(සුජිත් හේවාජුලිගේ )
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල මහතා එරටේදී පෙරේදා (14 )අළුයම අභාවප්‍රාප්ත විය.
මිය යනවිට 66 හැවිරිදි වියේ පසුවූ හුළුගල්ල මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කාලයක් ( යුද්ධය පැවති කාලයේදී) කටයුතු කළේය.
එම මධ්‍යස්ථානය 2020 වර්ෂයේ දී විසුරුවා හැරීමෙන් පසුව හුළුගල්ල මහතා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා ලෙස පත් කෙරිණ.
ඔහු එම තනතුරේ කටයුතු කළ කාලයේදී ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපනික ආර්ථික සහ වෙනත් සබඳතා වැඩි දියුණු කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළේය.
ලක්ෂ්මන් හුළුගල්ල මහතා දේශපාලන ලෝකයේ විශේෂයෙන්ම කැපී පෙනුණු සහ කතාබහට ලක්වූ චරිතයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතරම තානාපතිලා කරලා යවන්නේ අත්දැකීම් නැති මරණාසන්න පුද්ගලයින් පමණද.?