සබා හොරු ,සබාපතිලා ,ආර්ථික සංවර්දන ඇමතිලා,ලේකම්ලා අරයා මෙයාලා.මෙහෙමද ජනතාවගේ ප්‍රශ්න දිහා බලන්නේ,ජනතාවට දෙයියන්ගේම පිහිටයි (නි)
ඉවක් බවක් නැතුව වතුර නාස්ති කරන අයටත් මේවා හොද පාඩම්.. ඉක්මනින්ම විසදුමක් ලබා දෙන්න මොවුන්ට (නි)
ලොකු ලොක්කන්ගෙන් සහනයක් නැද්ද? (නි)
සංජීව බණ්ඩාරට සරසවියට ඇතුළුවීම තහනම් කලාවගේ ගම් වැසියන්ට ගමට ඇතුළුවීම තහනම් කරන තීන්දුවක් දේවි. (නි)
මේ ප්‍රශ්නයට ඉක්මන් විසදුමක් අවශ්‍යයි (නි)
රජය මේවට වහා විසදුම් දියයුතුයි (නි)
බීමට පිරිසිදු පානීය ජලය නැතුවට ඔබට ආඩම්බර විය හැකි වාරයක් , ගුවන් තොටුපලක් තව කොපමණ දේ තිබෙනවද ?ලිං ජලය නැතිනම් මිනරල් ජලය බොන්න ,බීලා ආසියාවේ ආස්චාර්ය නමැති සිහිනය බලා සතුටුවෙයල්ලා (නි)
මෙය සාකච්චා මාර්ගයෙන් විසදුම් ලබාගත හැකිව තිබියදී යලි උද්ඝෝෂණය කරන එක වැරදියි (නි)
ජළය විෂවෙලා තියෙන්නෙ මේ පලාත්වල විතරක් නෙමේ. රජරට ප්‍රදේශයේත් වතුර විෂවෙලා වකුගඩු රෝගයෙන් දහස් ගනනක් මැරෙනවා. මෙහෙ මොනවවත් කර්මාන්තශාලා නැහැ .එහෙම තිබුනා නම් අපටත් උද්ගෝෂනය කරන්න තිබුනා පාරෙ ඉඳගෙන. කොහොම වුනත් පොළවේ තියෙන ජලය අපවිත්‍ර කරගෙන තියෙන්නෙ අපිම තමයි කියලයි මට හිතෙන්නෙ. ගොම ටික දීපු හරකා විකුනලා රසායනික පොහොර ටොන් ගනනක් පොළවට හැලුවා. කෘමිනාශක ගැලුම් ගනනක් තව ජංගම දුරකථන බැටරි පරන ඉලෙක්ට්‍රොනික්බඩු ෂොපින්බෑග් සැම්පු පැකට් මේ සේරම ඉතින් මේ මහ පොලව දරාගන්නද?තව කට්ටි කරලා විකුනපු පුංචි පුංචි ඉඩම්වල වැසිකිලිය ඊට අඩිපහක් හයක් දුරින් අල්ලපු ඉඩමේ හාරන ළිඳ ඒ මදිවට ස්වාභාවිකව ජලය පිරිසිදු කරලා දුන්නු පරිසර පද්ධතිය සේරම විනාශකරගත්තා. හිතලා බලන්න, ඔය උද්ගෝෂනය කරන පලාත් වල මීට අවුරුදු 25 කට පෙර තිබුනු පරිසරය දැන් තියෙනවද ?කාටවත් දොස් කියන්නේ නැතුව මේවට පිළියම් යොදා ගත්තොත් තව අවුරුදු 25කින් විතර මේ මහ පොලව නිවි පිරිසිදු ජල සම්පත් ලබාදෙනු ඇත (නි)
"හවස් වෙනකම් සිටියත් කිසිම දේශපාලඥයෙක් එන්නේ නැහැ" අර මැතිවරණ කාලේදී කටවුට් වල හිනාවෙලා ඉඳන් සමාජ සේවෙට එන හැමෝම ජනතාවගේ මොනම කරදරයකටවත් නෑවිත් ඉරිදට නිවාඩු ගන්නවද? (නි)
රජය මැදිහත් වී මේ කරණයට ඉක්මන් විසදුම් සෙවීම අවශයි. ඒ අදාල කර්මන්තසලාව ඉක්මනින් වසා දැමීමට කටයුතු කරන්න.(ස)
මේ නැතිවන්නේ දුප්පත් සාමකාමී මිනිසාට ජිවත් වීමට අවශ්‍යම වතුර.මේ කර්මාන්ත ශාලාව රකින නිලදාරීන්, දේශපාළුවන් තවම මර නින්දේද. දෙවියන්ට කියා වැඩක් නැත. එක්කෝ දෙවියන් ලංකාවේ කෙරෙන වැඩ නිසා පලා ගොසිනි. නැතිනුම් යහමින් මුදල් සමග ලැබෙන පුජා වට්ටි නිසා මර නින්දේය. සිංහලයා වෙනුවෙන් කතා කරන දේසපාලන පක්ෂ සහ සිංහල සංවිදාන බලා සිටින්නේ මන්ද. (නි)
ආනන්ද කියන කතාව හරි. ඒත් ඒ ඔක්කොමත් හරි. මේ ආයතනය කරන විනාශයත් හරි (නි)
