වෙලේ සුදාගේ ගෙවීම් ලැයිස්තුවේ සිටි බව කියන වැලිකඩ 45, 17 ට අඩුවූයේ කෙසේදැයි එහි සංගමයක් ප්‍රශ්න කරයි. පිදිය යුතු තැනක පුද්ගලයකු හමුවී එම 28 දෙනා සුන්දර ලොවක් දිනාගත්තේ දැයි ඇතැමෙක් අසති. පහත් තැනින් වතුර ගලා යන න්‍යාය අනුව හිරේ ලොකු ලොක්කන් ගේ නම් හැළී සොක්කන් 17 කගේ නම් පමණක් ඉතිරිවීම යහපාලනයට ගැලපේදැයි ඔවුන් අහනවාලු.
වෙලේ සුදාගේ හලෝවේ ඇති නම් ටික එළි කරන්නැයි ඔවුන් කියනවාලු. එසේ නැතිව නෑදෑ හිතවත්කමට, යාළුකමට වැඩේ යටගහන්න එපා යැයි හිරගෙදර පොඩ්ඩන්ගේ සංගමයක් බලකර සිටිනවාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝරු , මෝරු අහුවේද මා දැල් වලට? (බ)
පිදිය යුතු කෙනා දිනා දුන් සුන්දර ලොව දන්නෝ දනිති (ම)
ඉන්දික, මොනවා කියනවද මන්දා? අඳුරේ හිටිය කෙනානේ මල්ලි ආලෝකයේ අගය දන්නේ (නි)
දූෂිත නිළධාරීන් තවමත් සිටින නිසා තමයි වරද යහපාලනයේ වෙන්නෙ. (බ)
පිටබැද්දර ජයාට නම් යහපාලනය නැගල ගිහිල්ල වගේ! (ස)
යහපාලනයේ නෙමෙයි වරද. වරද දුෂිත නිලධාරීන් තාමත් ඉන්න එකයි (නි)