( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහ රෑ තම වාහනයෙන් ආණමඩුව පොලිසියට කඩා වැදි පොලිසියට චණ්ඩි පාට් දමමින් අශෝබන ලෙස හැසිරුණ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදාර මධුශංඛ පෙරේරා මහතා ආණමඩුව පොලිසිය මගීන් අද ( 16 ) අලුයම අත් අඩංගුවට ගත් බව කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු වන (ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ) පොහොට්ටුව උදාර මධුශංඛ පෙරේරා නැමති අයකු බව කියයි.
හිටපු සභාපතිවරයා මධ්‍යම රාත්‍රියේ තම මෝටර් රථයෙන් ආණමඩුව පොලිස්ථානයට කඩා වැදි එහි දි මෝටර් රථය අධික ශබ්දයෙන් පන ගන්වමින් අශෝබන ලෙස හැසිරි ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම සදහා ගිය පොලිස් නිළධාරීයකුටද අශෝබන ආකාරයෙන් බැන වැදි ඇති බව කියයි.
එහිදි අදාල තැනැත්තාගේ ක්‍රියා කලාපයත් අධික ලෙස බිමත්ව සිටිමත් යන කරුණු මත ඔහුව අත් අඩංගුවට ගැනිමට ආණමඩුව පොලිසිය කටයුතු කර තිබු බව කියයි.
අත් අඩංගුවට ගත් හිටපු සභාපතිවරයා මේ වන විටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ආණමඩුව ආසනයේ සංවිධායක ලෙස ක්‍රියාකාරි දේශපාලන චරිතයකි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිටපු සභාපති පොලිසියට කඩා වැදි යකා නටලා
මෙත් මල් පිබිදේවා Thursday, 16 October 2025 10:57 AM
වැදගත් තැනක මුල් තැන පොහොට්ටුව! ඉඳල හිටල ටෙලිපෝනේ, කලාතුරකින් සිලින්ඩරේ.
Rasi Thursday, 16 October 2025 11:25 AM
බලය තිබුන කාලේ කොහොම නටන්න ඇතිද? නාමල්ව ජනාධිපති කරන්න කියන එවුන්ට ඊලග අයවැයෙන් චීනයෙන් ගෙන්වන ලද ප්‍ලාස්ටික් අං තට්ටුව බැගින් නොමිලේ ලබා දිමට යෝජනාවක් කරනවා.
අරවින්ද මොණරවිල Thursday, 16 October 2025 11:49 AM
වන්නියාට පුළුවන් නම් අපිට බැරිද පොලිසියට පාට් එකක් දාන්න කියලා හිතලා මිනිහත් තගක් දාන්න ඇති, දැන් උසාවියෙන් මිනිහටත් ඇප ලැබෙයි වගේ.........
Hafeel Thursday, 16 October 2025 12:42 PM
අර ආණමඩුව නියෝජනය කළ හිටපු බූරුවට දෙවැනි වෙන්නේ නැහැ... හරියට ඔහුගේ අඩි පාරෙන් යන්නේ... අරවින්ද කිව්වා වගේ... වන්නියටත් දෙවැනි වෙන්නේ නැහැ...
Bunny Preena Thursday, 16 October 2025 01:22 PM
මනෝ පාරක් දාලා තවමත් පොහොට්ටු පාලනය කියලා හිතාගෙන පරණ පුරුද්දට පොලිසියට වැඩ පෙන්නුවා වත්ද?