සාමය රැකිම පෙරදැරි කරගෙන විපතට පත් ජනතාවට නිතිය ක්‍රියාත්මක කිරීමට උතසහ කරන පොලිසියේ නිලදාරී මහත් වරුනුනි,පරිසරය බාර නිලදරයෙනි. සාමය රැකීමේ පදනම මත පිහිටා මුළු පළාතටම විනයක් වූ මෙම කර්මාන්ත ශාලාව තාවකාලිකව හෝ වහාම වසා දැමිය නොහැකිද.මේ නැතිවන්නේ අනාගත දු පුතුන්ගේ,විසේශයෙන් සිංහල දු පු තුන්ගේ ජීවත් වීමේ අයිතියයි (දී)
මේ ළගදි කෝටි කෝචචරද ගානක් වියදම් කරලා කිව්වා නේද හොද පානීය ජලය ලබා දීම අපේ යුතුකමක් කියලා. (නි)
දිසානායක, සමාවෙන්න මම තව යමක් එකතු කරනවා ඔබේ අදහස් වලටම. බීමට පිරිසිදු පානීය ජලය නැතුවට ඔබට ආඩම්බර විය හැකි වරායක්, ගුවන් තොටුපලක් හැමදාම කැඩිච්චි විදුලි බලාගාර තව කොපමණ දේ තිබෙනවද ?ලිං ජලය නැතිනම් මිනරල් ජලය බොන්න ,බීලා ආසියාවේ ආස්චාර්ය නමැති සිහිනය බලා සතුටුවෙයල්ලා. (නි)
පොලිසියෙන් අසරණ වයසක මිනිසුන්ව වටකරගෙන ඉන්නේ හරියට මිනීමරු ප්‍රබකරන්ව නන්දිකඩාල් වල වටකරගෙන හිටිය වගේනේ (නි)
මෙතන රාජකාරිය කරන පොලිසියේ අයයි උද්ගෝසනය කරන්න ඕනෑ (නි)
මෙන්න හොදම උදාහරණය වගකිවයුතු කිසිවෙක් ගැන සාමාන්‍ය ජනතාවට විශ්වාසයක් නැති බවට. මාස ගණනාවක පටන් ප්‍රදේශයේ බලවත් දේශපාලකයින්, කර්මාන්තශාලා පරිපාලනය ඇතුළු අංශ ගණනාවක් දැනුවත් කලද ඉන් කිසිදු ප්‍රතිපලයක් ලැබී නැත. ජනතාව පොලිසියට හු කීවේ නිකන් නොවේ. පොලිසියේ බොහෝ පිරිස් එම කර්මාන්තශාලා හිමිකරුගේ පාර්ශවය නියෝජනය කල බැවිනි. ආම්ලිකතාව ඉහල අගයක් ගත් ස්ථාන වල කුඩා දරුවන් ලේ වමනය කිරීමත් සමග මෙහි බැරෑරුම්කම උත්සන්න වී ඇත. රසායන වර්ගයේ සංයුතිය නිශ්චිතව විශ්ලේෂණය කර නැත. අනාගතයේ ඇතිවිය හැකි මාරක රෝග ගැන නිශ්චිත විභාගයක් නැත. ලංකාවේ පරිසර අධිකාරිය,සෞඛ්‍ය අමාත්යංශය තවමත් නිහඩය. කලින් ළිං වතුර පරීක්ෂාවට මුදල් අය නොකලද දැන් රු.1500ක් අය කරයි. ලංකාදීපෙට පින්සිදු වන්නට මේගැන ලෝකයටම දන ගන්නට ලැබිණි. (නි)
නිදහසෙන් පසුව මේ තරම් ජනතාවට සේවය කරපු රජයක්ඉතිහාසයේ තිබිලත් නැහැ,ඉදිරියේදී බිහි වෙන්නේත් නැහැ. (නි)
සියටෙල් කියන්නේ ටෙලිෆෝන් වර්ගයක්ද? එයාටෙල්, මොබිටෙල්, සෙල්ටෙල් වගේ? (නි)
මේ මිනිස්සු අහිංසක විදිහට තමන්ගේ ගමට වෙලා තමන්ගේ පාඩුවේ වුන්නා. පිළිකුත්තුව වගේ පුරාණ රජමහා විහාරය තියෙන්නෙත් මේ ප්‍රදේශ වලට මැදිව. මේ මිනිස්සු පාරම්පරිකව තම තමන්ගේ ඉඩම් වල ජීවත් වුනා. මේ මිනිස්සු උද්ගෝෂණය කරන්නේ ආණ්ඩුව පෙරලන්නවත්, වෙනත් ලාභ ප්‍රයෝජනයක් පිණිසවත් නෙමෙයි තමන්ගේ වත්තේ කපපු ලිදේ වතුර ව්‍යාපාරික කර්මාන්ත ශාලාවක් විසින් විනාශ කල නිසයි. ජනාධිපතිතුමනි, කඩිනම් විසදුම් දෙන්න. (නි)
අනේ දකුණු ඇමෙරිකානු ගෝත්‍රික නායක සියටෙල් .ඔබගේ අමරණිය වදන් තේරුම් ගැනීමට තවත් 500 වසරක් යාවි (නි)