2011 වසරේ ඊජිප්තු විරෝධතාකරුවන් ඝාතනය කිරීමට හවුල් වී යැයි වරදකරු වූ ඊජිප්තු හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ට (84) එරට අධිකරණයක් ජීවිතාත්තය දක්වා සිර දඩුවම් නියම කර ඇත. හොස්නි මුබාරක් ආඥාදායකයකු ලෙස රට පාලනය කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව ගොනාට අන්දමින් විරුද්ධ පක්ෂ රහසිගතව දුර්වල කරමින් එහි ඉන්න අයත් සල්ලි,අල්ලස් ලබාදී තමන්ගේ පැත්තට ගනිමින් කුමන්ත්‍රණ කාරී ලෙස බලය අත්පත් කරගෙන සිටින අපේ නායක කාරක කාරකාදීන්ටද මෙයින් අගනා පාඩමක් ඉගෙත ගත හැකි බව මම සිතමි. මෙහෙම කිව්වාට පස්සේ මාව පතුරු ගහන්න එපා කියාද අතිශය කාරුණිකව ඉල්ලා සිටිමි.
කොච්චර බලයෙන් පිම්මිලා මඳ කිපිලා උඩ යන්න හැදුවත් අපේ රටේ ඉන්න අයටත් කවදා හරි වෙන්නේ මේ ටිකම බව මතක තබා ගෙන වැඩ කටයුතු කලොත් හොඳයි.
ගොඩක් වෙලාවට මම දැකපු දෙයක් තමයි රටක දේශපාලනය එම රටේ බහුතර ජනතාවගේ බුද්ධි මට්ටම අනුව තීරණය වෙනවා කියන දේ.මන්ද බහුතර කැමැත්ත නිවැරද දේ නොවීම මත වැරදි දේ සමාජගතවීමේ වැඩි අවස්ථා තිබිය හැකි නිසා.ඒ නිසා මමත් වත්සලා මනෝහාරි දරණ අදහසට එකඟ වෙනවා.
වත්සලා මනෝහාරි,මමත් ඔබගේ අදහසට සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා.අද අපේ රටේ ඇතිවී තිබෙන විකෘති මහජන මතයට සම්පූර්ණයෙන්ම හේතුව ඒකයි.එසේම ස්ත්‍රියක ලෙස පිරිමියෙකුටත් වඩා අභීතව අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව ඔබට මාගේ අවංක ප්‍රණාමය පිරිනමමි.
වත්සලා මනෝහාරී හා විනූ උදානි සිරිවර්ධන සොයුරියන් දෙදෙනා පළ කළ අදහස් හා එකඟ වෙමි.නමුත් මම මගේ අදහස් වැඩිය කියන්න බයයි. මොකද අපි රඟපාන ටෙලි නාට්‍යයක් හරි විකාශය කරගන්න බැරි වෙනවා එහෙම වුනොත්.මොකද අපි ජීවත් වෙන්නත් එපෑයැ.අනික හැමදාමත් රඟ පාන්න බැහැනේ.රූපය තිබෙනකම් විතරයි ඔක්කොම.ඉතින් පුළුවන් කාලේ හරි හම්බ කරගන්න ඕනේ.ඒ නිසා මමත් ඒ අදහසට එකඟවුනාට මීට වඩා මුකුත් කියන්න බයයි..කවදා හරි අපේ රටේ යහපත් පාලන ක්‍රමයක් ඇතිවූ දවසට ඔවුන් හා අත්වැල් බැඳ ගැනීමට සූදානමින් සිටිමි.
විනූ උදාරි සිරිවර්ධන,මම දේශපාලනයට නම් එතරම් දැඩි කැමැත්තක් නැහැ. විද්වතෙකු,විෂය ප්‍රමාණිකයෙකු,ශාස්ත්‍රීය පර්යේෂකයෙකුථ මනෝ උපදේශකයෙකු ලෙස මට කළහැකි වැඩ කොටස රට වෙනුවෙන් සිදු කිරීමට මම කැපවී ක්‍රියාකරමි. කෙසේ වුවද ඔබ කාන්තාවන් වශයෙන් මෙබඳු ස්වාධීන අදහස් දැක්වීමට හා හෘදය ශාක්ෂියට අනුව කටයුතු කිරීමට පෙරට පැමිණීම වෙනුවෙන් මේ දිරිය දියණිවරුන්ට හදවත පතුලෙන් ප්‍රණාමය පුද කරමි.තෙරුවන් සරණයි..!!!
ගොඩක් කාලයකින් ප්‍රයෝජනවත් මාතෘකාවක් පිළිබඳව විද්වතෙකු සමඟ සාකච්ඡා කිරීමට ලැබීම පිළිබඳ මම සතුටට පත්වෙමි.ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා දේශපාලනය පැමිණෙනවා නම් ඒ පිළිබඳව සතුටට පත්වෙමි.මන්ද අද අපේ රට දේශපාලන මඩ ගොහොරුවේ කරවටක් එරී ඇති අතර මේ ක්ෂේත්‍රයට පිවිසෙන පුද්ගලයින්ගේ එකම අරමුණ මනුෂ්‍යත්වය පාගා දමා බලය අල්ලා ගැනීම බව ඉහත ප්‍රවෘත්තිය අනුවද පැහැදිලි වන හෙයින් ඔබතුමා වැනි අය අපේ දේශපාලන ක්ෂේත්‍රයේ සිටිය යුතු යැයි පුද්ගලයිකව මම කල්පනා කරමි.
