සන්ධාන අපේක්ෂක හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් කාත්තන්කුඩිහි සඳුදා පැවැති ප්‍රචාරක රැලියක් නීති විරෝධී බවට ලද පැමිණිල්ලක් මත එහි ගිය මඩකලපුව සහකාර මැතිවරණ කොමසාරිස්ට තර්ජනය කළැයි කියන දෙදෙනකු අද (6) අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සිද්ධියවූ අවස්ථාවේ හිස්බුල්ලා මහතා එම ස්ථානයේ නොසිටි බවත් සැකපිට කාත්තන්කුඩි හිටපු නගරාධිපති හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු අත් අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මෙවර ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන් ලෙස මොවුන් දෙදෙනා තරග කරන බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිසකගේ වැරදි විතරද නීතියට හසු වනන්නේ (ම)
නීතිය දැන් හොඳට ක්‍රියාත්මකයි. කාට වුණත් සාධාරනයි. (නි)
ලොක්කන්ගේ නම කැත කරන සොක්කෝ අත්අඩංගුවට ගන්න. (නදී)