බස්නාහිර පළාත් සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයයේදී අද (27) පස්වරු 1ට පැවැත්වීමට යයි.
ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරුන් තිදෙනා අය වැයට ඡන්දය නොදුන්නොත් පළාත් සභාවේ බලය පිළිබඳව අවදානමක් ඇති විය හැකි බැවින් අය වැය ඡන්දයේදි කටයුතු කළ ආකාරය පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීම සඳහා මෙම රැස්වීම කැඳවු බව එහි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සිසිර ජයකොඩි මහතා කියයි.
හෙළ උරුමයේ මන්ත්‍රී තිදෙනා ඉවත් වුවහොත් ආණ්ඩු පක්ෂයට බහුතරය ආසන තුනකට අඩු වන අතර එයද වෙනස් කැර ආණ්ඩු පක්ෂය පරාජය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවටද තොරතුරු ඇතැයි ප්‍රධාන සංවිධායක පවසයි.
අය වැය විවාදය සහ ඡන්දය දෙසැම්බර් පළමුවැනිදා සිට හතර වැනිදා දක්වා පැවැත් වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ මහා එකාගේ ඉදල පොඩි එකා දක්වාම හොරකම් කරනවා. ජනාධිපතිතුමා පයිල් ලග තියාගෙන හොරු ආරක්ෂා කරනවා. මේ ඡන්දෙන් ඔක්කොම එලවල දාල හොරකම් කරපුවා දුප්පතුන්ට බෙදල දෙනවා නම් වෙන මොකුත් අපිට ඕනෑ නෑ. (නදී)
හෙළ උරුමයට යනවා ඇරෙන්න වෙන මොනවත් කරන්න දෙයක් නැහැ, නොගින් මේ ආණ්ඩුවතුල රැදුනොත් වෙන්නේ බින්න බැහැපු මනුස්සයාට වෙච්ච දේ තමයි. (අ)
හෙළ උරුමය අයවැයට පක්ෂව ඡන්දය නොදෙනවා විතරක් නොවේ විරුද්ධව ඡන්දය දෙනවා. මොකද හෙළ උරුමයේ ප්‍රකාශන වලින් තේරුම් යන්නේ "මහින්ද" පැරදවීම නොව "ජනපති මහින්ද" පැරදවීමයි. (අ)
අනේ සාදු, හෝදාගෙනම යන්නයි තියෙන්නේ බන්දුලගේ කට වැහෙන්නත් එක්ක (නදී)
හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත් වන්න බස්නාහිර පෙරලන්න. එවිට නිකම්ම තවත් පළාත් සභා පෙරළෙනු ඇත. (නදී)
මේ ආණ්ඩුව බොරුවෙන් අපිව රවටන ඉන්නේ. නොතේරෙන්නේ.දැන් ආණ්ඩුව ණය වෙන්න ඕනෑතරම් ණය වෙලා ඉන්නේ,අපේ පරම්පරා ගානකට ණයකාරයෝ කරලා.යුද්දේ කලේ යුද වියදම් තිබුණා,එත් දැන් නැ.මොනවද එ් වියදම් වලට කරලා තියෙන්නේ.අනික සංවර්ධනය කියන්නේ මේකද?අපේ තරුණ පරම්පරාව විනාශ කරලා පාරවල් හදන එකද? කුඩ්ඩෝ රජ වෙලා.හොරු වැඩිවෙලා, දුප්පතා තැලෙනවා හැම පැත්තෙන්ම.රටේ තියන හැම ගල් පර්වත ගැන පරීක්ෂණ කරන්නේ ඒවා ගණන් කරගන්නද? මේ අමන මිනිස්සුනි..රැවටුනා ඇති කියල හිතෙන්නැද්ද? එදා වේලාගන නෙමේ.අනාගතේ ගැන හිතන්න. තමන්ගේ ලේකම් අද හොරෙක්ලු.ඉන්නකම් කොයිතරම් හොද කීවද? මේකද මනුස්සකම.රැවටෙන්න එපා මිනිසුනි. (ස)
ඔලුව උදුම්මාගෙන රටේ යහපතට වැඩ නොකලාම ඔහොම වෙනවා. (නදී)
සුදුස්සට සුදුසු තැන දිය යුතුයි. (නදී)
රජකම් කලත් කළකම් පලදෙනවා ඕක තමයි ජීවන චක්‍රය (නදී)
ගම්මන්පිල මහ ඇමැති කරමු. (ස)
අපේ ඡන්ද හෙළ උරුමයට උරුම උණු කාලයත් ඉවරයි. මහා ජාතියට එරෙහිව විදේශ බලවේග වලට ආවඩමින් ගන්නා තීරණ තරයේ හෙලා දකිමු. (නදී)
හෙළ උරුමය නොගියොත් එය අපේ කරුමය. එම නිසා වහාම යන්න. (නදී)
සිරිසේන මහතාණෙනි, මේ බටහිර බලවේග සහ කුමන්ත්‍රණ කරන්නේ ඇමෙරිකාව මෙහෙට එවල මෙහෙ බලය අල්ලාගෙන ඉන්න මෙහෙ පුරවැසිකමත් නැති කට්ටියද කියල අපේ ආණ්ඩුව සොයා බැලිය යුතුයි නේද? (නදී)
හෝද ගෙන යන එව්වගේ ප්‍රතිපල කට්ටියට තේරෙයි දවසක. (නදී)
හුලං බැහැගෙන යනවා නේද. එහෙනම් එ්කත් අපේ තමයි. (නදී)
හෙළ උරුමයට ජනාදිපතිතුමා සමග ප්‍රශ්නයක් නැත. ආණ්ඩුව ඇතුලේ ඉන්න දුෂිතයන්,මෝඩයන් පන්නන්නයි එයාලට ඕනි. එ්ක තමා අපිටත් ඕනි වෙලා තියෙන්නේ. රට යහමගට ගෙනියන්නයි හෙළ උරුමයට ශක්තිය ලැබේවා. කොටි පන්නපු නායකයාට ජනාදිපති තුමාට ජයවේවා. (නදී)
හෙල උරැමයට දැන් සිදුවි තිබෙන්නේ ගෙදර ගියොත් අඹු නසි මග සිටියොත් තෝ නසී වගේ.(හේ)