රජයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 94 කින් පරාජයට පත්විය.
යෝජනාවට පක්ෂව ඡන්ද 57 ක් ද විපක්ෂව 151 ක්ද ලැබිණි. ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ ඡන්ද දීමෙන් වැළකී සිටි අතර එක්සත් ජාතික පක්ෂයේ කරූ ජයසුරිය හා මංගල සමරවීර මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ නොසිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජයේ වැරදි නැතුවා නොවේ. ඒත් අපි එක දෙයක් මතක තබා ගත යුතුයි. රජය කුඩු අැල්ලුවේ නැත්නම් මාධ්‍යයටවත් ජනතාවටවවත් රටේ මෙතරම් කුඩු ප්‍රමාණයක් සංසරණය වන බව දැන ගන්න ලැබෙන්නෙ නැහැ.මේ දේවල් සඟවන්න අවශ්‍ය නම් රජයට ඕනෑ තරම් ක්‍රමවේද ඒ සඳහා යොදන්න පුළුවන් වගේම බලයත් තිබෙනව. රජය පෙරලා දමන්න අවශ්‍යම නම් විපක්‍ෂය කල යුත්තේ බහුතර බලයක් ඇති පාර්ලිමේන්තුවකට විශ්වාශ භංග ගෙන ඒම නොව ප්‍රායෝගිකව ජනයා දැනුවත් කර ජන බලය ගොඩ නැගීමයි.ඒ නොහැකියාව වසා ගන්නට පැලැස්තර ඇලෙව්වාට ආණ්ඩු පෙරලියනොහැකි බවවත් නොදන්නා විපක්‍ෂයට ජනතාව රටේ පාලනය බාර දෙයිද යන්න දෙවරක් සිතා බැලිය යුතුයි.රාජපක්‍ෂ ජනාධිපතිතුමාට අභියෝග කරන්නට හතර අතේ බෙදෙමින් කුලල් කා ගන්නා විපක්‍ෂයකට හැකිවේදැයි යන්න සිතා බැලිය යුත්තේද ඔවුන්මය. (ස)
නාලක බස්නායක,විපක්‍ෂයේ ජනප්‍රිය කථාවකට ඔබත් අනුබල දීම ගැන අපි පුදුම වන්නෙ නැහැ.රජය යම් වැරදි දිශාවකට ගමන් කරන බව ඔහු පැවසුවත් රජයේම ඇතැම් ඇමතිවරුන් ඒ බව පවසන්න මැලි වන්නේ වරප්‍රසාද,වරදාන නොලැබෙයි කියන පරමාර්ථයෙන්.ඒ අතින් විමල්ට කොන්දක් තිබෙනව.අඩුම තරමෙ ඒකවත් අගය කරන්න. (ස)
ලංකා තිලක් ඔයා නියමයි. ජයවේවා. (ස)
මංජු අපේ රටේ සියලුම ඡන්දදයකයින් ඔබ වැනි බුද්දිමත් අය වූවානම් අද අපේ රටට මේ ඉරණම අත්වෙන්නේ නැහැ .මෙහි අදහස් ලියා ඇති බහුතරය මේ පුවත තේරුම් අරන් තිබෙන විලාසයෙන්ම අපිට හිතාගන්න පුළුවනි කොහොම පලකයින්ද අපේ රටේ බිහිවෙන්නේ කියල (ස)
අපේ විමල් ඇමතිතුමාට ජය වේවා! (නි)
විමල් මහත්තයෝ, පසුගිය කාල කිව් කතා වැමෑරුවොත් ? (ස)
ලංකා තිලක්' මං ගැන ඔබේ උපකල්පනය වැරදියි. (දී)
සමහරු බහුතරයක් එකතු කරගන්න බැරුව බොරුවට විශ්වාස භංග යෝජනා ගෙනවිත් ඔවුන්ම බංග කරගන්නවා. ඩිව් ගුණසේකර මහතා මෙයට හොඳ පිළිතුරක් පාර්ලිමේන්තුවේ දුන්නා. (නි)
ඇත්ත කවදාහරි දිනනවා කියන්නේ ඔන්න ඕකයි (නි)
