(සුජිත් හේවාජුලිගේ)
කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට ලබන (20) මූල්‍ය අපරාධ විමර්ශන දිශාවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.
ඔහු මෙසේ කැඳවා ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව කරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා යැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
මනුෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධූරය දරන කාලයේදී නීති විරෝධී ආකාරයෙන් දේපළ හා වත්කම් උපයාගෙන ඇත්දැයි යන්න සම්බන්ධයෙන් සොයා බැලීම මෙම පරීක්ෂණයේ අරමුණ බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් අප හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අනිද්දා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට කැඳවා ඇති බවයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
හිටපු ඇමැති මනූෂ 20 එෆ්සීඅයිඩියට