හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වී පැය හතර හමාරක් පුරා පැවැත්වූ සාකච්ඡාවේ තීරණය හෙට පෙරවරු 10ට මාධ්‍යයට දැනුම් දෙන බව පක්ෂ ආරංචි කියයි.
අද පැවැති සාකච්ඡාවට පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහභාගී නොවූ බවත්, අසනීප වී රෝහල් වී ප්‍රතිකාර ලැබීම ඊට හේතුව බවත්, උදේ 10ට පෙර පක්ෂයේ ප්‍රධාන කිහිප දෙනකු නැවත හමුවී කෙටි සාකච්ඡාවක් කර මාධ්‍ය අමතන බවත් හෙළ උරුමයේ ප්‍රකාශකයෙක් ‘එසැණ‘ට කීවේය.
අඟහරුවාදා (18) උදෑසන ප්‍රකාශයට පත් කිරීමට නියමිත එම තීන්දුව ගත්තේ රටේ අනාගතය ගැන සිතා මිස පටු පරමාර්ථවලින් නොවන බවත්, එම තීරණය සියලු දෙනාට වැදගත් තීරණයක් වනු ඇති බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරාට තමන්ට පුද්ගලික වාසි ගන්න පුලුවන් නම් එයා හොඳයි.අපේ දේශපාලනය එහෙම නොවෙයි.අපිට මහින්ද හොඳටම හොඳයි. රටට කළ සේවය උපරිමයි. නායකයෙකු ලෙස ලෝකය ඉදිරියේ නියම පිරිමියෙකු ලෙස ඉන්න විදිය දැක්කහම හරිම ආඩම්බරයි. එහෙමයි කියලා කවදාහරි වැරදි කරන්න හිතුනොත්, කරලා තිබුනොත්, අත්තනෝමතික ලෙස බලය නීතිය අතට ගන්නට කිසිවෙකුට බලයක් නොතිබෙන ලෙස, බලය පාර්ලිමේන්තුව තුලින් ලබාගන්නට හැකි ලෙස සංශෝධනය කළයුතුයි.අපි පෙනීසිටින්නේ ඒ වෙනුවෙන්. (නි)
යුද්ධය අවසන් කළ බව ඇත්ත. ඒ පැත්තෙන් බැලූවිට ඔහු නියම නායකයෙක්. නමුත් දැන් බඩු මිලට සිදුව ඇත්තේ කුමක්ද? (නි)
අපිට නම් දැන් තිබෙන කණ ගොඩක් හොඳයි එන්න තිබෙන අංදෙකට වඩා (නි)
බලමුකෝ මොකක්ද කියන්නේ කියලා (නි)
කෙසේවෙතත් හෙළ උරුමයේ තීන්දුව කුමක් වුවද, පොදු අපේක්ෂකයා දිනවීමේ වැඩපිළිවෙල ඉදිරියට යන බවක් පෙනෙන අතර,එය පුද්ගලයකුට එරෙහිව නොව රට නිසි මඟකට හැරවීමට ගන්නා උත්සාහයකි. (නි)
කියා ඇති අන්දමට නම් හෙළ උරුමය රජයෙන් ඉවත්වීමට තිබෙන ඉඩකඩ ඉතා අඩු බව පෙනෙනවා (නි)
අපිට නම් මොන තීරණය දුන්නත් කමක් නැහැ. අපි හැමදාම එකම තැනනේ ඉන්නේ (නි)
මොකක්ද ඔට්ටුව? මම නම් කියන්නේ මෙයාලා රජයෙන් ඉවත්වෙන්නේ නැහැ (නි)
රජය ළඟදීම විධායක ක්‍රමය අහෝසි කරාවි. එතකොට හෙළ උරුමයට ඉවත්වෙන්න හේතුවක් නැහැ (නි)
