විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දිය යුතු ද නැද්ද යන්න ගැන ගැඹුරින් සිතා බැලිය යුතු බව ජාතික හෙළ උරුමයේ න්‍යායාචාර්ය උදය ගම්මන්පිල මහතා කියයි.
සිරිසේන මහතා හා සම්බන්ධව දේශපාලන පක්ෂ, බලවේග හා ඔවුන්ගේ මති මතාන්තර ද, කියුම් කෙරුම් ද සියුම් ලෙස සලකා බලා තීරණයක් ගත යුතුව ඇතැයි ඔහු කියයි.
සිරිසේන මහතා සමඟ සාකච්ඡා කිරීමට බලා පොරොත්තු වන බව ද ඔහු පවසයි.
ඔහු හා සම්බන්ධ ඇතැම් පුද්ගලයන් ගැන අවබෝධයක් ඇති බව ද ඔහු කියයි.
ජාතික හෙළ උරුමය සන්ධානයේ තනතුරුවලින් අස්වූවා මිස සන්ධානයෙන් ඉවත් නොවූ බව ද ගම්මන්පිල මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට තුල නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දෙන්න ලංකාවේ තවම හදන්නේ විල්බරක්ක විතරයි ඉදිකටු පවා ගේන්න චීනෙන් ඉතින් කොහොමද අපි දියුණුවෙන්නේ චීනෙන් ණය අරගෙන පලස්තිනෙට දිලා මීරිය බැද්දට ශෝකය ප්‍රකාශ කරනවා වගේ වැඩක් දැන් තියෙන්නේ.(ස)
හෙළ උරුමයට සුදුසුම තැන නිදහස් සන්ධානය මිස ඔය කියන අශුද්ද සන්ධානය නෙවෙයි. (ස)
කරුණා කර සාකච්චා කරන්න, රනිල්ව අගමැති කරන එකට කිසිසේත්ම එකඟ වෙන්න එපා, අගමැති කම සජිත්ට හෝ කරූට දෙනවා නම් ඒ ප්‍රතිපත්තියට කැමතිවී 17 හෝ 19 ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න කැමතිද කියල අහන්න, නැතිනම් මෛත්‍රීටත් අබසරනයි කියල ඔය උගුල්වලින් ඉවත්වෙන්න. (ස)
රටේ ලොකු වෙනසක් බලපොරෝතුවෙනවා මේ යන ක්‍රමය ගැන සතුටු වෙන්න බැහැ. පැහැදිලි වෙනසක් අපිට අවශ්‍යයි (ස)
රට කාටවත් මංකොල්ලකන්න දෙන්න බැහැ. යහපාලනයකට අත දෙන්න. (නි)
විධායක ජනපතිකම ඉක්මනට ඉවත් කළා නම් එතකොට ඡන්ද ඕනෑත් නැහැ, ප්‍රශ්නත් නැහැ. (නි)
ඔන්න සමාජවාදයේ උපරිම ලක්ෂණ මතුවෙනවා. උදාරයි, ශ්‍රේෂ්ටයි, (ර)
අන්න ඒ වැඩේ නම් හොඳයි (දී)
දළදා සමිඳු පිහිටයි (දී)
රට වෙනුවෙන් හරි තීරණේ ගන්න එකයි දේශපාලනය කියන්නේ (දී)
කොහොම හරි දුප්පත් ජනතාවගේ ඔලු අවුල් නොකර කරන කෙං ගෙඩියක් කරන්න. දැන් හොදටම හැති වැටිලා ඉන්නේ ජනතාව. එදා ඉදල පටි තද කරගෙන දෑත ශක්තිමත් කරලා. (නදී)
දේසපාලනය කියන්නේ විශ්වාසය තියන්න පුළුවන් දෙයක් නොවෙයි (දී)
