බස්නාහිර පළාත් අය වැය විවාදයේ දී ඡන්දය භාවිත කිරීමෙන් වැලකී දිටීමට තීරණයක් ගෙන ඇතැයි ජාතික හෙළ උරුමයේ ආරංචි මාර්ග කියයි.
පාර්ලිමේන්තු අය වැයේ දීත් හෙළ උරුමය ඡන්දය දීමෙන් වැලකී සිටියේය.
ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී ධුර තුන අය වැයට පක්ෂව ඡන්දය භාවිත කිරීමෙන් වැලකී සිටියහොත් ආණ්ඩුවේ මන්ත්‍රී ආසන 60 මන්ත්‍රී ආසන 57 දක්වා පහත බසිනු ඇති බවත්, අය වැයේ දී ආණ්ඩුව පැරැද්දවීමේ කුමන්ත්‍රණයක් ඇති බවත් දේශපාලන ආරංචි කියයි.
මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ පළාත් සභාවේ බහුතරය වීමට අවශ්‍ය වන්නේ මන්ත්‍රී ආසන 53ක් බවයි. මන්ත්‍රී ආසන 57ක් හිමි ආණ්ඩු පක්ෂ පෙළරන්නට කිසිවකුට නොහැකි බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි එහෙම කරනවා නම් ගම්මන්පිල මහත්තයට සල්ලි දීපු අය 100 ඉල්ලගෙන පෝලිමේ ඒවි. සල්ලි ටික ලෑස්ති කරලා තියා ගන්න. ඔයාට මනාප දුන්නේ හෙළ උරුමේ අය නෙමෙයි. ශ්‍රී ලංකා කාරයෝ. ඒ මිනිස්සුන්ට ද්‍රෝහී වෙනවා නම් සල්ලි ටික අනාත මඩමකට හරි දීල ද්‍රෝහී කමේ පව ගෙවෙන්න. (නදී)
බන්දුල මහත්මයා 100 යේ පලහිලව්ව ඒ ගොල්ලෝ බලා ගනියි. ඔහේ ඒ ගැන කලබල වෙන්න එපා. ඕවා දුකට කියන කතා.(නදී)
හෙළ උරුමය දැන් පොදු අපේක්සක නාඩගම බලන්නෙත් වැට උඩ ඉඳගෙන නේද (නදී)
ඉන්දියාවේ උවමනාවට ගෙනාපු මේ පලාත් සබාවෙන් රටට හෝ ජනතාවට හෝ කිසි ප්‍රයෝජන නැහැ. මේක මැති ඇමතිවරුන්ගේ දූ පුතුන්, සහෝදර සහෝදරියන් පාර්ලිමේන්තු යවන්න සඳහා ට්‍රේනින් වෙන්න පෙරපාසලක්. එච්චරයි. (ර)
හරින්,අනුර සහ රන්ජන් රාමනායක ලංකාවට කුඩු ගෙන්වීම පිලිබදව පාර්ලිමේන්තුවේ කල ඓතිහාසික කතා ටික යූ ටියුබ් එකේ තියෙනවා. පුලුවන්නම් බලන්න අපේ රටට, රටේ අනාගත දරු පරම්පරාවට වෙලා තිබෙන, වෙන්න යන විනාසය ගැන. (නදී)
බලන් ඉන්න කට්ටියම ලඟදීම හොදට කනවා. (නදී)
හෙළ උරුමයට හිස නමා අචාර කරමි.... (ස)
හේ හේ හේ ,කට්ටියට වචන එන්නෙත් නැහැ වගේ (ස)
ප්‍රසන්නට ජය..! (ස)
වැඩකට නැති පලාත්සබා මන්ත්‍රීලට මේ දක්වා වියදම් කළ සල්ලි වලින් තව අධිවේගී මාර්ග දෙකක් හදන්න තිබුණ. රටේ අවාසනාව. (ස)
හෙළ උරුමය ඔතන ඉන්නේ සන්දානයේ උදව්වෙන් බව අමතකවෙලා ,උදය මහතාට ඡන්දය කරන්න හිගමනට ගත් රුපියල් 100 ලැබුනේ වැඩිපුර සන්දානේ හිතවත් අයගෙන්, මෙහෙමත් ජරා මිනිස්සු ,කා පතේ පහරන උදවිය (ස)
ඔය අට මගලේ පෙරලලා කේජු කන්නද ? (නදී)
වසන්ත.විධායක ක්‍රමයනම් රටට කරුමයක් වෙලා ගොඩාක් කල්.ඒ කරුමයෙන් ගොඩ එන්න හෙළ වුරුමය විශාල කැප වීමක් කරනවා. (ස)
දන්නා තරම්?විධායක ජනපති කෙනෙකු නොසිටින්නට ලංකාව තාමත් යුද්දෙට යටවෙලා...රට බෙදිලා....කොන්ද පණ ඇති නායකත්වය නැති දාට අපි ඉල්ලන් කා තමයි.(ස)
නරුමයන්ගේ කරුමයක් වෙලා (නදී)
මේ හෙළ උරුමයට මොනවද කරන්න පුලුවන් (නදී)
ජනතාව බුද්ධිමත්ව තීන්දු ගත යුතුයි. මූණ එක්ක තරහට නාහේ කපා ගත්තොත් සදා මුක්කමා තමා. (නදී)
එතකොට ඔය ජනතාව ඡන්දෙ දීල නියෝජිතයෝ විදියට පත්කරලා පළාත් සභාවෙන් මන්ත්‍රී පඩියත් අරගෙන් මෙච්චරකල් උන්නේ ඔය ටික කරන්නද? ඒ ගත්ත පඩිය ගොවියෙකුට දුන්නා නම් කුඹුරට පොහොර ටිකක් වත් ගහනවා. (නදී)
උරුමය කරුමයක් වේගන එන්නේ මුළු රටටම. (නදී)