(කේ. බුද්ධික කුමාරසිරි)

මෝදර බ්ලුමැන්ඩල් තෙල් සංකීර්ණය ආසන්නයේ නිවසක තිබී රුපියල් ලක්ෂ පණහකට ආසන්න වටිනා හෑෂ් මත්දුව්‍ය කිලෝ 1 ග්‍රෑම් 600 ක් සහ රුපියල් හැට දෙලක්ෂ තිස්තුන්දහසක මුදලක් සමගින් සැකකරුවකු  අත් අඩංගුවට ගත් බව මෝදර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

බස්නාහිර පලාත් බුද්ධි ඒකකය මගින් ලබා දුන් තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

අදාල හෑෂ් මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරකු සහ ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වත්තල හෂාන් නැමැත්තාට අයත් බවට කරුණු අනාවරණය වී ඇති බවද එම කොට්ඨාශය පවසයි.

එම සැකකරු අත් අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව එම පොලිස් කොට්ඨාශයේ උසස් පොලිස් නිළදාරියෙක් පැවසීය.