අපි ඡන්ද දායකයෝ විදියට තවම තීරණයක් අරගෙන නැහැ. පවුල් වාදය, පවුල් පෝෂණයට අපි විරුද්ධයි. නමුත් මේක අනික් පැත්ත පෙරලන්න අපෙන් සහයෝගය ඕනේ නම්, මේක සිදු කරන යාන්ත්‍රනය/ආකාරය ගැන අපට තව හොඳට පැහැදිලි කරන්න. මෛත්‍රීපාල මහත්තය ඇයි මෙහෙම තීරණයක් ගත්තේ.(මෙතුමා රටට ඇත්තටම ආදරෙන් වෙන්න පුළුවන් මේ තීරණය ගත්තේ. නමුත් පැහැදිලි මදි) මෛත්‍රීපාල මහත්තය රට බාර දෙන්න යන්නේ කාටද. කවුද අගමැති? (තමන්ට තනිවම ජනතා බලවේගයක් ඇති කර ගන්න වත් බැරි නායකයෙකුට බලය ගන්න මෛත්‍රීපාල මහත්තයා මුක්කුවක් ගහල අයින් වෙන්න යනවද? කරු ජයසුරිය මහත්තයා, අර්ජුන රණතුංග මහත්තය නම් කට ඇරලා මහත්තුරු කියන්න පුළුවන් අය, අනිත් අය නම් වැඩි දෙනා ගැන ඉතිහාසයෙන් කිසි පැහැදීමක් නැහැ) කවුද වැදගත් අමාත්‍යංශ බාර ගන්න ඉන්න සුදුස්සෝ? සිංහල බෞද්ධයාට මොකක්ද තියෙන තැන, එල්.ටී.ටී.ය ගැන, තහනම ගැන මොකක්ද තියෙන සම්මුතිය. මේ සිදු කෙරුණු දේවල් කිසිම ආකාරයකින් ආපසු හරවන පාලනයක් අපිට අවශ්‍ය නැහැ. අපිට ඕනේ මේ තියෙන තැනින් ඉදිරියට ගෙන යන්න මොකක්ද සැලසුම කියල දැන ගන්නයි. එතකොට අපි තීරණය කරන්නම්. හොඳට කාල කාල ඉන්න පවුල අයින් කරලා, හොඳටම බඩගිනි, තම තමන් වෙන වෙනම කන පිරිසක් පත් කර ගත්ත වගේ වැඩක් වෙයිද? මට නම් මෛත්‍රී මහත්තය වටේ ඉන්න සමහර පිරිසගේ මූණු දැක්කම බයයි. (නදී)
රතන හිමි වගේ කෙලින් කතා කරන්න පුරුදු උනොත් ඔබතුමාටත් දේශපාලනයේ අනාගතයක් තිබේවි , වැට උඩ ප්‍රතිපති අනුගමනය කලොත් වැටෙන්නේ දේශ පාලන කුණු බක්කියට (දී)
ඔබලාගේ තීරණය අපි බලාගෙන ඉන්නවා (දී)
ඕකේ ආයේ කිරන්න දෙයක් නෑ. මෛත්‍රී මහතාම නේ කිව්වේ එයා දිනලා, රනිල් මහතාට අගමැතිකම දෙනවා කියල. බොහොම පැහැදිලිනේ. අපිට ඉගුරු දීල මිරිස් ගන්න ඕනේ නෑ. (ර)
ඔබ නිවැරදි තීරණයක් ගන්න (දී)
මේ මාමලත් අර යටි සුත්තර නුල් කල්ලියටද එකතු වන්න තටමන්නේ. (නදී)
පරිස්සමින් අතගහන්න, දෙයියෝ! (නි)
ඉක්මනට ස්ථිර තීරණයක් ගන්න (දී)
හෙළ උරුමය හොද නමක් තිබුන පක්ෂයක්. දැන් වත් සිතා බලන එක හොද දෙයක්. (ර)
මට නම් හිතෙන්නේ මුළු රටම "දේශපාලන කැඳ හැලියක් " වෙලා කව්රුවත් තමන් කරන්නේ මොකද්ද කියල හරියට දන්නේ නැහැ වගේ. මේක රටක් විදියට අන්තිම භයානකයි. මොකද මේ වගේ වෙලාවල් වලට කෙල හලනවා තලු මරනවා අල්ලපු රටවල්. (ර)
දෙවරක් හිතන්න රනිල්ව අගමැති කරනවද කියලා (නදී)
හෙළ උරුමය ආවත් එකයි නාවත් එකයි. මහා ලොකුවට ඡන්ද තියෙනවා වගේ. (නදී)
අනේ මන්දා? (නදී)
ගම්මන්පිල මහතා මෙන්ම චම්පික මහතාද එජාපයේ ක්‍රියාවලිය කුමක්දැයි මනාව දන්නා දෙදෙනෙකි. සන්ධානයේ සිටි මෛත්‍රීපාල මහතා හිටිවනම රනිල්ව අගමැති කර විධායක බලතල ඔහුට භාර දෙනවායි කීම මේ රටේ ප්‍රගතිශීලි ජනතාව කම්පනයට පත් කල ප්‍රකාශයකි. ඊට පසු දින රනිල්ගේ ප්‍රකාශය තමන්ගේ නොහැකියාව ගැන නො දන්නා කමින්දෝ බළලා මල්ලෙන් එලියට පැන්න වගේ කළ ප්‍රකාශය මෛත්‍රී මහතා දෙකේ කොලේට දැමීමකි. දැනට ඉන්න ජනාධිපතිතුමාව බිත්තියට හේත්තු කරගෙන වාග් පහර දීම කළත් වැටෙන්න පහර දීම හෙළ උරුමය විසින් නොකළ යුතුය. අපි එතුමාගේ ගුණය අමතක නොකළ යුතුය. මෛත්‍රී කවුදැයි කිරා බලන්න. (නදී)
ඕකත් අර 18 වෙනි සංශෝදනයට ඡන්දෙ දීපු වගේ එකක්නේ (නදී)
අතේ තියෙන කපුටු මස රැක ගනිමු. මොනර මස් කිරන්න හදන්නේ? අය්යෝ දේසපාලනේ (ස)
කෝ අර රත්නපුර ස්කෝලෙක " පුරාවිද්‍යාව" කරපු එක්කෙනා. (නදී)
මොනවද අනේ කිරන්නේ...අපේ හේනේ එළවලු ටික.... මුදලාලිලා තුන් දෙනා ....අතේ තියෙන කපුටු මස රැක ගනිමු. මොනර මස් කිරන්න හදන්නේ? අය්යෝ දේසපාලනේ(අ)
විශ්ව විද්‍යාලයට ගිහින් උපාදි ගත්තට හැම මිනිහම උගතෙක් නොවෙයි. (නදී)
මට පෙනෙන විදියට සරත් පොන්සේකා මහතාව අනාත කරා වගේ වැඩක් කරන්නට හදන්නේ , පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනටත් , පොදු විපක්ෂයක් කිව්වට එ්කෙත් පොදු හෝ එකට එකඟතා නැහැ වාගේ (අ)
ඉඟුරු දීල මිරිස් ගන්නේ දනවා කියන්න...එහෙම කලොත් අපට වෙන්නේ පිඹ පිඹ ඉන්න// (අ)
මේක තමයි හොදම අවස්ථාව රට සම්පූර්ණයෙන් ගොඩ ගන්න. ශ්‍රී ලංකා විරෝදී පිරිස් එක්ක එකතුවෙලා ඕක කරන්න බැහැ. (නදී)
මෛත්‍රීපාල සිරිසේන මහතා දැනටමත් විධායක බලතල පාවිච්චිකරලා තියෙනවා. එතුමා තීරණය කරලා ඉවරයි අගමැති කවුද කියලා. පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන පක්ෂයට තමයි අගමැතිව තෝරාගන්න පුළුවන්. මම හිතන්නේ මෙතුමත් කට්ටියවම රවට්ටලා බලය ගන්න යනවා කියලයි. හෙළ උරුමය මේ ගැන හොඳට සිතා බැලිය යුතුයි. (නදී)
අනේ එහෙම බැරි නම් අර "අපි ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරුන්ටවත්" සහයෝගය දෙන්න. (නි)
හිත හිතා ඉන්න ඕන නැහැ. මහින්දට එකතු වෙන්න. (ස)
පහු පහු වෙනකොට කොහු කොහු වෙනවද? අර .... මොකද්ද හෙටට වෙන්නෙ මොකද්ද? කොහොමෙන් කොහෙමෙන් හරි අන්තිමට පුලතිසිපුර පුතා විතරක් වෙයිද?(හේ)
මහත්තයෝ දැන්වත් රට ගැන හිතල තීන්දුවක් ගන්න (දී)
ඔබලාගේ තීරණය ඉක්මන් කරන්න (දී)
මෙච්චර දවස් පොල් ගෑවද කට්ටිය. නිකන් දෙපැත්තම බැලෙන්ස් කරන කතා එපා මහත්තයෝ. රට ගොඩ ගන්න කතා කියනවා ගොඩක්. එහෙමනම් මෙත්‍රී ට දෙන්න සහයෝගේ. (ස)
ආණ්ඩුවේ දිගටම එල්ලිලා හිටිය නම් පැනල යන අය සඳහා වෙන්කර ඇති ඒක පුද්ගල ප්‍රතිපාදනය (රු. මිලි. 500) ට අයිතිවාසිකම් කියන්න මේ ගොල්ලන්ට අවස්තාවක් ලැබෙන්නේ නැහැ. පනින්න පෙර සිතා බලන්න කියන්නේ ඕවට තමයි. දේශපාලනයේ ඇස්බැංඳුම් තේරුම් ගන්න "වහෙන් ඔරෝ" භාෂාව ගැනත් තරමක අවබෝධයක් තියෙන්න ඕනේ. (නදී)
