ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන කැසිනෝ සූදු පාලන පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට රජයේ කොටස්කරුවන් වන හෙළඋරුමය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කරයි.
තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව මුස්ලිම් කොනංග්‍රසයේ හසන් අලී මහතා කියයි. මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අට දෙනාට මේ තීරණය දැනුම් දී ඇති බව ද ඔහු පවසයි.
හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියනුයේ ඡන්දය ප්‍රකාශ නොකිරීමට තම පක්ෂය ද තීරණය කළ බවයි. ජාතික හෙළ උරුමයට පාර්ලිමේන්තුවේ ආසන දෙකක් හිමිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ අහවල් ඇමතිතුමා කොච්චර අකමැත්තෙන්ද ඇමතිකම දරාගෙන ඉන්නේ කියලා අපට හිතාගන්න පුළුවන් (නි)
සෙනරත් , කැසිනෝ කියන්නේ තම බිරිඳ විකුණා හරි සුදු කෙලින එකට. (ස)
පොඩ්ඩක් මේක හරියට කියවන්න. මුස්ලිම් කොංග්‍රසය විරුද්ධව ඡන්දය දෙනවලු.එතකොට අපේ හාමුදුරුවරු? (නි)
මේ කවුරු කෑගැහුවත් තරු 5 හෝටල් දෙක අරිනවා කැසිනෝ සමඟ! ජේමෙස් පැකෙර් වැඩේට අත ගහලා ඉවරයි. 2500 ට රැකියා තියනවා රජය අවසර දීල තියෙන්නේ. අලි ගියාම නැටි අල්ලනවා වගේ වැඩක් මේ සෙට්ටෙක කරන්නේ. (ස)
කාවද මේ රවටන්නේ? (නි)
ජය වේවා! (නි)
අජිත් ගේ කතාව හරියටම හරි, මේ දෙගොල්ලන්ම කරන්න යන්නේ ජාමේ බේරා ගැනීමක් විතරයි ,... කිසි ප්‍රශ්නයක් නැතිව කැසිනෝ පටන් ගනීවි .. ඊට පස්සේ කියයි අපි නම් විරුද්ධ වුනා කියලා.. (ස)
මේ විවාදය සජීවීව රුපවාහිනී නාලිකා ඔස්සේ ප්‍රචාර කරන්න. අපේ සහයෝගය කැසිනො ඇතුලු විනෝදාංශ සඳහායි (නි)
කැමති නම් පක්ෂව ඡන්දය දෙන්න. විරුද්ධ නම් විරුද්ධව ඡන්දය දෙන්න. (නි)
අපි නම් කැමතියි. අපට අඩුව තියෙන්නේ ඔච්චරයි. ප්‍රතිගාමියෝ,අන්තවාදියෝ, අධිරාජ්‍යවාදියෝ. කුමන්ත්‍රණකාරයෝ,පැසිස්ට්වාදියෝ, සංශෝධනවාදියෝ, ත්‍රස්තවාදියෝ,අපබ්‍රංශවාදියෝ ඇතුළු මෙකී නොකී සියලුමවාදියෝ තමයි දුප්පතා වෙනුවෙන් ගෙනෙන පනත් වලට විරුද්ධ වෙන්නේ. (නි)
කැසිනො වලට වහ වහ පනත් ගේන්න දඟලනවා. හැබැයි අහිංසක පුංචි දරැවෝ දුෂණය කරන වෙනත් අපරාධවලට නීති සම්මත කරන්න තවම බැහැ. (ස)
මුස්ලිම් කොන්ග්‍රසය රටගැන හිතා ගත් තිරනයට ජයවෙවා. (අ)
ඔකිත, ඔයා ඉතින් දන්න තරම. මේක ලංකාවට එන ලොකුම ආයෝජනයක්, කැසිනෝ ගහන්න ලංකාවේ ඉන්නේ බූරුවා ගහන සෙට් එක එන්නේ නෑ. එන්නේ ලෝකෙම ලොකුම සල්ලි කාරයෝ.. (ස)
කැසිනෝ ගහන අයට ගහන්න පුළුවන්. නොගහන අයට නොගහා ඉන්න පුළුවන්. මේකේ කිසි වරදක් නැහැ. (නි)
මෙහෙම කෙළින් වැඩ කරනවා නම් කොච්චර ලොකු දෙයක්ද? දෙයියන්ගේ පිහිටයි (නි)
ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න තියෙන හොදම අංශය තමයි සංචාරක ව්‍යාපාරය. එහෙත් ලංකාවට එන්නේ ගොඩාක් සල්ලි තියෙන විදේශිකයින් නොවෙයි. මේ දවස් වල ලංකාවට එන්නේ ත්‍රීවීල් වල ගිගින් කොත්තුවක් කාලා ඉන්න අය විතරයි. අපි කැමති වුණත් අකමැති වුණත් විදේශීය ධන කුවේරයින් මෙරටට ගෙන්වා ගැනීමට නම් කැසිනෝ වගේ දේවල් ස්ථාපිත කළ යුතුයි. (නි)
අර පංචායුදේ තවම නිහඩ මොකද ? (අ)
ලෙහෙසියෙන්ම මේක නවත්වන්න පුළුවන්කම තිබුණත් අර කතාව දෝලාවෙන් ගමන පයින් නේ. අපේ අය කවදාවත් හැදෙන්නේ නැහැ. හරි දේට හරි කියන්නයි වැරදි දේට වැරදි කියන්නයි අපි තාම ලැහැස්ති නැහැ. (ස)
මේ පනතට මේ දෙගොල්ලන්ම විරුද්ධව ඡන්දය දුන්න කියලා පරදින්නේ නැති බව ඒගොල්ලොත් දන්නවා. ආණ්ඩුවත් දන්නවා. අන්තිමේ රැවටෙන්නෙ අපි.බලමු! බලමු! (නි)
අනිවයේම ජේම්ස් පැකෙර්ගේ පස් වැනි හෝටෙල්ස් දෙක හදන්න අවසර දීල ඉවරයි මොනවද මේ කතා කරන්නේ එකේ කසිනොත් තියනවා මොකක්ද වරද ? මේ බොරු පක්ෂ වලින් කරන්නේ ජනතාව මුලකරනවා. ඔය දේවල් සමන්‍යයි අද ලෝකේ සාලි තියන මිනිසා ලෝකේ කොහේ ගහිල්ල හරි කැසිනෝ ගහනවා.(දිල්)
හෙළ උරුමයත් ජාමේ බේරාගෙන විතරයි(දිල්)
හෙල උරුමෙ විතරක් නෙවේ විතරක් නෙවෙ අපිත් ඕකට විරුද්ධයි(දිල්)
මොහාන්, මේ මිනිස්සුන්ට මේවා කීවට වැඩක් නැහැ.කැසිනෝ ගැන දන්නේ නැහැ.මම අවුරුදු 15ක් එංගලන්තේ කැසිනෝ එකක වැඩ.සල්ලි කාරයෝ දිනන්නම නෙවේ එන්නේ විනොදෙට.ලංකාවේ බුරුවා ගහනවා වගේ නෙවේ, සාමකාමීව සෙල්ලම් කරලා වැදගත් විදියට යනවා.නමුත් ලංකාවේ කොහොම වේවිද කියන්න තමා අමාරු. (ස)
එතකොට දැන් ඔය ගමක් ගමක් ගානේ තියන බූකි සූදු නෙමේද?පොඩි මිනිහට යන්න පුළුවන් ඒවා තමා තහනම් කරන්න ඕන. (ස)
ලංකාවේ ගණිකාවෝ 47000 ඉන්නවා තරු 5 හේ හෝටල සමග කැසිනෝ අවාම මොකද වෙන්නේ ? ඔය පක්ෂ වලින් කරන්නේ ජනතාව මුලාකරනව අපි මාසේ පඩිය අරගෙන කොමද කැසිනෝ ගහන්නේ !! සල්ලි තියන කට්ටියට ඕක පොදු දෙයක් ජනතාව මේ දේ තේරුම් ගන්න ඕනි බුද්දීමත්ව රට ඉදිරියට යන්න ඕනි හැම දෙකින්ම.(නදී)
හෙළ උරුමය විරුද්ධවුනාට,හොරෙන් යන්න හදයි.(නදී)
සෙනරත්, කැසිනෝ යන්නෝ කියන්නේ තමන්ගේ අතේ තියෙන සොච්චම ඩබල් කරගන්න මාන බලන කාණ්ඩෙකට. (ස)
ඇති තේරුණා. ජය වේවා! (නි)
සුබ පැතුම්!නමුත් බලපෑම් එන්න පුළුවන්. සමහරුන්ට කැසිනෝ අවශ්‍යයි.ඒක එයාලා කොහොමහරි කරගනියි (නි)
ඔබගේ තීරණය අපි ජාති, කුල ආගම් බේදයෙන් තොරව අගය කරනවා (නදී)
මුස්ලිම් කොන්ග්‍රසය කැසිනෝ වලටනම් විරුද්ධව වෙයි...ඇබයි රටට මත් ද්‍රව්‍ය ( කුඩු ) ගෙනෙනවටනම් විරුද්ධව වෙන එකක් නැහැ.(නදී)
මුස්ලිම් කොන්ග්‍රසය කැසිනෝ වලටනම් විරුද්ධව වෙයි...ඇබයි රටට මත් ද්‍රව්‍ය ( කුඩු ) ගෙනෙනවටනම් විරුද්ධව වෙන එකක නැ.(නදී)
අසංක හා සිල්වා සමග 100% එකග වෙමි.(නදී)
කැසිනෝ සුදුව ගැන දන්නා නමුත් මෙම කෙටුම්පතින් කියන්නට යන්නේ කුමක්ද කියා හරියට නොදන්නා බැවින් කිසිවක් ලිවිය නොහැකිය. දන්නා කෙනෙක් සිටියි නම් කරුණාකර පැහැදිලි කරන ලෙස ඉල්ලමි. (නි)