අපේ ජනාධිපතිතුමාට ජයවේවා! (නි)
මංජු මහතා, ඔබගේ අදහස් ඉතාම වැදගත් (නි)
මම නම් දකින විදියට අකමැතිනම් මඟහරින එක නොවෙයි කරන්න ඕනෑ, විරුද්ධව ඡන්දෙ දෙන එකයි. (නි)
රවින් අයියා . බුද්ධිමත් පිරිස රට හැර යනවා කියලා ඔයා ලියන නිසා මං හිතනවා ඔයා ඉන්නෙත් පිටරට කියලා. මං හරිද අයියා.? ඔයා අපේ රටට මිනි කැටයක් බව ඔයා කියනකං මම දැනන් හිටියේ නැහැ අයියා. ලංකාදීප පත්තරේ මම ආසාවෙන් කියවන මේ පිටුවේ අද දවසේ ඔයාගේ සටහන මගේ සිත්ගත්තා අයියා. ඔයා කියන දේ හරි ඇති තමා. (දී)
මංජුට විතරයි යමක් තේරෙන්නේ. (නි)
කොහොමත් ඉතින් ඔය දේ ඔහොම වෙයි කියලා අපිට හිතුනා (නි)
මේ විස්වාශ භංග යෝජනාවට ඡන්දය විමසුවේ මහජනතාවගෙන් නොවන බව අමතක කරන්න එපා. මේ යෝජනාවට පක්ෂව ජන්දය බාවිතා කළ අයටත්, විපක්ෂව ජන්දය භාවිතා කළ අයට වගේම ඡන්දය දීමෙන් වැලතුණු අයටත් වෙන් වෙන් වූ න්‍යාය පත්‍ර තියෙනවා. ඒ සැවොම රටේ අනාගතය ගැන නොව තමුන්ගේ හෙට දවස ගැන හිතලා කටයුතු කළ බව තමයි මගේ අදහස නම්. (නදී)
ඡන්දෙන් අපේ කට්ටිය දිනුවා.ඒක අපි දැනගෙන හිටියේ.ඇයි අනේ අපේ සල්ලිනෙ අපි එයාලට වියදම් කළේ.ඒක එයාලගේ යුතුකම. සියලු රජයේ ලොක්කන්ගේ අනාගතය තිබෙන්නේ අපේ අතේ බව එයාලා දන්නවනේ .... (නි)
මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් සියලු මන්ත්‍රීවරු ජනතාවගේ පැත්තෙන් හිතන, රට ගැන හිතන, රටේ අනාගත දරු පරපුර ගැන හිතන, අපේ රටේ සංස්කෘතිය ගැන හිතන ජනතාවාදී මහත්වරුන් පිරිසක් ලෙසයි මම දකින්නේ. මොකද ? මෙම යෝජනාවෙන් රජය පෙරළන්න බැහැ. ඒක විපක්ෂය නොදන්නවා නොවෙයි. රජය කරන හැමදේම හරි කියන මතය වෙනස්කර රජය නිවැරදි මඟට ගැනීමයි මින් බලාපොරොත්තු විය යුත්තේ. (නි)
රෝහණ කුමාරගේ, ඉන්දිකගේ සිංහල දැනුම නියමයි. හැබැයි උපාධිත් තියනවලු. ලියන්න කලින් කියවන පුරුද්දක් නැද්ද?. උදැල්ලක් අතට ගත්ත නම් සමාජයට ඔයිට වැඩිය සේවයක් කරන්න තිබුනා.(නදී)
මේ රජයේ වැරදි කරන මත් කුඩු ගේන එතනෝල් ගේන ඇමති වරු ප්‍රභලයෝ ඉන්නවා නම් ගම් ඇතුව හෙළි කරන්නකෝ බය නැතුව. ඔප්පු කරන්න පුළුවන් නිසානේ දත්ත තොරතුරු තියෙන නිසානේ කියන්නේ. අපිට කියන්න බැරි නම් ඉතින් ඒවාට අදාල පියවර ගන්න තැන් වලට කියන්නකෝ. නමක් ගමක් නැතුව චෝදනා කරද්දී අපි කොහොමද දන්නේ අපි කොහොමද විශ්වාස කරන්නේ. අපිටත් ඕන අපි ඡන්දය දීපු අපි විශ්වාසය තියපු අපි ආදරය කරන