ඉතාලියේ මිලානෝ නගරයේ වියා පාදොවාහී පිහිටි සාන්ත ජෝවාන්නි ක්රිස්තෝත්තොමෝ දෙව් මැදුරේ , එම ප්‍රදේශයේ වෙසෙන සියලුම ජාතීන් එක්වී වාර්ෂිකව සංවිධානය කරනල ජාතීන්ගේ දේව මෙහෙය මිලානෝ නගරයේ කාර්දිනල් සහ ආන්ජෙලෝ ස්කෝලා මිලානෝ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පුජක වරුන් තිස් පස් දෙනෙකු ඇතුළු ඉතාලි ශ්‍රී ලංකා පිලිපීන්, ඉක්වදෝර්, පේරු,බොලිවියා, එරිත්‍රියා, යාල ඇතුළු තවත් ජාතීන් ගණනාවක් සහභාගී විය.
තම තමන්ගේ ජාතික ධජ පෙරහරින් ගෙන එමින් සියලු දෙනා හැකි පමණින් තම ජාතික ඇදුමින් සැරසී ආහ.
සාරියෙන් සහ ඔසරියෙන් සැරසි ලාංකිකයෝ සියලූ දෙනාගේ ආකර්ෂණයට ලක් වුහ.
ඊටත් වඩා කැපී පෙනුණේ පඬුරු පෙරහරේ ලාකික ලියන්ට ඉදිරියෙන් ගමන්කළ විශ්ව මාත්‍රා කලා කවයේ අපේ දරු දැරියන් උඩරට දේශීය නර්තන කලාවෙන් හා බෙර වාදනයෙන් පෑ රැඟුමයි.
කිසිවෙකුගේ නෙත් ඔවුන් වෙතින් ඉවත් නොවූ අතර හැකි සියලුම දෙනා තම කැමරාල සහ වීඩියෝ ෆෝන් වලින් වීඩියෝ කළෝය.
මිලානෝ ශ්‍රී ලංකා කලා සහ සංස්කෘතික එකමුතුවේ ලේකම් සුමිත් සුසන්ත මහතාත් විශ්ව මාත්‍රා කලා කවයේ හර්ෂ රණතුංග මහතාත් දරු දැරියෝත් මෙම උළෙල සාර්ථක කැර ගැනීමට මුලික වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මර්සලීන් ජයකොඩි නම්වූ උතුම් පුජක තුමා සිහිපත් උනා. එතුමා කිව්වේ .මගේ ජාතිය සිංහල ,ආගම කතෝලික. මගේ උරුමය බෞද්ධ කියලා. එතුමා තව කිව්වා දකින දකින තැන වෙහෙරක් පෙනීයන් වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන් කියලා.(නදී)
නිර්මල, ඔබේ කතාව ඇත්ත (නි)
නිර්මල මහත්තය ඔබගේ නිර්මල අදහසට මම ඉතා ඉස්තුති කරමි. මමත් කතෝලිකයෙක් නමුත් බුදුන් චරිතය සහ කිතුන් චරිතය ඔබ වගේම මමත් ගරු කරමි. මමත් ගරු මර්සලින් ජයකොඩි පිය තුමා කිව්ව වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනියන් කියන එක අනුමත කරමි. සුමිත් සුසන්ත ,හර්ෂ රණතුංග මහතුන් දෙපල ඉතා වටිනා වැඩක් කරල තියනවා.මව් බිමේ සෑම කෙනෙකුටම මෙය ආදර්ශයක්. (නදී)