IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හෙළ අසිරිය මිලානෝ නුවර ළෙල දෙයි

ඉතාලියේ  මිලානෝ  නගරයේ  වියා   පාදොවාහී  පිහිටි   සාන්ත   ජෝවාන්නි  ක්රිස්තෝත්තොමෝ  දෙව්   මැදුරේ ,   එම  ප්‍රදේශයේ  වෙසෙන   සියලුම  ජාතීන්  එක්වී  වාර්ෂිකව  සංවිධානය  කරනල ජාතීන්ගේ   දේව  මෙහෙය  මිලානෝ  නගරයේ  කාර්දිනල්   සහ ආන්ජෙලෝ  ස්කෝලා  මිලානෝ  අගරදගුරුතුමන්ගේ   ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පුජක වරුන්  තිස්  පස්  දෙනෙකු   ඇතුළු   ඉතාලි  ශ්‍රී ලංකා  පිලිපීන්, ඉක්වදෝර්, පේරු,බොලිවියා, එරිත්‍රියා, යාල ඇතුළු  තවත්  ජාතීන්  ගණනාවක්  සහභාගී විය.

තම  තමන්ගේ  ජාතික  ධජ  පෙරහරින්  ගෙන  එමින්  සියලු දෙනා  හැකි  පමණින්  තම  ජාතික  ඇදුමින්  සැරසී  ආහ.

සාරියෙන්   සහ   ඔසරියෙන්   සැරසි   ලාංකිකයෝ   සියලූ  දෙනාගේ   ආකර්ෂණයට   ලක් වුහ.

ඊටත්   වඩා   කැපී  පෙනුණේ   පඬුරු  පෙරහරේ  ලාකික   ලියන්ට  ඉදිරියෙන්   ගමන්කළ  විශ්ව මාත්‍රා කලා  කවයේ    අපේ  දරු  දැරියන්  උඩරට   දේශීය   නර්තන  කලාවෙන්  හා  බෙර  වාදනයෙන්   පෑ  රැඟුමයි.

කිසිවෙකුගේ  නෙත්  ඔවුන්   වෙතින්   ඉවත්  නොවූ   අතර  හැකි  සියලුම  දෙනා  තම  කැමරාල සහ  වීඩියෝ  ෆෝන්  වලින්   වීඩියෝ   කළෝය.

මිලානෝ  ශ්‍රී ලංකා  කලා  සහ  සංස්කෘතික  එකමුතුවේ  ලේකම්  සුමිත්  සුසන්ත   මහතාත් විශ්ව  මාත්‍රා   කලා කවයේ    හර්ෂ රණතුංග  මහතාත්  දරු  දැරියෝත්    මෙම උළෙල සාර්ථක කැර ගැනීමට මුලික වුහ.

 

 



අදහස් (0)

හෙළ අසිරිය මිලානෝ නුවර ළෙල දෙයි

නිර්මල Wednesday, 21 May 2014 02:31 PM

මට මර්සලීන් ජයකොඩි නම්වූ උතුම් පුජක තුමා සිහිපත් උනා. එතුමා කිව්වේ .මගේ ජාතිය සිංහල ,ආගම කතෝලික. මගේ උරුමය බෞද්ධ කියලා. එතුමා තව කිව්වා දකින දකින තැන වෙහෙරක් පෙනීයන් වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන් කියලා.(නදී)

:       0       0

අශෝකා Wednesday, 21 May 2014 08:29 PM

නිර්මල, ඔබේ කතාව ඇත්ත (නි)

:       0       0

ඔසී Wednesday, 21 May 2014 08:53 PM

නිර්මල මහත්තය ඔබගේ නිර්මල අදහසට මම ඉතා ඉස්තුති කරමි. මමත් කතෝලිකයෙක් නමුත් බුදුන් චරිතය සහ කිතුන් චරිතය ඔබ වගේම මමත් ගරු කරමි. මමත් ගරු මර්සලින් ජයකොඩි පිය තුමා කිව්ව වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනියන් කියන එක අනුමත කරමි. සුමිත් සුසන්ත ,හර්ෂ රණතුංග මහතුන් දෙපල ඉතා වටිනා වැඩක් කරල තියනවා.මව් බිමේ සෑම කෙනෙකුටම මෙය ආදර්ශයක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site