ජනාධිපතිතුමාගේ හිස් මුදුනේ පහරන අය කවුද කියල දැන ගන්න. එහෙම කියන්න බැරිනම් ඉතින් මේක හිතලුවක් හෝ විපක්ෂයේ තවත් එක් නාඩගමක් පමණයි. මේ රටේ මත්ද්‍රව්‍ය උවදුරක් තියෙනවා. ඒක අද ඊයේ ඇති වුනු දෙයක් නෙමෙයි. කොටි ත්‍රස්තවාදයත් පාතාලයත් මුදල් මත රැදුණු මනාප දේශපාලනයත් මේක වර්දනය වෙන්න මුලික හේතු දෙකක්. ඉස්සර මේවා කලේ අහු නොවී. අද වෙනස තියෙන්නේ මේවා මර්දනයට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ හින්ද කන්ටේනර් පිටින් මේවා අහු වෙනවා. කට්ටිය පෙන්නන්න හදන්නේ ලංකාවට කුඩු ආවේ එතනෝල් ආවේ හැම විනාශයක්ම උනේ 2009න් පස්සේ කියලා. 2009 න් පස්සේ ආව නෙමෙයි 2009 න් පස්සේ අහු වෙන්න ගත්තා. (නදී)
එක එක විදිහේ අදහස් ලියල මේ තීරුව ලස්සන කරන්න හදන සැමට මා කියන එකම දෙයනම්, මේ රජය අඩුපාඩු සහිතව උනත් අපේ රටේ අනාගතය වෙනුවෙන් සැලසුම් කළ ඉදිරි වැඩපිළිවෙලක් යටතේ සංවර්ධනය කරා අපව ගෙන යනවා. ඒ වටා සිටින පහත් අදහස් සහිත ප්‍රාදේශීය සහ පළාත් සභාවල සමහර පිරිස් බලු වැඩ කර අසු උනත්, රජය ඒවාට වගකිව යුතු නැහැ. මත්කුඩු පිළිබඳව ගෙනා විශ්වාස භංග යෝජනාව නිකම්ම ලොප් උනේ ඇයි? (නදී)
රජයට ජයවේවා! (නි)
මොනවා වුණත් සත්‍යය ජයගන්නවා (නි)
සමහරුන්ට ලංකාව කුඩු රජයක් උනාට කමක් නැහැ. ඔබලාගේ ළමයින්ගේ අනගතයට දෙවියන්ගේ පිහිටයි.(නදී)
විමල් කියන්නේ මම කවදත් ගරුකරන පුද්ගලයෙක් (නි)
රජය පරදවන්න කාටවත් බැහැ, හිතන තරම් පහසුවෙන් (නි)
චන්ද්‍රා-මම හොඳින් සිංහල ඉගෙන ගෙන විශ්වවිද්‍යාල දෙකකින් උපාධි ලබා හොඳ රැකියාවකුත් කරමි.ඔබ වගේ උඩින් පල්ලෙන් පුවත් කියවන අය සිංහල ඉගෙන ගතහොත් වඩා හොඳයි. (දී)
රවින් අයියා, අපේ රටට මිනි කැටයක් බව කියන ඔයා කියන විදිහට ආණ්ඩුව වටේ ඉන්න තක්කඩි කරන දේවලට ආණ්ඩුව පලි නැහැ කියලයි මම හිතන්නේ. කිසිම නායකයෙක් නොකළ දේවල් අනාගතය වෙනුවෙන් කරන අපේ ජනාධිපතිතුමාට අපි ආශිර්වාද කරමු අයියා. (නදී)
හෙළ උරුමය සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනීසිටිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. පසුගිය කාලයේ සිදුවූ වැරදි හදාගෙන මෙරට ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පෙනීසිටීම තමා හෙළ උරුමයේ වගකීම. (නි)
ලංකා, තිලක් පාට කන්නාඩි ගලවල බලන්න.රට අගාදයකට ගිහිල්ල නේද.මෙහෙම වෙනකොට සදු සදු කියනද කියන්නේ (දී)
විමල් විරවංශ මහත්තයා දැන් මේ ටික දවසක ඉදලා හරි වෙනස් (දී)
කොහොමත් හැමදාම හරි දේ ජයගන්නවා (නි)
මේ තමා රටේ අනාගතය සුබ වන බවට සාධක. රට පස්සට අදින්න කාටවත් නැවත ඉඩ නොලැබේ.(නදී)
රජයට පක්ෂව ඡන්ද 57 ලු විපක්ෂව 151 ලු. ඉතින් විපක්ෂය දිනලානේ. (නදී)
මේ රජයේ පැහැදිලි දුර්වලතා තියෙනවා. ජනාධිපති තුමා ඉක්මනින් රජය තුල මිතුරු වෙසින් ඉන්න සතුරන් කවුද සැබෑ මිතුරන් කවුද කියල වටහාගන්න ඕනා. සිංහල බෞද්ද බලවේගයට පයින් ගහලා තමන්ට පැවැත්මක් නැහැ කියන එකත් තමන්ට තියෙන රැකවරණය ඒක කියලත් ජනාධිපති තුමා හොදින් දන්නා බව දන්නවා. මේ රජය ජනතාව අතර අප්‍රසාදයට පත් වන ක්‍රියාකාරකම් වලට මුල් වන ඕනෑම බලගතු පුද්ගලයෙක් කනෙන් ඇදල දොට්ට දාන්න ශක්තිය මහ ජනතාව ජනාධිපති තුමා ට දීල තියෙනවා. කෙවිට අතට ගත්තේ නැත්නම් ජනාධිපති තුමා ඊලග ලග පාර ඉල්ලන්නේ නැතුව ගෙදර යන එක හොදයි. දැනටත් පරක්කු වැඩයි. ඔබ තුමා නිවැරදිව ඍජු තීරණ ගන්නවා නම් ජනතාව ඔබ තුමා සමග ඉදිවී කව්රු ඔබ තුමාව දාල ගියත්. ඔය වටේ ඉන්න නරි රැලට වඩා ඔබ තුමාට ඡන්දය දුන් ලක්ෂ 60 ගැන විශ්වාසය තියන්න.(නදී)
සුරේන්ද්‍ර , ඔබ මත් ද්‍රව්‍ය ගෙන එ්ම අනුමත කරනවද ? (නදී)
චින්තා බිය නොවන්න රවීන්ල එක්ක ඔයාල එකතුවෙන දවසට හිල්මිලත් ඔයලා එක්ක. ( මං හිතන්නේ අපි හිතන්නේ එකම විදිහට ) (නදී)
දැන් මිනිස්සුන්ට චන්දය කියන්නේ අති සාමාන්‍ය දෙයක් (දී)
විශ්ව විද්‍යාල ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේ කතා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. (නි)
කෙසේ හෝ අවසානයේ මා බලාපොරොත්තු වූ ලෙසම සියල්ල සිදුවූවා (නි)
ඔන්න ඔය ඉන්න කෙනෙක්ට දෙනවා (දී)
තමන්ට කැමති නම් තමන්ගේ ඡන්දය පාවිච්චි කළ හැකියි.අකමැති නම් නොකර සිටිය හැකියි. (නි)
මෙම රජය පෙරලා දැමුවොත් මීට වඩා විපතක් රටට වන බව සමහරු දන්නවා වගෙයි (නි)
ඉන්දික. වැරදියට තේරුම් ගත්තද, ගණන් බැහැ කියන එකද මට නං තේරෙන්නේ නැහැ.ලබාගත්තාය කියන උපාධිය වඩු හෝ පෙදරේරු කර්මාන්තයට උනත් ගණන් පුළුවන් වෙන්න නං ඕන. "ආණ්ඩුවට විපක්ෂව නොවෙයි, යෝජනාවට විපක්ෂව" යනුවෙන් හිතේ හැඟීම් වෙනස් කර ගන්න. එහෙම නූනොත් නිහඬව අදහස් දමන සැබෑ උපාධිධරයන්ට කරන අගෞරවයක් වෙනවා. (ස)
රජයට විපක්ෂව ඡන්ද 151 නම් රජය පැරදිලා නේද? (නදී)
හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ ගැන මට විශ්වාසයක් නැහැ. (නදී)
