(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පුත්තලම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට අයත් යැයි පැවසෙන අට්ටවිල්ලුව ප්‍රදේශයෙ ඉඩමක තිබී  ගිනි අවි පතොරම් හා දිවියකුගේ සමකින් සකසන අනුරුවක් හා තිත් මුව සමක් ඇතුළු දේ අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ගුවන් හමුදා බුද්ධී ආවේක්ෂණ නිළධාරීන්ට ලැබුණ තොරතුරක් මත කරුවලගස්වැව,රිටිගල,කුරුණැගල වනජීවි නිළධාරීන් හා පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිළධාරීන් ඒකාබද්ධව අද (5)  සිදුකළ  වැටලිමකදි මෙම දෑ අත් අඩංගුවට ගැනිමට සමත්ව ඇත.

වැටලීම සිදුවන අවස්ථාවේ අදාල ඉඩම නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන්  බදු පදනම මත ගොවිතැන් කටයුතු සදහා ලබා ගෙන වගා කරමින් සිටි තැනැත්තෙකු අත් අඩංගුවට ගෙන තිබු අතර අත් අඩංගුවට ගත් තැනැත්තා විසින් තමන් මෙම ඉඩම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුගෙන් ගොවිතැන් කටයුතු සදහා බදු ක්‍රමයකට ලබා ගත් බවට ප්‍රකාශ ලබා දී ඇති බව වනජීවි නිළධාරීන් පවසයි.