(ඉන්දිකා රාමනායක)
හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාලිගාවත්ත පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (17)රාත්‍රියේ අපරාධ නිවාරණ මෙහෙයුම් වල නිරත වෙමින් සිටියදී මාලිගාවත්ත සමාධි විහාරස්ථානය අසල දී කටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මෙම හෙරොයින් ප්‍රමාණය සොයාගෙන ඇත.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු නෙල්ලිඅඩි විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයකු බවට හෙළි හෙළිවූ බව පොලිසිය පවසයි.
සැකකරු කඳවුරෙන් නිවාඩු පැමිණ සිටියදී මෙලෙස හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිය හා ආරක්ෂක අංශ මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ වී තිබීම එම උවදුර මර්ධනය කිරීමට තිබෙන ප්‍රධාන ගැටලුවක්.දැනට සිටිනා ආරක්ෂක ඇමතිවරයා මේ සම්බන්ධව කඩිනම් පියවරක් ගත යුතුයි.ඒත් එවැන්නක් ගැන පේන්නේ නම් නැහැ.එදා කුඩු නඩුවකදී,එක්තරා නියෝජ්‍ය පොලිස්පති වරයෙකුගේ ක්‍රියා කලාපය ගැන විනිසුරුවරුන් මවිතයට පත්වූ බව සඳහන් ප්‍රවෘත්ති පලවී තිබෙනු දුටුවා.කෙසේ වෙතත්,මේ වැටලීම් කරනා අවංක නිලධාරීන් හට ජනතාවගේ ප්‍රණාමය හිමිවිය යුතුයි.
පේනව නේද ලොකුවට සද්ද දාල අල්ලන මත්ද්‍රව්‍ය වලට වෙන දේ. අපි කොච්චර කිව්වත් වැඩක් නෑ. ඉහල බලධාරීනුත් ඒවට සපෝට්…!
ඔන්න නිවාඩුවෙනුත් ප්‍රයෝජනය ගන්න පොලිස්කාරයෝ. අතඩංගුවට ගන්න කුඩු ලස්සනට එයාලම විකුනනව.
දැන් පොලිසිය හෙරොයින් විකිණීම පටන්ගත්තාම, කවුද කුඩුකාරයන් අල්ලන්නේ .. ?
මතකද කලකට පෙර පොලිස් මත් ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ප්‍රාදේශීය කාර්යාලය භාවිතා කරමින් කුඩු බෙදා හැරීම සිදු කළ ආකාරය. කෙසේ නම් මෙරට කුඩු සංහාරයක් කළ හැකි වේද ? බලා සිටිමු.