IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හාස්‍ය‘යෝත්පාදන නාට්‍යය තුළින් දකින හංසි

2016-04-05-ent-55

2016-04-05-ent-52මේ දිනවල හාස්‍ය‘යෝත්පාදන නාට්‍යවලින් රසික හදවත් දිනාගෙන සිටින ඇය හංසි හෙට්ටිආරච්චිය. ඉදිරි කලා කටයුතු පිළිබඳව ඇය "සාරවිට"ට සමගින් මෙලෙස හඬ අවදි කළාය.

"මම ක්ෂේත්‍රයට මුලින්ම යොමු වු‍‍ණෙ සුදත් රෝහණ මහතා කළ වෙළෙඳ දැන්වීමක් සඳහායි. පස්සෙ මේ ගැන හදාරන්න මම චන්දනගේ හා මහේන්ද්‍ර පෙරේරා මහතාගෙ නාට්‍යය පාසලේ පාඨමාලාවක් සිදුකළා. එහෙම තමයි මම කලා කටයුතුවලට දායක වුණේ. මේ වනවිට සුදත් රෝහණ මහත්මයාගෙ වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටිනවා. හිරු නාළිකාවේ විකාශ වන "ආටක නාටකවලට" දායක වෙනවා. ඒ වගේම සිවගුරුනාදන්ගේ නාට්‍යය නිර්මාණයක් වන "මෙඩි සිනා" නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා. ජාතික රූපවාහිනියේ විකාශය වන සම්පත් ශ්‍රී රෝෂන් අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයකටත් මේ දවස්වල දායක වෙනවා. ලක්ෂ්මන් පුෂ්පකුමාරගෙ "ආදර අසපුව" නාට්‍ය‘යෙත්, "උලත් එකයි පිලත් එකයි" චිත්‍රපටයට නර්තනයෙන් දායක වුණා. ලාල් දේවප්‍රිය මහත්මයාගෙ චිත්‍රපට දෙකකටත් දායක වුණා. පතන් දික්කුඹුර මහතාගේ ටෙලි නාට්‍යකට මේ දිනවල දායක වෙනවා.

ඉදිරියෙදී වේදිකා නාට්‍යයකට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. එයට පුහුණුවීම් කටයුතු මේ දිනවල සිදුකර ගෙන යනවා. තාම මම අධ්‍යාපන කටයුතු සිදු කරනවා. උපාධිය නිමකළ පසු මම කලා කටයුතු වෙනුවෙන් කාලය වෙන්කරන්න බලාපොරොත්තු වෙනවා. නර්තනයත් මම හැදෑරුවා. එහි ප්‍රසංගයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

"ශ්‍රීයා නන්ද ශ්‍රී නර්තන අධ්‍යක්ෂවරයා, මගේ දෙමවුපියන්, මගෙ මිතුරන් වගේම මහේන්ද්‍ර පෙරේරා මහතාවත් මේ මොහොතේ මතක් කර සිටිනවා."

 

රංගන 

 

 
2016-04-05-ent-54
2016-04-05-ent-53
2016-04-05-ent-51

 



අදහස් (0)

හාස්‍ය‘යෝත්පාදන නාට්‍යය තුළින් දකින හංසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site