එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ සහජ කලා කුසලතා එකම වේදිකාවකට ගෙන ආ හෙළදරු වරුණ සංස්කෘතික කලා උළෙල ලන්ඩන් නුවරදී පැවැත්විණි. එංගලන්තයේ ඉපැදුණු අවුරුදු 3ත් 18ත් අතර සිංහල දූ දරුවෝ 150 දෙනෙක් පමණ ගායනයෙන්, නර්තනයෙන් සහ රංගනයෙන් දස්කම් පෑහ. උඩ පහත දෙරට නැටුම්, වේදිකා නාට්‍ය, ගීත ගායනා සහ නව නිර්මාණ ද විශේෂාංග අතර විය. නිවේදකයෝ ද ලක්දරුවෝය. ඔවුහු සිංහලෙන් ඒ කාරිය ලස්සනට කළහ. ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමි ප්‍රධාන මහා සංඝරත්නය ආගමික වතාවත් ඉටු කළහ. ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ප්‍රධාන ආරාධිතයාය. ඒ.පී. අත්තනායක, රසිකා කුමාරගේ, මදුකා මාරසිංහ, සහ ඕළු සුරවීර මහත්ම මහත්මීහු පුහුණු කටයුතු කළහ. හෙළ වරුණ සංකල්පය සහ ප්‍රධාන සංවිධායකත්වය ආසිරි බණ්ඩාරගෙනි.ඔහු මහනුවර ධර්මරාජ සහ මාතලේ ක්‍රිස්තුදේව පාසල්හි ද සිසුවෙකි. කොළඹ හා ලන්ඩන් සරසවිවල ද ආදි සිසුවෙකි.

















1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආසිරි මහත්මයාණෙනි, ඔබ වැනි පුතෙකු එංගලන්තයට නොව අපේ රටටයි අවශ්‍යය. ලංකාවෙන් එපිට ගියත් අපේ දේවල් ඒ විදිහට රැක ගන්න වෙහෙසෙන ඔබට ජය!!!! ඔබ ලක් මාතාවට ආඩම්බරයක් වගේම ආශිර්වාදයක්....
ඇමරිකාවේ ඉන්න බොහෝ ශ්‍රී ලාංකික දෙමාපියන් තමන්ගේ දරුවන්ව ශ්‍රී ලාංකීය අනන්‍යතාවයකින් යුතුව ඇතිදැඩි කිරීමට උත්සාහ ගන්නවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි, ඒ වගේම ආඩම්බරයි
මේක හොද වැඩක්.
ලංකාවේ දෙමවුපියෝ ළමයින්ට ඉංග්‍රීසි උගන්වන්න ගන්න මහන්සිය වගේ හත් අට ගුණයක මහන්සියක් අපි ළමයින්ට සිංහල උගන්වන්න ගන්නවා. මම සිංහල උගන්ව නිසයි එහෙම කියන්නේ
ඔබ ගැන ආඩම්බරයි
මේ උත්සවය කරපු දරුවෝ මේ එංගලන්තේ ඉපදිලා මේ රටේ හැදිචච ළමයි ඒත් හොදට කට ඇරලා සිංහල යසට කතා කෙරුවා
එන්ගලන්තේ ගියාම සුද්දෝ වගේ ඉන්ඩ ඕනේ. එහෙ ගියාම එහේ සංස්කෘතියට හැඩ ගැහෙන්න නේද ඕනේ.