මට හිතෙන්නේ විධායක ක්‍රමය අහෝසි කිරීමට රජය දැනටමත් සැළසුම් කරලා ඇති. එතකොට හෙළ උරුමයට ඉවත්වෙන්න හේතුව වශයෙන් දක්වන්න තිබෙන්නේ කුමක්ද? (නි)
නිමල් මහත්තයා කියන දේ හරි. හෙළ උරුමයේ ඉල්ලීම් බොහොම සාධාරණයි. ස්වාධීන කොමිසම් සභා පිහිටුවීම, විධායක ක්‍රමය අහෝසි කිරීම... මේවාට මුළු රටම ඒකමතිකව එකඟවෙලා ඉන්නේ. ඒවා රජයට දැන් නොදී බැහැ. ඒ නිසා මෙම ඉල්ලීම් ලබාදීමට රජය ක්‍රියාකරාවි කියා මමත් විශ්වාස කරනවා. (නි)
හෙළ උරුමය කියන්නේ රටේ හොඳ පක්ෂයක්. (නි)
උදය ගම්මන්පිල මහතා හෙළ උරුමයෙන් ඉවත්වෙනවා නම් මම කැමතියි (නි)
හෙළ උරුමයේ කියලා මහා ලොකු පිරිසක් ඉන්නවද? (නි)
රටට ජයක්ම වේවා. සැබවින්ම ආඩම්බරයි ... (අ)
අනේ පිටිගල මහත්තයට බයේ මම මේ හැංගෙන්න තැනක් හොයනවා. (නි)
සිංහලයා මෝඩයා....රට කන්නට යෝදයා....(අ)
"එම තීන්දුව ගත්තේ රටේ අනාගතය ගැන සිතා ......" අනේ මගේ කට. (නි)
" හෙළ උරුමය යන්න වගේ." කියලා මම අපේ අයියට කිවුවහම " දවල්ද.?" කියලා අයියා ඇහුවා. (නි)
තීරණයක් ගත්ත නම් ඕක මාධ්‍යයට කියන්න ඔච්චර දඟලන්න ඕනෙද ? මොන විකාරද හැමෝම හදන්නේ බොර දියේ මාළු බාන්න , ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඔබලාගේ දර්ශනයට ගැලපෙන්නේ නැත්නම් මාස ගන්නන් දඟලන්නේ නැතුව , අර නන්දන ගුණතිලක කල වගේ තනතුරු ආණ්ඩුවට භාර දීල , ආණ්ඩුවෙන් ඉවත්වෙලා කරනදෙයක් කරන්න . (අ)
මෙවර ජනාධිපතිවරණය ඉතා තියුණු මුහුණුවරක් ගනීවි (නි)
වාසු,ඩීව්,තිස්ස විතාරණ වගේ හෙට මෙයාලත් කියඊ ජනාදිපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙනවා කියල (අ)
එහෙනම් හෙට ආණ්ඩුව කඩන් වැටේවි. ජනපතිවරනෙන් මහින්ද මහත්තය පරදීවි.මාව නිකන් කරකවල අත ඇරිය වගේ.ඔන්න ටිකිරි බන්ඩෝ,ඩුබායි තිලක් මහත්තයෝ.සත්‍යපාල මහත්තයෝ..වැඩේ හරි. (අ)
බන්දුල උන්නැහෙ කතා කරන්නේ කටින්ද ? (නි)
කොහොමහරි ඔබ වහන්සේගේ "පිවිතුරු හෙටක් මල් වට්ටිය" අතීත මතකයන් අතරට එක්වෙනවා දකින්නට ලැබීම කණගාටුවක්. (නි)
අත්ත නෝමතික පාලනයකින් රට බේරා ගන්න ඕන. නීතියේ ආධිපත්‍ය සුරකින සමාජයක් ඕන. (හේ)
උඩබලන් කෙල ගසනවාද? කෙල ගස උඩ බලනවාද? තීන්දුව නැකතට. හබන් කුකුලන්ට මගුල්. (අ)
යුද්දය දිනන්න පුළුවන් නායකයාට තනතුරක් නැති කරන එක කජ්ජක් නෙවෙයි. එතුමා කලට වෙලාවට එක කරාවි. බල්ලාගේ වේදේ බුරුවෝ කරන්න ගියාම නිකන් සවුත්තු වෙනවමයි. (අ)
කවුරු ආවත් නාවත් ජනාධිපතිතුමා දිනනවා දිනනවාමයි (නි)
රටේ වාසනාවට මහින්ද පරදින්නේ නැති බව විරුද්ධ පක්ෂයට අපේක්ෂකයෙක් තෝරාගන්න බැරිවීමෙන්ම පේනවා. (නි)
"බන්දුල පෙරේරා 2014-11-17 16:37:13" ....මම දැම්මේ නම් ඒ ප්‍රතිචාරේ විතරයි..මන් මේ හැංගෙන්න තැනක් හොයනවා..පිටිගලට බයේ.. (ස)
අනේ! ආණ්ඩුව හෙටින් පසුව මොනවා කරන්නද? (නි)
විධායක ක්‍රමය අතේ තියාගෙන එවකට හිටපු ජනාධිපතිවරු මොකද කළේ කියලා මුලින්ම සිතන එක හොඳයි කියලා මම විශ්වාස කරනවා. (නි)
කොයි අපේක්ෂකයා දිනුවත් බන්දුල පෙරේරා වගේ උදවිය බලාගෙන ඉන්නේ දිනන කෙනාගේ ඔඩොක්කුවට පනින්න . (නි)
බන්දුල පෙරේරා, තමුන් හැංගෙන්න තැනක් හොයාගත්තොත් හොඳයි. තමුන්ගේ කට වැඩියි. (නි)
මට නම් චම්පික, උදය දෙන්නා හැරුනහම හෙළ උරුමයෙන් එතරම් වැඩක් නැහැ. (නි)
හෙළ උරුමයට ලොකු බලපෑමක් කරන්න පුලුවන් කියලා මම නම් හිතන්නේ නැහැ (නි)
පොරොන්දු දුන්නා නම් ඒක ඒ විදියට ඉෂ්ට කරන්න ඕනෑ. (නි)
මේ රට හරි මඟට ගන්න උත්සාහ කරන්න (නි)
හෙළ උරුමය දැන් පාලනය වෙන්නේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ ඕනෑ එපාකම් වලටද? (නි)
හෙළ උරුමය ඇතුළු රතන හිමිට ජාතියේ ප්‍රණාමය! (නි)
අනේ ඉතින් විපක්ෂයට ගියාම එයාලා මේ යෝජනා ටික කියන ප්‍රමාදයෙන් කරලා දෙයි (නි)
හෙළ උරුමය ඇතුළු රතන හිමිට ජාතියේ ප්‍රණාමය !(හේ)
තව කී දෙනෙක් යන්න ඉන්නවාද දන්නේ නෑ.(හේ)
ගියා කියලා එයාලා කොහේ යන්නද? (නි)
බාල ගිරි දොසේ වගේනේ.(හේ)
විධායක ක්‍රමය අහෝසි කරනවා කියල දහ අතේ පොරොන්දු දුන්න අය දැන් මොනවා කියලා පොරොන්දු දුන්නත් මොලේ කළදක් තිබෙන කෙනෙක්වත් රැවටෙන්නේ නැහැ.(දිල්)
මේ තීරණය මොකක් වුණත් අපි අපේ ගමන ඉදිරියටම යනවා (නි)
වසර 20ක් තිස්සේ කරන්න බැරිවූ දේ අද හෙට කරයි කියා හිතන්නත් බැහැ. (නි)
ජනාධිපතිතුමාට මම කැමතියි. නමුත් දැනට රට සිද්ධවෙන විනාශය වළක්වන්න එතුමාට අවශ්‍යතාවයක් නැහැ (නි)
18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සපු කට්ටිය ගැන අපි දන්නවා (නි)
අනේ යන්න එපා හාමුදුරුවනේ. ගියොත් ආණ්ඩුව හෙට ඉඳල කඩාගෙන වැටේවි. (නදී)
බුද්ධ දර්ශනයේ ක්‍රොදය වැපිරීමක් ගැන උගන්වන්නේ නැත. උදය මහතාණෙනි හෙළ උරුමයෙන් ඉවත්වන්න දැන් කාලය ඇවිත් (නදී)
රටේ යහපත වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ගයට මගේ ප්‍රසාදය ඔබ සැමට (නි)
හෙළ උරුමය හිතාගෙන ඉන්නේ ලොකු බලපෑමක් කරන්න පුළුවන් කියලා. (නි)
මෙයාලට විධායක ජනාධිපතිකම මතක්වුණේ දැන්ද? මෙච්චරකල් කොහෙද හිටියේ? (නි)
බන්දුල පෙරේරා කට මැත දොඩන වචන ගානට වෙන්න ඇති පාරිතෝෂික දීමනා ආදිය ලැබෙන්නේ. (නදී)
රට බේරාගැනීමට සියල්ලන්ම එක්වෙමු! (නි)
ඉඩලැබුණු විට මෙම අර්බුදයට නියම විසඳුම ඔවුන් දෙනු ඇත (නි)
දර්ශන කියන දෙය තමයි බොහෝදුරට බලාපොරොත්තු වෙන්න පුළුවන්. රටේ අනාගතයද? කාගේ අනාගතය සඳහාද? හෙට බලමු. (නි)
බන්දුල පෙරේරා වගේ අයට දැන් උණ ගැනිලා ඇති (නි)
අපි අහන්නේ එකම ප්‍රශ්නයයි. චින්තනයේ අඩංගු කළ කොන්දේසි ඉටුකරනවා කියනවා නම්, එහි ප්‍රධාන කොන්දේසිය වන විධායක බලය මාස 6න් අහෝසි කරනවා කියපු දේ ඉෂ්ට නොකරන්නේ මන්ද? (නි)
ද සිල්වා, හරි ආසයි නේද එහෙම වෙනවා නම්? හැබැයි මෙයාලා රට ගැනත් ටිකක් හිතනවා. (නි)
මට හිතෙන්නේ මේ අය මේ කල් යව යවා කරන්නේ ජනතාවගේ අවධානය දිනාගන්න එක. මේ කරන දෙයින් මැතිවරණ ප්‍රතිඵල වල විශාල වෙනසක් සිදුවිය හැකියි. ආර්ථිකය හදන්න යු.එන්.පි. එක දක්ෂ වුණාට යුද්ධයට දක්ෂ ජනාධිපතිතුමා. බැරිවෙලා හරි යුද්ධයක් අවොත් අපි මොකද කරන්නේ? ඒ නිසා මෙතුමන්ලාගේ පොදු අපේක්ෂකයා මෙම මැතිවරණයෙන් ජයගත්තත් ඊළඟ මැතිවරණයෙන් අපි ජනාධිපතිතුමා දිනවිය යුතුයි. (නි)
ජනාධිපතිතුමා 2005 මැතිවරණ ප්‍රකාශනයේ පොරොන්දුවෙලා තිබෙනවා එතුමා විධායක ක්‍රමය අහෝසි කරන බව. එතුමා කවදත් පොරොන්දු රකිනවා. එතුමා එතුමාගේ දැනට පවතින කාලය අවසන්කොට වෙනත් මැතිවරණයකට යාමට පෙර ඒක අහෝසි කරාවි. ඒ ගැන කවුරුත් කලබල වෙන්න ඕනෑ නැහැ. මේ රටේ ජනතාව එතුමාට තවමත් ආදරෙයි. එතුමා නිසයි අපි බියක් සැකක් නැතුව පාරේ බැහැලා යන්නේ. (නි)