වත්සලා මනෝහාරී,අනේ දුවේ මගේ විවේක කාලයේදී ඉඩමේ අඹ, රඹුටන්, පේර, ජම්බු, සැපතිල්ලා බඳු පළතුරු ගස් කීපයක් හා මඤ්ඤොක්කා පඳුරු තුන හතරක්ද වවාගෙන ඒවාට ආදරයෙන් සාත්තු සප්පායම් කොට රැක බලා ගැනීමෙන් මම කිසිසේත්ම නොදන්නා දේශපාලනය කරනවාට වඩා විශාල මානසික තෘප්තියක් හා සතුටක් ලබනවා.ඒ නිසා ඔයාගේ යෝජනාව ඉතාම ගෞරවයෙන් බැහැර කරනවා.දැන් රට පත්වෙමින් යන අඳුරු ආගාධය ගොඩ ගන්න එක්කෝ ලෝක විනාශය වත් සිදුවිය යුතු බවයි මගේ අදහස නැතිනම් කොයි මක්ක කරලා වත් මේ මිනිස්සු ටික හදා ගන්න බැහැ. එතරම් වර්තමානයේ මිනිස්සු පිරිහිලා..ඔබ වැනි තරුණ දරුවන් ආරක්ෂා විය යුතුයි..
උඩ තියන සේරම ලියලා තියෙන්නේ එක කෙනෙක් කියලා මට නම් හිතෙන්නේ. මෙයා මේ වැඩේ වෙන තැන වලත් කරනවා කියලා ආරංචියි! අනේ අපි තමයි මැට්ටෝ!
අපේ රටේ අයට හෙද පාඩම්
තව ටික කාලයකින් ඔහුගේ ආයුෂ ඉවර වෙයි. ඔය දඩුවම මදි නේද?
අපේ රටෙ හැටියට නම් හිරේ යවන්න ඕනේ දේශපාලකයින්ව නොවේ. ඒ අයට ඡන්දය දිපු අයවයි.
මෙයා ඇමෙරිකාවට කත් ඇදපු පොරක්
ලංකාවට වඩා හොඳ ජීවන මට්ටමක් ,ඊජිප්තුවේ, ලිබියාවේ සත්තකින්ම තිබුනා.නමුත් ජනතාව සටන් කරලා එලවලා දැම්මේ මේ නායකයන් හොරුන් සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී සුනඛයන් නිසයි.ලංකාවේ දේශපාලනය තුල මෝඩයන් සහ බුද්ධිමතුන් දෙගොල්ලම සිටිනවා.බහුතරය අඥාණ මැට්ටන්.ඔක්කොම හොරකම් කරන එකයි කරන්නේ
උඩ තියන දේ ලියලා තිබෙන්නේ මම නෙවෙයි..මම ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාට ප්‍රශංසා කරලා කමෙන්ට්ස් ලියූවම වෙන කෙනෙක් තරහට කළ වැඩක් ඒක.ඒ නිසා මා එක්ක තරහා වෙන්න එපා.
අපෙත් ඉන්නවා එක් කෙනෙක්. ජීවිතාන්තයටම හිර ගෙදර හරි, පන පිටින් උල තියන්න වටින.
කොච්චර බලයෙන් පිම්මිලා උඩ යන්න හැදුවත් අපේ රටේ ඉන්න අයටත් කවදා හරි වෙන්නේ මේ ටිකම බව මතක තබා ගෙන වැඩ කටයුතු කලොත් හොඳයි.
හැන්සම් කොල්ලෙක් යාළු වෙලා ඉන්නවා.එයා නම් කියන්නේ මේ වගේ සිදුවීම් වෙන්නේ ගෑනු අයගේ නැහැදිච්චකම නිසා කියලයි.මමත් පොඩ්ඩක් විතර දඟයි.එත් එයා කියන්නේ බැන්දට පස්සේ මාව එයාට ඕන විදිහට හරි ගස්සලා ගන්න එයා දන්නවා කියලා.එත් මම ගෑනුන්ට අතවර කරන පිරිමින්ට නම් ගොඩක් කැමති නැහැ.ඒත් මම හිතන්නේ පිරිමියෙක් වුනාම පොඩ්ඩක් ඒ වගේ තියෙන්න ඕනේ.නැතිනම් ඉතින් පිරිමිකමටත් ඒක හරි නැහැනේ.නේද?සමහර පිරිමි ඒ වගේ දේවල්වලට හරිම දක්ෂයි. කොහොම හරි ගෑනුන්ගේ එයාලට අවශ්‍ය දේ හොඳින් හරි නරකින් හරි ලබා ගන්න දන්නවා.මමත් ඒ වගේ පිරිමින්ට හරිම කැමතියි. එත් ඉතින් මහාචාර්යතුමා වගේ සිල්වත් අයට නම් මම පොඩ්ඩක් වත් කැමති නැහැ.මහ එපා කරපු බෝරින් හාදයෙක්ද කොහේද?උඩ කමෙන්ට්ස් දාලා තියෙන ගෑනු සේරම මිනිහට හිතවත් මට අල්ලන්නේ නැහැ ඒ වගේ දේවල්.