උදය මහත්තයෝ ඡන්දය කරන්න ආ ඔබට අපි රුපියල් 100 හෝ දුන්නේ මහින්ද මහතයලා සමග ඉදන් රටට සේවයෙක් වෙනවා දකින්න. (නදී)
මෛත්‍රී වැදගත් කෙනෙක්. නමුත් ඔහු සමඟ එළියට ගිය සමහරු ගැන නම් මගේ කිසිම කැමැත්තක් නැහැ. (නි)
එහෙමත් එකද්ද.? (ර)
කරුණාකර සාකඡ්චා කරන්න. (ර)
අපරාදේ! මෛත්‍රී මහත්තයා එනකොට ආපු අර අහවලා නැත්නම් මේ වෙනකොටත් කට්ටිය එකතුවෙලා.කොහෙද? හොඳ වැඩ වලට කොතනද බාධා නැත්තේ? (නි)
අපිට තේරෙන්නේ නැහැ දෙයියෝ. හාමුදුරුවෝ එකක් කියනවා. ඔයාලා තව එකක් කියනවා. අපි අහගෙන ඉන්නවා (නි)
මොකක්ද මේ කතාව? ගියාලු, ගියේ නැතිලු...? දවස් කීපයකට කලින් කිව්වේ සිංහයෝ වගේ එළියට එන්න කියලා නේද? අපිට තේරනවා දැන් මොකද වුණේ කියලා (නි)
ඔබ ඒ ගැන සිතිය යුතුමයි. නැතිනම්හොද නමක් තිබුන පක්ෂය අපට නැති වෙනවා.(හේ)
මෛත්‍රී දින 100න් පස්සේ කොහෙද යන්නේ? (නි)
දේශපාලනය ගැන නම් කතා කරලා වැඩක් නැහැ (දී)
මට පේන විදිහට හෙළ උරුමෙට කවුරුවත් හරි යන්නෙ නෑ. වන් මෑන් ෂෝ.(හේ)
ගම්මන්පිල මහත්තයෝ හොදට හිතලා තීරනයක් ගන්න. ඔය අය සන්ධානයෙන් ගියොත් වෙන්නේ හරියට කැවුම් ගෙඩිය දෙකට බෙදලා දෙන්න කියලා වදුරට දුන්න කතාවේ අනිත් එක .කෙල හල හල බලන් ඉන්න වෙන්නේ වදුරා කැවුම් ගෙඩියම කනකන් .(හේ)
ඔබතුමා මහත්මයෙක්. කරුණාකරලා සිරිසේන මහත්තයයි, රණවක මහත්තයයි එක්ක අාපහු මහින්දට උදව් කරන්න. මේ වෙන්න යන්නේ ලොකු අවුලකට පොටක් (නදී)
හිත හිත ඉන්න ඕනේ නැහැ. මහින්දට එකතුවෙන්න. (නදී)
හෙළ උරුමේ ඉනිමක් පනින්න වගේ හදන්නේ (නදී)
ලොක්කගෙන් අවශ්‍ය දේ ඉල්ලා ගත්තා නම් ඉවරයිනේ. ඡන්ද දායකයා ගොනාට අන්දන්නේ නැතුව. කොහොමත් අපේ රටේ ඉන්නේ 80% අම්බරුවොනේ. (නදී)
සැලුන් දොර ඇරලා තියෙන්නේ. මම නම් කියන්නේ නැවත යන්න කියලයි (නි)
රනිල් උගත් කෙනෙක්. විශ්ව විද්‍යාල උපාදි ලාභියෙක්. ආර්ථිකය පිළිබද මනා දැනුමක් ඇති කෙනෙක්. අවුරුදු හතලිකට වඩා දේශපාලන පළපුරුද්දක් ඇති කෙනෙක්. ජාත්‍යන්තර පිළිගත් නායකයෙක්. රට ගොඩ ගන්න හොඳම කෙනා එතුමා කියල මෛත්‍රිපාල සිරිසේන හොදට දන්නවා. එ්ක ආණ්ඩු පක්ෂයේ අයත් හොදට දන්නවා. (නදී)
මෛත්‍රීට අන්තිමේදී මොකද වෙන්නේ? (නි)
හොදට හිතලා තීරනයක් ගත යුතු අවස්තාවක් හෙළ උරුමයට උදාවෙලා. (ර)
මගේ අදහස නම් හෙළ උරුමය රජය සමග සාකච්ඡා කර හදිසි නොවී යම් නිශ්චිත කාල රාමුවක් තුල විධායක ජනාධිපති ක්‍රමයට සංශෝධන ගෙන ඒමට උත්සහ කිරීම විනා බෙදුම් වාදී පක්ෂද ඇතුලත් සන්ධාන වලට සම්බන්ධ නොවිය යුතුය (නදී)
ඔකේ තව මොනවා සාකච්චා කරන්නද (දී)