
(කාංචන කුමාර ආරියදාස)
හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු මාස පහක බිළිඳියකට ප්‍රතිකාර නොකිරීමේ සිද්ධියක් දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලෙන් වාර්තා වේ.
දඹුල්ල නයාකුඹුර ප්‍රදේශයේ පදිංචි හංසිකා සඳමාලි සිය මාස 5ක් වයසැති තම දරුවා උදෑසන 6ට පමණ හුස්ම ගැනීමේ අපහසුතාවයකින් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
පසුව දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලෙහි අංක හය වාට්ටුවට ඇතුළත් කළත් පැය දෙකක පමණ කාලයක් වාට්ටුවේ රැඳී සිටියද දරුවාට කිසිදු ප්‍රතිකාරයක් කර නැත.
දැරියගේ මව සේවිකාවන්ගෙන් විමසීමේ දී වෛද්‍යවරුන් පැමිණෙන තුරු සිටිය යුතු බව පවසමින් කිසිදු ප්‍රතිකාර ලබා නොදුන් බව මව සඳහන් කළාය.
දරුවා ගේ රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් වාට්ටුවට ඇතුලත් කිරිම සදහා ලබාදුන් ඇතුළත් කිරීමේ පත්‍රයද රැගෙන රෝහලෙන් පිටව පුද්ගලික ප්‍රතිකාර කරන ස්ථානයකට යන බව සඳහන් කරමින් දරුවා ද රැගෙන පිටව ගියාය.
රෝහලේ ප්‍රධාන හෙද පාලකවරයා වූ ප්‍රියංජන රංජන මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේ දී කියා සිටියේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද නේවාසික සහ හදිසි ප්‍රතිකාර කටයුතු සියල්ල සිදු කරමින් පවතින බවය.
මෙවැනි දෙයක් වීම්ට කිසිසේත් ඉඩ නැති බව හෙතෙම සඳහන් කළේය. පසුව අවට සිටි අය කියා සිටියේ එවැනි දෙයක් රෝහල් ඉදිරිපිට සිදු වූ බවය. පසුව ප්‍රධාන හෙද නිලධාරිවරයා දුරකථනය හරහා අංක හය වාට්ටුවට ඇමතුමක් දී ඒසම්බන්ධයෙන් නිසි පිළිතුරක් නොලැබිණි.
බාහිර රෝගී අංශයේ රෝගියා ඇතුළත් කළ සේවකයන් කියා සිටියේ උදෑසන 6 පසු විනාඩි කිහිපයකට එම දරුවා අංක හය වාට්ටුවට ඇතුළත් කළ බව ය
දඹුල්ල මූලික රෝහලට ප්‍රතිකාර ගැනීමට ආ බොහෝ ජනතාවගෙන් මෙම වැඩවර්ජනය කුමක් නිසාදැයි නොදැන සිටීම විශේෂත්වයකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහලේ නම වෙනස් කරන්න.
ඇත්තටම කණගාටුයි! දැන් අම්මාට තේරෙනවාද දුරදිග නොබලා හොරුන්ට කතිරේ ගැහුවාම විඳවන්න වෙන්නේ තමන්ගේ දරුවන්ටත් එක්ක කියලා..
මනුෂ්‍ය ආත්මයක් ලබා සිටියද මොවුන් තිරිසනුන්ටත් අන්තය. මොවුන්ට ස්වභාව ධර්මයෙන් නිසි කලට , නිසි වේලාවට දඩුවම් ලැබෙනු ඇත.
පහුගිය කාලේ කාබනික වගාවට යොමුවෙලා, "පාඩු ලබපු අස්වැන්න" හේතුවෙන් දොස්තරලා වැඩ වර්ජනය කරන බව මේ රටේ ජනතාව දන්නේම නැද්ද? ඒ මදිවට, "ටැක්ස් රෝගෙන්" දොස්තරලා මේ දිනවල පීඩාවට පත් වෙලාලු...
මේක නම් නිකන් බොරු චෝදනාවක් වගේ පේන්නේ... දොස්තර ශාෆිගෙන් සැත්කම් කළ මව්වරු ආවේ සල්ලි වලට සාක්කි දෙන්න.. අන්න ඒ වගේ..
ස්ට්‍රයික් කියලා නෑ. දොස්තරලා ළමයි මෙනුවෙන් කැපවෙලා වැඩ කළා. හිටපු හැම ළමයටම වෝඩ් රවුන්ඩ් 3 ක් පවා කරා හිටපු වෛද්‍යවරු. OPD එකෙන් ඇඩ්මිෂන් කොලයක් දාගෙන මේ මනුස්සයා පාරට බැස්සට වාට්ටුවෙ වෛද්‍යවරු මොනවා කරන්නද? පොඩි එකත් පළිද දේශපාලන අදහස් වලට. හොස්පිට්ල් එකේ සී.සී.ටී.වී .ඇත. හොයලා බලන්න.
ඔය විදියට ඔලුව වහලා තියෙනකොට හුස්ම ගන්නේ කොහොමද.
හංසිකා දුවේ ඔබේ දරුවා විදින දුක දැක්කම ඔබව පීඩාවට පත්කිරීම කරපු උන්ගේ අම්මලා මතක් වුනේ නැද්ද
කාලකන්නි වැඩ වර්ජන කරපල්ලා. අහින්සක ජනතාව මාරා නොදම.
දරුවා හොඳින් සිටින බව පෙනේ. එසේම ඇතුළත් වීමේ වේලාව උදෑසන 6 යි. උදෑසන 8 ට ගත් ප්‍රවෘත්ති පින්තූරය. මොනතරම් කාර්යක්ෂම වාර්තාකරණයක්ද!!!