අචිනි දරුවෝ,මම දැන් වයසයි. ඒ නිසා අපි මේ පරම්පරාව මියෑදිලා ගියාට පස්සේ ඉදිරි ආනාගතය බාර ඔයාලටයි.ඉතින් දරුවෝ මෙහෙම රට විනාශ වෙනකොට වැඩිහිටියෙක් හැටියට මට හරිම දුකයි. සමහරු මගේ වයස ගැනවත් බලන්නේ නැතිව මට අපහාස කරනවා.එත් මට කමක් නැහැ. සමහරු මට ප්‍රශංසා කරද්දී සමහරු සැක කරනවා.තවත් අය මගේ හොඳ කියනවා.හොඳ කියනකොට ඒක බලන් ඉන්න අයට ඊර්ෂ්‍යා හිතෙනවා. වැඩියෙන් ගැහැණු හොඳ කියනවිට තවත් ගැහැණු අයට ඊර්ෂ්‍යා හිතෙනවා වැඩියි තමයි.මොනවා කරන්නද කවුරුවත් හරියට මාව දැකලා නැහැනේ.දැක්කා නම් මම ලියපු කියපු දේවල් ඇහුවා නම් මෙහෙම මාව විවේනය නොකරාවී.මේ වගේ අසහනකාරී පසුබිමක් පවතිද්දී මේ වගේ අපරාධ රටේ තැනින් තැන සිදුවීම පුදුමයකුත් නොවෙයි.
මට පොඩ්ඩක් පිස්සු. මොකද මම අංගොඩින් පැනලා එන ගමන්.මම කියන දේවල් වලට හිත රිදුනු අයට මම හරිම ආදරෙයි.
මෙයට වඩා ප්‍රකාශ නිකුත් කරලා දේශපාලනයට ආපු , රටට බන කියලා හමුදාවලට පන්සල්වලට නායක කම වලට උරුමකම් කියපු අයට අද වෙලා තියෙන දේ ගැන ආපසු හැරිලා බැලුවොත් අපට හිතාගන්න පුලුවන් .අපේ මිනිසුන් ජනප්‍රිය වෙන්න කියන දේවල්ම ක්‍රියාවේ නගන අය නෙවි .ඒවා තමන්ගේ බඩ කට වෙනුවෙන් කරන කතා විතරයි . අද බටහිර රටවල් තමන්ට අවනත නොවන රාජ්‍ය නායකයෝ මරල දානවා බැරිනම් හිරේට යවනවා .අපේ රටත් තවත් ලිබියාවක් ඊජිප්තුවක් කරන්න මිනිසුන්ගේ හිත් වලට විස බීජ පතුරුවන කොටසක් ඉන්නවා .චැනල් 4 වලට අසත්‍ය වාර්තා සපයා අපේ හමුදාව පාවාදුන් සිංහලයන්ට අද සිතන්න බැරි ඇයි සිංහලයෙක් විදිහට ?
නරකම නෑ, අපේ ගොයීන්ගේ අදහස් පොජ්ජ. මේකට මම යමක් කිව්වොත් සංස්කාරක තුමා සහමුලින්ම කපන නිසා කිව්වා කියල හිතා ගන්න.
ෂාමිනී පෙරේරා මහත්මිය සිටින්නේ වැරදි අදහසක.කරුණාකරලා ඔබගේ වැරදි නිවැරදි කරගෙන කතා කරන්න.ඔබ කතා කරන්නේ කාටද කියලා මුලින්ම නිවැරදිව වටහාගන්න.දෙවනුව කතා කරන්න.ඔයා මෙයා වගේ වචන මම ගැන දන්න කවුරුවත් මට භාවිතා කරන්නේ නැහැ.ඔයා හිතන්න එපා ඔයාගේ මහත්තයා වගේ හරි සහෝදරයා වගේ හරි තාත්තා වගේ හරි කියලා ලෝකේ ඉන්න සියලුම පිරිමි.නරක අය වගේම හොඳ අයත් ඉන්න බව මතක තබා ගන්න.ආගමික ශාස්තෘවරුන් අතර බහුතරය පිරිමි බවත් මතක තබා ගන්න.
අපේ රටේ අයට හොද පාඩම් !
අනේ ලංකාවේ ඉන්න මිනිස්සුම නේද ඡන්දෙ දිනවල යවන්නේ. දැන් ඡන්දෙ තිබ්බත් ඔච්චරම වේවි.ඊට පස්සේ බොරුවට කෑගහල වැඩක් නෑ නේද ? ඔක්කොම දුෂිත යන්ව යවන්නේ අපි.