( ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් හැට අට ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් අද (29) දින දහවල් වත්තල , කෙරවලපිටිය වෙස්ටර්න් පවර් විදුලි ජනන බලාගාරයේ දී සිදු කෙරුණි.
විසි අට ලක්ෂයක් වන මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය , ඉකුත් 2026 අප්රියෙල් මස 01 දින සිට ජූලි මස 31 දින දක්වා , විවිධ රටවල සිට අසත්ය ප්රකාශ සිදු කරමින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබිණි .
මෙසේ විනාශ කළ දුම්වැටි තොගය මෙරට වෙළද පොළෙහි අලෙවි කළා නම් එයින් රුපියල් හතලිස් තුන් කෝටි අනූ ලක්ෂයක බදු ආදායමක් රටට අහිමි වී යාමට ඉඩ තිබූ බව රේගු මාධ්ය ප්රකාශක , රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය .
මෙම දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන , රේගු පරීක්ෂණ නිමා කර ගුවන් තොටුපොළ ගුදම් ගබඩා තුළ රදවා තබා තිබූ ඒවා වේ .
මෙම අවස්ථාවට ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශාල පිරිසක් පැමිණ සහභාගී වී සිටියහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd