සන්ධාන රජයේ හවුල්කාරයකු වන ජාතික හෙළ උරුමය රජය සමඟ ඉන්නවාද නැද්ද යන්න තීරණයක් ගැනීම ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු සිටින බවට ඒම පක්ෂ ආරංචි කියයි.
විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු පක්ෂෙය් ඉල්ලීම්වලට රජය දක්වන ප්‍රතිචාර අනුව ඒම පක්ෂයේම ඉදිරි පියවර ගැන තීරණයක් ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙළ උරුමය යන්නේ නැහැ.හෙළ උරුමය යනවා නම් පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල, ප්‍රාදේශීය සභාවල ඉන්න හැමෝම යන්ඩ ඕනෑනේ! (නි)
යනවානම් යන එකනේ තියෙන්නේ. ගියා කියා කිසිම දෙයක් වෙන්නේ නැහැ (නදී)
බලමුකෝ එහෙනම් අපි සතියක් ඉවසලා (නි)
වරප්‍රසාද වලට ගිජු වුණාට පස්සේ ඕනෑම දෙයක් අතහරින්න අමාරුයි (නි)
රතන හිමිට සියළු ශක්තිය ලැබේවා! (නි)
මේක නම් පුදුම මොළයක්. එයාලා හැමදාම ගහ උඩ. අපි මෝඩයෝ වගේ ගිහින් ඡන්දය දෙනවා. දැන් ඔය කට්ටිය ආණ්ඩුවේ හිටි කාලයේ රටට කළ සේවය මොකක්ද? අලුත් පක්ෂයකට ගිහින් ඔය විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා හැරෙන්න අවුරුදු පහක් ඉස්සරහට කරන්න බලාපොරොත්තුවෙන සේවය මොකක්ද? (නි)
රජය දක්වන ප්‍රතිචාර බලාගන්න පුළුවන් ඉවත් උනාට පස්සේ. (නදී)
මේකත් දැන් නිකන් මෙගා ටෙලි නාට්‍යක් වගේ. අපිත් හැම දාම බලාගෙන ඉන්නවා. (නදී)
බාලගිරි දෝශය අද නොවේ හෙට. (නදී)
ඇමති කම දාල යන්න දුක ඇති. (නදී)
අයවැයක් කිට්ටු කරලා උද්ඝෝෂණ කරන එකෙන් අපේක්ෂා කරන්නේ වැටුප් වැඩියෙන් ලබාගැනීමයි. අන්න ඒ වගේ වැඩක් තමයි මේකත් යාලුවනේ. තමන්ගේ නාම පුවරුව පොලිෂ් කරගන්න වැඩක් තමයි මේක.(නදී)
අනේ කරුමයක මහත. (නදී)
"යනවා නම් අනේ මං අරන්... යන තැනකට යන්න රත්තරන්...." (නි)
ඉටුකිරීමට නොහැකි ඉල්ලීම් කරමින් මේ කරන්නේ කුමක්ද? (නි)
කවුරු ගියත් ආණ්ඩුවේ ගමන එයාලා ඉදිරියටම යන බව මට විශ්වාසයි (නි)
මෙච්චරකල් හිටිය එකේ තව සතියක් එහෙනම් ඉමුකෝ (නි)
පත්තරවලින් මෙවන් කුකුසක් මහජනතාව තුල ඇති කරන්නට උත්සාහ කළත් පවතින තත්වය යටතේ තමනුත් කොටස් කරුවෙකු වී හදාගත් රජය අවතැන් කර නො යන බව නම් විශ්වාසයි. අනික අත්හැර කොහේ යන්නද.? කාට සහාය දෙන්නද..? "වීරයා" ඉදිරිපත් කරනවා යයි කියා තිබුණත් එය තනිකරම "වෙලාවේ හැටියට නො කියා බැරි නිසා" කිව යුතු දෙයක් බවයි පෙනෙන්නේ. (නදී)
කාටත් සුවසේ විසිය හැකි එහෙත් සිංහලකම බෞද්ධකම රැකගත් රටක්, දේශපාලන නායකයෙක්,පක්ෂයක් බිහිකර ගැනීම සිහිනයක් වේවිද? (නි)
හෙළ උරුමය කියන්නේ අවස්ථාවාදී පක්ෂයක් නෙමෙයි. විපක්ෂය හෝ ශ්‍රී ලංකා අයට අවශ්‍ය දේ නොවෙයි, රටට අවශ්‍ය දේ තමයි කරන්න අවශ්‍ය. (නි)
රතන හාමුදුරුවනේ, ඔබවහන්සේ තනිවම පිරිසක් හදාගෙන සටනකට එන්නකෝ. ඇවිල්ලා පරදවන්නකෝ. (නි)
අපි යයි. හහ්. යයි කියල තමයි කට්ටිය හිතාගෙන ඉන්නේ. (නදී)
කල්පනා කරලා බලලා හොඳ තීරණයක් ඉක්මණින් ගන්න (නි)
අනේ! අපි ඔයාලා යන්න ගියත් කිසිම තරහක් නැහැ (නි)
දසුනි, ඔබගේ අදහසට ගරුකරනවා. (නි)
ජනපතිවරණය ප්‍රකාශයට පත්කරන තුරු ටිකක් ඉවසලා ඉන්න. (නි)
රටත් රටේ ජීවත් වෙන සමස්ත ජනතාවම දුක් විඳිය යුතුද ? (නදී)
අනේ! යන්න යන්න. අපි බලාගෙන ඉන්නේ.... (නි)
ලංකාවේ ජිවත් වන මිනිසුන් රටේ අනාගතය ගැන නොසිතා තමන්ගේ වාසියට පමණක් හැරීම ලොකු දුකක් (නදී)
යනවනම් ඉතින් හෙළ උරුමයට පාංශුකුලයත් ඒ එක්ක දීල සොහොන් කොතකුත් බැද ගෙනම ගියානම් වැඩේ ලේසියි. රතන හාමුදුරුවෝ මහින්ද මහත්තයව පරද්දනවා කියල සපත කරන්නේ මහින්ද මහත්තය පරාද උනොත් මේ රටට වෙන දේ ගැන බලය යන්නේ කා අතටද යන්න නොදැන නෙමෙයිනේ. ඒ හින්ද හෙළ උරුමයේ ගමන් මගත් රතන හිමියන්ගේ ගමන් මගමනම් තව දුරටත් ඒ ගැන කම්පාවෙලා වැඩක් නැහැ අවසාන කටයුතු සිදු කරලා දානවා මිසක. (නදී)