නිශාන්ත පණ්ඩිතරත්න - රට අගාධයට ගිහිල්ලලු නේද.? මේ දවස්වල නාය යන හින්දද එහෙම කියන්නේ..? (ස)
එතකොට ජේ.වී.පි. එකේ කට්ටිය කොහෙද උන්නේ මොනාද කරේ? (නදී)
ලෙස්ලි, මට අන්කල් ගැන හරිම දුකක් ඇතිවෙනවා. ඉතාලියට ගිය ටික දෙනෙකුට ඔයාට වගේ අසනීප හැදෙනවා. (ස)
මේ ආණ්ඩුව හොලවනව බොරු. (නදී)
ලංකා තිලක් කියන දේ අනුමත කරන ගමන් තව එ්කට ටිකක් එකතු කරන්නම්. අපි ගරු ජනාදිපති තුමා බලයට එනකොට බලාපොරොත්තු උන කාරනා කිහිපයක් තිබුනා. එකක් ඉටු කරා. ඒ කොටි බිය. ගොඩාක් පින් ඒ කටයුත්තට උරදුන් හැමෝටම. ඒත් වර්තමානයේ සිදුවන දුෂණ දැක්කම ඔබතුමාගේ නිහඩ පිළිවෙත සියලුම දේ අනුමත කිරීමක් වැනිය. රජයේ මහා පුටුවල ඉන්න දුෂකයෝ එලවල රට හරි අතකට ගෙනගියේ නැත්තම් හරි ඉක්මනින්ම ගෙදර යන්න වෙන එක සක්කරයටවත් නතර කරන්න බැහැ.(නදී)
පඳුරකට ගැහුවොත් ආචාර්‍යවරු දුසිම් ගනන් එලියට විසිවෙන අපේ රටේ සමහර අයගේ උපාධි ගැන අපට ඇත්තෙත් පුංචි කුකුසක්. පක්‍ෂ,විපක්‍ෂ පැටලුනාමත් ඔලුව නරක් වෙනවා.(නදී)
ඉන්දික, පළමුව හොදින් සිංහල ඉගෙනගන්න, දෙවනුව රටේ ප්‍රශ්න වලට හොට දමන්න (නදී)
අනේ මන්දා ඉතින්, දැන් ඔය ඡන්දය දිනුවා කියලා මහජනතාව වශයෙන් මොකක්ද අපිට ඇති සෙත? (නි)
විශ්වාස භංග යෝජනාවට පක්ෂව 57 ක්ද විපක්ෂව 151. (නදී)
පැරදීමේ සුදුසුකම් ලද්දෝ හැම එකකින්ම පරදිනවා , ඊළඟට ජිවිතෙන්ද පැරදී යයි. අනේ පව් දෙවියනේ. (ස)
විමල් සහ චම්පික එහෙනම් හොද නැකතක් බලල යන්න වගේ හදන්නේ.(නදී)
සුභ පැතුම්! (නි)
සතුටුදායක ආරංචියක්. මහජනතාවත් රැවටුන කාලය අවසන් වේවා! (නි)
මට නම් මේවා ගැන එච්චර තේරුමක් නැහැ. ඒ නිසා මට ප්‍රතිඵලය කුමක් වුවත් ප්‍රශ්නයක් නැහැ (නි)
බලයේ සිටින බහුතරයක් මේ යෝජනාවට පක්ෂව ඡන්දය නොදෙන්නේ ඇයි කියා අප දන්නාමුත් මෙතන ප්‍රතිචාර දක්වන බහුතරයක් එය තේරුම් නොගන්නේ මොකද කියා හිතාගන්න බැහැ.තව ටික දිනකින් මේවායේ ප්‍රතිඵල එල්ලවන විට එදාට තේරෙයි.එදාට ඔවුන්ගේ නෙත් විවර වේවි. (නි)
පද්මිණි, විදුෂක, ජෝශප් සහ රවී මන්ත්‍රිතුමන්ලා ඉදිරිපත් කළ යෝජනාව ගැන ඔබ පුදුම වුණා නේද? එතකොට ඊට රජයේ පාර්ශවයෙන් පිළිතුරු දුන් මන්ත්‍රීවරුන්ගේ කතා අහලා ඔබට තව තවත් පුදුම ඇතිවුණේ නැද්ද? (නි)
දැන් රටට හොඳ කලක් යයි නේද? (නි)
