මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකීක දෙමාපියන්ගේ දරුවන් විසින් තෙවැනි වරටත් කරලියට ගෙන එනු ලබන ‘‘හෙළ දරු වරුණ‘‘ සංස්කෘතික කලා මංගල්‍යය අප්‍රෙල් 21 වැනි සෙනසුරාදා සවස ලන්ඩන් නුවර හොවුන්ස්ලෝ ලැම්ටන් පාසල් ශාලාවේදී නොමිලයේ වේදිකාගත වීමට නියමිතය. එංගලන්තයේ ජීවත්වන ලාංකික සිසුන් ජාතික ඇඳුමින් සැරැසී මුල සිට අග දක්වාම හෙළ බසින් පමණක් මේ ප්‍රසංගය ඉදිරිපත් කරන බවත් වන්නම්, වෙස් නැටුම්, ගිරි දෙවි සමගින් ජන කමි, ජනගායනා, වේදිකා නාට්‍යය , ජවනිකා, ළමා ගීත, ගැමි නැටුම් ඇතුළු තවත් බොහෝ අංග කරලියට ගෙන එන බවත් සංවිධායකයෝ කියති.
වයස අවුරුදු 3 සිට 18 දක්වා දූ දරුවෝ සියයකට අධික ප්‍රමාණයක් ඊට එක් වෙති.
2007 දෙසැම්බරයේ දීත්, 2009 ඔක්තෝබරයේදීත් මෙවැනි කලා උළෙල පැවැත්විණි.
නර්තන ආචාර්යය ඒ. පී. අත්තනායක සමග රසිකා කුමාරගේ සහ මධුකා මාරසිංහ නර්තනාචාරිනියෝ වෙති.
දේශීය ආහාර පාන සංග්‍රහයක් ද තවත් විශේෂාංග, දේශීය ආරකට හුරු ඇඳුමකින් සැරැසී පැමිණෙන ලෙස සංවිධායක කමිටුව ආයාචනා කරයි. ස්වර්ණා වීරසිංහ මහත්මිය ද කමල් අභයතිලක සහ විජේරත්න බණ්ඩාර මහත්වරුද සංවිධාන කමිටු සාමාජිකයෝය. හෙළ දරු වරුණ සංකල්පය සහ ප්‍රධාන සංවිධායකත්වය ලන්ඩනයේ වෙසෙන ආසිරි බණ්ඩාරයන්ගේය.
204
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම අගේ කළයුතු වැඩක්. ඔබ සැමට තව තවත් දිරිය ලැබේවා.
මෙය ප්‍රචාරය කරන්න උත්සාහ ගන්න කියා මම එසැණ කර්තෘ මණ්ඩලයෙන් ඉල්ලනවා. මා සතුව සිංහල අකුරු හෝ සිංහල යතුරු පුවරුවක් නැහැ. මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම විශිෂ්ඨයි. මේ ළමයි පවා ගොඩ සුද්දන් බවට පත්වෙලා. ඔවුන්ට තමන්ගේ මව් භාෂාව කථා කරන්න බැහැ. ජීවත්වන්නේ එංගලන්තයේ. අපේ සංස්කෘතිය ඔවුන්ගෙන් ගිලිහී යනවා. එංගලන්තයේ ඉන්න අපේ සිංහල ළමුන්ගෙන් මව් භාෂාව ඈත්වෙනවා. අපි පාසල් ගිය කාලයේ කියපු සැබෑ ගොඩසුද්දන් බවට ඔවුන් පත්වෙලා.
අනිත් රටවල දරුවන්ටත් මග පෙන්වීමක්. ඔබ සැමට තෙරුවන් සරණයි.
හෙළ බස ,හෙළ සිරිත රැකුනොත් තමයි හෙළබිම රැකෙන්නේ. මෙවැනි උදාර කටයුතු වල යෙදෙන ඔබ සැම ලක් මවුගේ උතුම් දරුවන් ලෙස අපේ ආශීර්වාදයට හිමි කරුවෝ වම්හ.
අපේ රටේ දේවල් අමතක කරලා වෙනත් සංස්කෘතීන් බදාගන්න දඟලන ඇත්තෝ අපේම රටේ ඉන්න යුගයක බටහිර රටක ඉඳලා අපේ දේ අපේ අනාගත පරපුරට කියා දීම ඉතාම විශිෂ්ටයි. කෙනෙක් යමක් අලුතින් කරනවාට සහ සිතනවාට අකමැති පිරිසකුත් අපි අතරේ ඉන්නවා වගේම ඔය දේවල් වලට අකුල් හෙලන්නට බලාගෙන දේශප්‍රේමී ලේබලය බොරුවට නමට විතරක් අලවගත්තු පිරිසකුත් බලා ගෙන ඉන්නවා. ඒ ගැනත් කල්පනාකාරීව හිතලා සියලු බාධක ජය ගෙන ඉදිරියට යන්නට ආසිරි බණ්ඩාර මහත්මා ඇතුළු පිරිසට ජය ප්‍රාර්ථනා කරනවා....
ආසිරි බණ්ඩාර මහත්මා ඇතුළු පිරිසට තව තවත් දිරිය ලැබේවා.