
(සුජිත් හේවාජුලිගේ)
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුවූ අශෝක අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ දැරූ සියලුම තනතුරුවලින් අද (12) ඉල්ලා අස්විය.
ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට යවා ඇත.
සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ අශෝක අබේසිංහ මහතා සමගි සේවක වෘත්තිය සංගමයේ සභාපතිවරයාද විය.
පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෙකුවූ හෙතෙම විපක්ෂ නායකවරයාගේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය.
අශෝක අබේසිංහ මහතා සජබ කුරුණෑගල ආසන ප්‍රධාන සංවිධායකවරයා ලෙසද කාලයක් තිස්සේ කටයුතු කළේය.
විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ සමග එකට ගමනක් යෑමට කළ යෝජනාවක් පක්ෂයේ නායකත්වය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහු පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත්වීමට මෙසේ තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකදී රහ කලකදී වහ වෙනවාලු.