මේ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරමින් ජෝශප් මයිකල් පෙරේරා මන්ත්‍රී තුමා සහ එය ස්ථිර කරමින් රවී කරුණානායක මන්ත්‍රී තුමා ද රජය වෙත එල්ල කරන ලද චෝදනා ඉතාමත් බරපතල මෙන්ම පුදුම එලවන සුළුය. සත්තකින්ම මේ ඉදිරිපත් කළ කරුණු සත්‍ය නම් මේ ගැන රජය පාර්ලිමේන්තුවට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්හට මෙහි සත්‍ය අසත්‍ය භාවය පිලිබඳ වගකිව යුතු ප්‍රකාශයක් කළ යුතුය. නොඑසේනම් ඡන්ද දායකයා තුල මතුවන බරපතල සැකය ඉවත් කිරීම නම් ලෙහෙසි පහසු කරුණක් නොවන බව නම් ඉඳුරාම පැහැදිලිය.(නදී)
අන්න මංජු අපිට මෝඩ වහන්සේලා කියලා කිවුවා. එහෙම කිවුව මංජුට ලෙස්ලි ලෝච් බුද්ධිමතා කියලත් කිවුවා. මට නම් තේරෙන විදිහට මේ දෙන්නම මඟ වරදාගත් ගුරු ගෝල දෙපළක් (නි)
රෝහණ කුමාර් 2014-05-21 18:57:01 රජයට පක්ෂව ඡන්ද 57 ලු විපක්ෂව 151 ලු. ඉතින් විපක්ෂය දිනලානේ. යෝජනාවට පක්ෂව ඡන්ද 57 ක් ද විපක්ෂව 151 ක්ද ලැබිණි. (නදී)
ලංකා ජනාදිපතිවරණය ටාගට් කරගෙන රෙදි හෝදන්නද හදන්නේ. (නදී)
දැන් සමහරු කියනවා ආණ්ඩුවට ජය වෙවාලු,සත්‍ය ජයගෙනලු,ඇත්තටම ඔය මෝඩ වහන්සේලා දන්නේ නැද්ද මොකක්ද මේ ගෙනාපු විශ්වාස භංග යෝජනාව කියල.මේක පාර්ලිමේන්තු මැතිවරණයක් නොවේ ආණ්ඩුවේම මැති ඇමති වරු මත්ද්‍රව්‍ය එතනෝල් වලට සම්භන්ද නිසා එය නැවතීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම නිසාත් ගෙන විශ්වාස භංග යෝජනාවක්, 2/3 ආණ්ඩුව මුදලට ගත්දිත් අපගේ ප්‍රජාතන්ත්‍ර වාදය අහෝසි වෙද්දීත් පාටි දාපු ගොන් වහන්සේලා ඉන්න රටක මේක පුදුමෙකුත් නෙමේ (අ)
අද රටේ උගත් බුද්ධිමත් පිරිස රට හැරයනවා. ලොකු ලොක්කන්ද වංචා දුෂණය රිසි සේ සිදු කරයි. නමුත් කර්මය කාට වැළකිය හැකිද? දේශපාලනයේ ඉහල සිට පහල දක්වා පාර්ලිමේන්තුවේ සිට ප්‍රාදේශීය සභාව දක්වා මන්ත්‍රීවරු, ලේකම්වරු ඥාති හිතවතුන් බලය අවභාවිතය නිසා මොනයම් හෝ නීතිමය චෝදනාවක සඳහා සමත මන්ඩලයේ හෝ පෙනීසිට ඇති පුද්ගලයන් වේ. ප්‍රාදේශීයව හොඳට හෝ නරකට වැඩිපුර නම කියවෙන මෙවැනි පුද්ගලයන්ට දේශපාලනයේ දොර අරින ප්‍රාදේශීය සභාව පළාත් සභාව තුල බලය ලබාදීමෙන් පසු දශකයක් දෙකක් තුල මොවුන් පාර්ලිමේන්තුවට ඇතුළුවී රටම අගාදයට හෙලයි. " දැන් පවතින්නේ මිණිකැට යට යමින් ගොම රිටි උඩ එන කාලයකි. කොසොල් රජතුමාගේ සිහින 16ම රටපුරා දැකගත් හැක. (නදී)
මට පෙනෙන්නේ ගොඩක් දෙනාට මේ කරුණ තේරිලා නැහැ. ඒ කියන්නේ අපේ රටේ මත්දව්‍ය තිබුනට කමක් නැද්ද? විධුෂක කියල තිබෙන දේ තේරුම් ගන්න. (අ)
මම කියන්න උත්සාහ කලේ යම් විදියකින් රජයට විපක්ෂව චන්ද 151 ක් ලැබුනේ නම් ඔවුන් අද පරාදයි නේද යන්න උපහාසාත්මකව.එයින් මම අදහස් කලේ එය සිදු නොවන්නාවූ දෙයක් නිසා. විශේෂයෙන් තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුවකට. (ස)
ගුණරත්න" ඔබ හරියටම හරි කට්ටිය ජනාදිපතිවරණය ටාගට් කරගෙන රෙදි හෝදන්න හදන්නේ නමුත් අලුත් ක්‍රමයකට.(සමහර විට නවීන තාක්ෂනය යොදා ඩිජිටල් ක්‍රමයට වෙන්න ඇති ) (නදී)
ඉස්සර අපි ඉගෙන ගන්න කාලේදී අපෙන් ගුරුවරු අහන්නේ ලොකු වෙලමොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියල.දැන්නම් කියන්න තියෙන්නේ "අපි ලොකු වෙලා කුඩු ගෙන්වන මුදලාලි කෙනෙක් වෙලා රටට සේ්‍වය කරනවා කියල".(අ)
හිටපු රතු මල්ලිට කොන්දක් නැහැ වගේ. (අ)
වසන්ති අපේ රට සුන්දර රටක්. ඔබලාගේ දෙමව්පියෝ ඔබලාගේ අනාගතේ සිහින 1977 උතුමාණන්ට ඡන්දෙ දීල මේ රටට විනාශය ගෙනාවා. ඒකාලේ ලංකාවට කුඩු ගෙනාවේ මැලේසියාවෙන් පුද්ගලිත ගුවන් යානා වලින්.(නදී)
කුඩු බලයට හැමෝම යට වෙලා.රටට දෙවියන්ගේම පිහිටි. බුදුන්ගේ සරණි. (අ)
අනේ අනේ මෙ අයට හොද වැඩේ. කවදාවත් නම් හැදෙන්නේ නෑ.(නදී)
බලාගෙන ගියාම විපක්ෂයේ කරන දේවල් වලට එ්කේම අය කැමති නෑ නේද? (නදී)
පහුගිය කලේ බැනපු සමහරුනට විමල් සහ චම්පික හොද වෙලා වගේ..ඕක තමා මෙරටේ කරුමේ.ආණ්ඩුවේ ඉන්නකන් පලුයන්න බනිනවා..පැනපු දට සියලු වැරදිවලින් නිදහස් වෙනවා..වෙන මුනකින් නැවතත් පරණ කෙනාම එනවා. (අ)
විරුද්ධ පක්ෂයේ යුඑන්පි ය මේ යෝජනාව ගෙනා වෙලේ වාසුදේව ඇමතිතුමා ලස්සනට පැහැදිළි කළ දෙයක් ඇත. එනම්. මේ යෝජනාවේ අඩංගු කරුණු හොඳ බව සහ ඒවා මඩින්න රජය විශාල වැඩපිළිවෙලක් ගෙනයන බවය. එහෙම කරන රජයට විශ්වාස භංග යෝජනාවක් ගෙනෙන්නේ ඇයි කියල තේරෙන්නේ නැති බවය. ඇත්ත නේ. කවදාවත් නොවූ ලෙසින් අද රේගුව සහ පොලිසිය මත්කුඩු අල්ලනවා. එහෙම අල්ලනකොට යුඑන්පි යට තද වෙනවා. එකයි රජයට විරුද්ධ යෝජනා ගෙනෙන්නේ. පරාද වෙන එක අහන්න දෙයක්යැ. මහජන ඡන්දෙදිත් පරාදයි. පාර්ලිමේන්තුවේදීත් පරාදයි. (අ)
ලංකා තිලක් හා ගලී ගේ කීම මමත් අනුමත කරනවා. හැබැයි මම දකිනවා මෙහෙම දේකුත්, කොටි බිය නැති කිරීම නිසා ජනාධිපති තුමා ගැන රටේ ජනතාව තුල ඇතිවුන පැහැදීම විශ්වාසය, සහ කෘතඥ තාවය වර්තමාන යේ සිදුවෙන නොයෙක් ක්‍රියා නිසා බොහෝ දුරට බිදවටී තියෙනවා විශේෂයෙන් අලි හොරකම,මත ද්‍රව්‍ය ජාවාරම, ස්ත්‍රී සහ ළමා දූෂණ, නීතියේ ඇති දුබල තැන් වලින් රිංගා රජයේ මැති ඇමති වරුන් ගෙන යන දූෂණ, මැර ක්‍රියා අවම නොකිරීම, බල්ලන් බළලුන් සේ මිනිසුන් ඝාතනය වීම සහ බුද්ධාගම පත්වී ඇති වාසනාවන්ත තත්වය,සහ ඒවා වැලක්වීමට කටයුතු නොකිරීම වැනිදේ ප්‍රධානයි. මේවා නොදුටුවා සේ සිටීමෙන් ජනාධිපති තුමාගේ ජන ප්‍රියත්වය අඩු වෙනවා. එය ඉතා කනගාටුදායක තත්වයක්. මේ රජයේ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ටික දෙනයි වැඩි දෙනා වෙනත් පක්ෂ වලින් පැනලා ආපු ය. යම් දිනෙක මේ අය නැවතත් වාසි පැත්තකට පැනීමේ අවධානමක් තියනවා. මේ රජය සහ ජනාධිපති රැක ගත යුතුයි. ඒ සඳහා තවමත් ප්‍රමාද නැහැ. (අ)
චන්ද්‍ර ,ඉන්දික කියන්නේ කුරුල්ලෙක්ද? (අ)
අද ඡන්දයක් තිබ්බත් හෙට ඡන්දයක් තිබ්බත් මහින්ද මහත්තයට කිසි අභියෝගයක් නැහැ ගුණ රත්න මහත්තයෝ. හිල්මිටත් එක්ක කියන්නේ....මහින්ද මහත්තය ජනධිපති වෙනවා තුන්වෙනි පාරටත්.හෙට ඉර නැගෙනහිරින් පායනවා වගේ ඒක අපිට විශ්වාසයි...ඕකට මම රෙදී හෝදන්න අවශ්‍ය . නැහැ.මහින්ද මහත්තයාගේ රෙදි කිළුටු වෙලාත් නැහැ.. කවදාවත් කිළුටු වෙන්නෙත් නැහැ.එතුමා දන්නවා කිළුටු වෙන්න කලින් ඇදුම් මාරු කරගන්න...එක මේ රටේ බහුතරයත් දන්නවා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මහින්ද මහත්තයගේ රෙදි නෙමෙයි.වටේ ඉදන් කිළුටු අදින අයගේ රෙදි..අපි බලන් ඉන්නේ ,අපිට අවශ්‍ය මහින්ද මහත්තය ඒ අයගේ කිළුටු රෙදි ගලවනවා දකින්න.එක නොවුනොත් මහින්ද මහත්තය කොච්චර පිරිසිදු උනත් වැඩක් නැහැ.මහින්ද මහත්තයට කිළුටු රෙදි පෙන්නලා දෙන එක විපක්ෂයේ වගකීමක්.එක නෙමෙයිනේ මෙතන වෙන්නේ.නම් ගම් ඇතුව කරන චෝදනා කරන්න.අපිත් හරි ආසයි මේ කියන අය කවුද කියල දැන ගන්න.අගමැතිටත් ප්‍රසිද්ධියේ චෝදනා කරන්න පුලුවන්නම් අනෙක් එව්වෝ මොක්කුන්ද? දාන්නකෝ නම් ගම් එලියට.තුනෙන් දෙකක් තියෙන රජයකට විශ්වාසභංග ගෙනත් රටට විහිලු සපයන්නේ නැතුව.(අ)
විමල් වීරවංස කරන්නේ තනිකරම ජනතාව රැවටිමක් . කවදාවත් ඇමති තනතුර සහ මෙම රජයෙන් ඔහු ඉවත්වන්නේ නෑ , ඔහු දන්නවා මෙය ඇත හැරිම ඔහුගේ ඉරණම බව . රජයට විරුද්දව කිසිම දෙයක් කැබිනට් එක තුලදී නොකියා බොරුවට ජනතාව රැවටිමට එළියේ කරන නාඩගම් ජනතාවට හොඳට පුරුදුයි . අනික් අයත් එහෙමයි (අ)